Support Our Blog

Shop on Daraz & help us create more content!

හෝම්ස් කාන්තාරයේ සැඟ වී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට රුසියානු ගුවන් ප්‍රහාර

මධ්‍යම සිරියාවේ හෝම්ස් කාන්තාරයේ තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල ඉලක්ක කර මැයි 27දා රුසියානු ගුවන් හමුදාවේ යුද ගුවන් යානා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කලහ.

එක්සත් රාජධානිය පදනම් කර ගත් මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය පවසන පරිදි ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන්නේ නිරිතදිග රක්කා ප්‍රදේශයටයි.එනම් හෝම්ස් කාන්තාරයේ ඊසානදිග කොටසයි.

මේ වෙද්දී ජාතික ආරක්ෂක බලකා නිරිතදිග රක්කා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල විනාශ කිරීම සඳහා මහා පරිමාණ මෙහෙයුම නිරත වී සිටිති.දින කිහිපයකට මත්තෙන් රුසියානු මාධ්‍යවේදී ඔලෙග් බ්ලොකින් මෙම මෙහෙයුමේ ඡායාරූප පෙළක් නිකුත් කර තිබිණි.



 









 




 





පසුගිය මාස කිහිපය තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් හෝම්ස් කාන්තාරයේ සිට බිහිසුණු ප්‍රහාර මාලාවක් දියත් කලහ.ඊට ප්‍රතිචාර වශයෙන් සිරියානු අරාබි හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් ඒකාබද්ධ මෙහෙයුම් ගණනාවක් සිදු කලෝය.

මෙම මෙහෙයුම් හමුවේ හෝම්ස් කාන්තාරයේ බොහොමයක් ප්‍රදේශ හැර යන්නට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සිදුව තිබේ.ත්‍රස්ත කණ්ඩායමට බරපතල හානි අත් විය.මධ්‍යම සිරියාව මුළුමනින්ම සුරක්ෂිත කිරීමට නම් මීට වඩා ප්‍රයත්න දැරීමට සිදුවේවි.




source:southfront.org

 
හෝම්ස් කාන්තාරයේ සැඟ වී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට රුසියානු ගුවන් ප්‍රහාර හෝම්ස් කාන්තාරයේ සැඟ වී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට රුසියානු ගුවන් ප්‍රහාර Reviewed by HarshaLulzSec on May 28, 2020 Rating: 5

No comments:

Powered by Blogger.