Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියාව:කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් දිගටම


සිරියාවේ නැගෙනහිර හෝම්ස් ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල අතු ගා දැමීම සඳහා ආරම්භ කල මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.මෙම මෙහෙයුම් සඳහා සිරියානු අරාබි හමුදාව සහ රජයට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම් සහභාගී වේ.

සිය ගණනක් ත්‍රස්තවාදීන් සැඟව සිටින හෝම්ස් කාන්තාරයේ සිය සටන්කරුවන් ඒකාබද්ධ මෙහෙයුම්වල නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අල්-කුඩ්ස් නම් පලස්තීන සටන්කාමී කණ්ඩායම නිකුත් කර තිබේ.


පසුගිය දිනවල සිරියානු අරාබි හමුදාව සහ අල්-කුඩ්ස් බ්‍රිගේඩය නැගෙනහිර හෝම්ස් හි ත්‍රස්ත විරෝධී මෙහෙයුම් කිහිපයක් සිදු කලහ.ජාතික ආරක්ෂක බලකාය අලුත් භට පිරිස් මෙම ප්‍රදේශයට එවන්නට කටයුතු කලේය.

මෙම ප්‍රයත්නයන් හමුවේ පවා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නැගෙනහිර හෝම්ස් හි ප්‍රහාර සිදු කරති.මැයි 21දා අල්-සුක්නා නගරය ආසන්නයේදී රැක සිට එල්ල කල ප්‍රහාරයකින් සිරියානු සෙබලෙක් මරණයට පත් වූයේය.

 ඝාතනය කල සෙබලා සහ ඔහු පැමිණි යතුරු පැදිය



සිරියාවේ හෝම්ස් පළාතේදී,ඔත්තුකරුවන් යැ‍යි කියමින් පුද්ගලයින් කිහිපදෙනෙක් ඝාතනය කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මුදා හැර තිබිණි.





 






source:southfront.org

සිරියාව:කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් දිගටම සිරියාව:කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් දිගටම Reviewed by HarshaLulzSec on May 24, 2020 Rating: 5

No comments:

Powered by Blogger.