Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියානු යුද වාර්තාව - 2019 ජූලි 26

syrian-war-report-july-26-2019-russian-syrian-warplanes-rain-hell-on-militants-in-western-aleppo

ජූලි මස 25දා සිරියානු සහ රුසියානු ගුවන් හමුදාවල යුද ගුවන් යානා අල්-බවාබියහ්,අල්-අටාරිබ්,කම්මරි,අල්-බාර්කොම්,යුරෙම් අල්-කුබ්‍රා සහ කැෆ්ර් හලබ් ආදී ගම්මාන ආසනන්යේ සහ කදවුරු අංක 46 ආසන්නයේ සිටි හයාට් ටරිර් අල්-ෂාම් කාණ්ඩායමේ සහ එහි මිත්‍රයන්ගේ සටන්කාමීන් ඉලක්ක කර බෝම්බ හෙළන ලදි. සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ඔවුන් රැස්වන ස්ථාන සහ යුදමය යටිතල ව්‍යුහයන්ට සිරියානු හා රුසියානු ගුවන් හමුදා ගුවන් ප්‍රහාර දුසිම් ගණනක් එල්ල කර තිබේ.

ගුවන් ප්‍රහාර එල්ල වන අයුරු





උතුරු හමා හි සටන්කාමීන්ගේ ස්ථාන සහ යුදෝපකරණ ඉලක්ක කරගෙන සිරියානු සහ රුසියානු ගුවන් හමුදා එල්ල කරන ප්‍රහාර දැක්වෙන තවත් වීඩියෝ පටයක් ඇනා පුවත් සේවය ජූලින් 21දා පළ කර තිබිණි.

සටන්කාමීන් රැස් වන ස්ථාන,වාහන,හොවිත්සර,රොකට් විදින ආදිය ඉලක්ක කර ප්‍රහාර 11ක් එල්ල වන ආකාරය එහි දැකගත හැකිය.


පුවත් සේවය සඳහන් කරන පරිදි ජූලි 19 සහ 20 දිනවල මෙම ප්‍රහාර දියත් කෙරිණි.ඒ වෙද්දී හයාට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍ර කණ්ඩායම් සිරියානු අරාබි හමුදාවට එරෙහිව අලුත් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙමින් සිටියහ.

ප්‍රහාර එල්ල වීමට තිබුණේ ජූලි මස 21දා අලුයම් කාලයේදීය.කෙසේවෙතත්,පැය කිහිපයක් තුල ප්‍රහාරය අසාර්ථක විය.සිරියානු මූලාශ්‍රවලට අනුව එහිදී සටන්කාමීන් 19 දෙනෙක් මරා දමන්නටත්, යුද ටැංකි සහ වාහන හයක් විනාශ කිරීමටත් හමුදාව සමත් වූයේය.

පසුගිය සති කිහිපය තිස්සේ එල්ල වූ සිරියානු සහ රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් සටන්කාමීන්ට බරපතල හානි සිදු විය.නමුත් ඒ සියල්ල නොසලකා හරිමින් සටන්කාමීන් ඉඩ්ලිබ් අවට යුද වදිමින් සිටිති.

මෙම ගුවන් ප්‍රහාර දියත් කෙරුණේ ජූලි මස 24 දා ඇලපෝ හි නගර මධ්‍යස්ථානය වෙත එල්ල වූ රොකට් ප්‍රහාරවලින් සිවිල් වැසියන් තිදෙනෙක් මරණයට පත් වී තවත් බොහෝදෙනෙක් තුවාල ලැබීමත් සමගයි.රජයට පක්ෂපාතී ක්‍රියාකාරීන් චෝදනා කලේ ප්‍රහාරයට වගකිව යුත්තේ තුර්කියේ සහාය ලබන විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ හයාට් ටරිර් අල්-ෂාම් යන කණ්ඩායම් බවයි.


සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයේ ප්‍රතිඵල




උතුරු හමා කසබියාහ්හි ආසන්නයේදී සිරියානු අරාබි හමුදාවේ ඒකකයකට රැක සිට ප්‍රහාරයක් එල්ල කරන්නට සිය විශේෂ බලකා සමත් වූ බව එදිනම හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම නිවේදනය කලේය.හමුදා මූලාශ්‍රයක් මෙමෙ ප්‍රකාශය ප්‍රතික්ෂේප කල අතර සටන්කාමීන් සඳහන් කරන කාල සීමාවේ එවැනි කඩා වැදීමේ උත්සාහයක් වාර්තා නොවූ බවද පැවසීය.ඔවුන් පවසන ප්‍රහාරයේ ප්‍රතිඵල ප්‍රකාශ කරන්නට අසමත් වීම හරහා ප්‍රහාරය සැබෑ ලෙස සිදු වූවක් නොවන බව පෙනේ.

විවිධ ප්‍රමාණවල මෝටාර් උණ්ඩ 2,000කට වැඩි ගණනක් සහිත ගබඩාවක් දකුණුදිග ඩීර් එසෝර් ප්‍රදේශයෙන් සොයා ගන්නට සිරියානු අරාබි හමුදාව ජූලි මස 24දා සමත් වූයේය.සානා පුවත් සේවය සඳහන් කරන පරිදි අවි තොගය අල්-රාබා බලකොටුව ආසන්නයේ කසල සමග වළ දමා තිබිය දී සොයා ගන්නේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුවයි.




පසුගිය මාසයේදී දකුණුදිග රක්කා සහ නැගෙනහිර ඩීර් එසෝර් හි සිදු කල සෝදිසි මෙහෙයුම්වලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අවි නිෂ්පාදනාගාර දෙකක් සොයා ගත්තේය.ඊට අමතරව ත්‍රස්තවාදීන්ගේ කුඩා කණ්ඩායම් සැඟ වී සිටි ස්ථානයක් දකුණුදිග ඩීර් එසෝර් හි  අල්-කුරියාහ් නගරය ආසන්නයේදී හමුදාව විසින් සොයා ගත්තේය.කොතරම් මෙහෙයුම් සිදු කලද ඩීර් එසෝහි දකුණු ප්‍රදේශයේ තවමත් ත්‍රස්තවාදීන්ගේ තිප්පොල්වල් තිබේ.

ජූලි මස 21දා මධ්‍යම සිරියාවේ හෝම්ස් පළාත තුල පොස්පේට් ප්‍රවාහනය කරමින් සිටි දුම්රියක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.සිරියානු ප්‍රවාහන අමාත්‍යාංශය පවසන පරිදි දුම්රිය මර උගුලකට හසුවී තිබේ.ඉන්පසුව දුම්රියේ එන්ජිම සහ පොස්පේට් සහිත මැදිරිවල ගින්නක් හටගෙන ඇත.






මෙම පොස්පේට් කුනෙයිෆිස් පතලයේ සිට ප්‍රවාහනය කරමින්  සිටි ඒවාය.වසර 50ක කාලයක් දක්වා රුසියාවේ ස්ට්‍රෝයිට්‍රැන්ස්ගාස් සමාගමට පොස්පේට් පතල්වල ආයෝජනය කිරීමට පසුගිය වර්ෂයේදී සිරියානු පාර්ලිමේන්තුව කොන්ත්‍රාත්තුවක් සඳහා අනුමැතිය ලබා දුන්නේය.මෙම පතල්වලින් වසරකට පොස්පේට් ටොන් මිලියන 2.2ක් නිෂ්පාදනය කෙරේ.


හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධ සිරියානු අණදෙන නිලධාරියෙක් වූ මෂොව්ර් සෙයිඩාන් නැමැත්තා බටහිර ඩැමැස්කස් හිදී මරා දමා ඇතැයි සිරියානු මූලාශ්‍ර ජූලි 22දා තහවුරු කලේය.සෙයිඩාන් ජූලි මස 21 දා බටහිර ඩැමැස්කස් හි ආසන්නයේදී මරණයට පත් වන්නේ ඔහුගේ මෝටර් රථය ආසනන්යේ පතිත වූ නියාමක ප්‍රක්ෂිප්තයක් පිපිරී යෑමෙනි.එම ප්‍රහාරයෙන් වයස අවුරුදු තුනක දැරියක් මිය ගොස් කාන්තාවන් තිදෙනෙක් තුවාල ලැබීය.

මෂොව්ර් සෙයිඩාන්

හිස්බුල්ලා සංවිධානය ප්‍රාදේශීය හමුදා නායකයින් සමග සහයෝගයෙන් අල්-කුනිට්‍රා ප්‍රදේශයේ ජාලයක් පිහිටුවීමට ක්‍රියා කරන බව සහ තමන් එවැනි ගොඩනැංවීම් නොඉවසන බවද ඊශ්‍රායලය දිගින් දිගටම පැවසීය.

 ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය තුර්කි දේශසීමාවට සමීපව උතුරුදිග සිරියාවේ අල්-ඩර්බාසියාහ් නගරාසන්නයේ ගුවන් ධාවන පථයක්ද සහිතව අලුතින් විශාල කඳවුරක් ඉදි කරන බවට තොරතුරු වාර්තා වේ.ANF News නම් කුර්දි පුවත් මුලාශ්‍රය සඳහන් කරන පරිදි කඳවුරු භූමිය දෙසට ගොඩනැගිලි අමුද්‍රව්‍ය පටවා ගත් රථ ගණනාවක් ගමන් කරන අයුරු ප්‍රදේශවාසීන් නිරීක්ෂණය කර තිබේ.

අලුතින් ඉදිකෙරෙන කඳවුරේ චන්ද්‍රිකා ඡායාරූපද ට්විටර් වෙබ් අඩවියේ නිරීක්ෂකයෝ විසින් මුදා හරින ලදි.



ජූලි 24දා ඊශ්‍රායලය ආරක්ෂක හමුදා බටහිර ඩාරා හි ටෙල් අල්-හරාහ් සහ අල්-කුනීට්‍රා හි ටෙල් අල්-අමර් ප්‍රදේශවල සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කලහ.කෙසේවෙතත්,ප්‍රහාරයෙන් සිරියානු සෙබලුන්ට ජීවිත හානියක් සිදු වී නොමැත.සිරියානු මූලාශ්‍රවලට අනුව ප්‍රහාරය සඳහා "ස්පයික් NLOS" නම් ගොඩබිම්-ගොඩබිම් මිසයිල භාවිතා කර තිබේ.

"ස්පයික් NLOS" නම් ගොඩබිම්-ගොඩබිම් මිසයිල

ඊට අමතරව,හිස්බුල්ලා සංවිධානය මිසයිල තැනීමේ අමුද්‍රව්‍ය සහ අවි බේරූට් වරාය හරහා ජාවාරම් කරන බවට ඊශ්‍රායල ආරක්ෂක හමුදා චෝදනා එල්ල කරයි.ලුතිනන් කර්නල් අවිචෙයි අඩ්රේ පවසන පරිදි හිස්බුල්ලා සංවිධානය මෙය සිදු කරන්නේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකා සමග සහයෝගයෙනි.

වර්ධනය වන ඉරාන සහ හිස්බුල්ලා බලපෑමට ප්‍රතිවිරෝධය දැක්වීම මත පදනම්ව කලාපයේ ඊශ්‍රායල පොදු ප්‍රතිපත්තිය සකස් වී ඇති බව මෙමගින් පෙනේ.ලෙබනනයේ හිස්බුල්ලා මිසයිල ස්ථානගත කර තිබෙන ස්ථානවලට පවා පහර දෙන්නේ යැ‍යි 2018 වර්ෂයේදී ඊශ්‍රායල බලධාරීන් තර්ජනය කලහ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජූලි 26 සිරියානු යුද වාර්තාව - 2019 ජූලි 26 Reviewed by HarshaLulzSec on July 27, 2019 Rating: 5

No comments:

Powered by Blogger.