අල්-සුවයිඩා පළාතේ ස්ථානගත වී සිටින සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා ඉලක්ක කරගෙන ජූලි මස 25 දා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන ලදි.ප්‍රහාරය සඳහා ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් හයදෙනෙක් පමණ යොදා ගත් අතර ඔවුන් ෂ්භිකි,ෂුරේහි,රාමි සහ ඩූමා යන ගම්මාන කෙටි කාලයකට සිය අණසකට නතු කරගන්නට සමත් විය.රජයේ හමුදා විසින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් මරා දමා එක් අයෙක් අල්ලා ගත් අතර අහිමි වූ ගම්මාන බලය පැය කිහිපයක සටනකින් පසුව නැවත ලබා ගත්හ.සටන් වලින් අවම වශයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු 15 දෙනෙක් වත් මිය යන්නට ඇතැයි සැලකේ.
කෙසේවෙතත් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සිවිල් වැසියන්ටද හානි සිදුවිය.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 150 පමණ පිරිසක් මරණයට පත් ඇත.තුවාල ලැබූ ගණන නොදනියි.
මධ්‍යම සිරියාවේ කාන්තාර ප්‍රදේශවල තවමත් මෙහෙයුම් සිදු කරන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තිප්පොලවල්වලට එරෙහි මහා පරිමාණ මෙහෙයුමක් දියත් කර කලින් මුදා ගත් ප්‍රදේශ සුරක්ෂිත කිරීම වහාම සිදු කල යුතු බව මෙම දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරය හරහා පෙනෙන්නට තිබේ.
කුනීට්‍රා පළාතේ ඉතිරිව සිටින නිදහස් සිරියානු හමුදා සාමාජිකයෝ ඔවුන්ගේ අවි සිරියානු අරාබි හමුදාවට භාර දීම ජූලි මස 25 දා ආරම්භ කරන ලදි.මේ දක්වා ඔවුන් බී එම් පී-1 පාබල හමුදා ප්‍රහාරක රථයක්,ඒ එම් බී-එස් සන්නාහ සන්නද්ධ ගිලන් රථයක්,වැඩි දියුණු කල ග්‍රාඩ් මල්ටිපල් රොකට් විදිනයක්,ඩී-30 112 මි.මී. හොවිත්සරයක් සහ ආර් ජී-31 නියාල් බිම්බෝම්බ ප්‍රතිරෝධී රථයක් භාර දී තිබේ.
කැරලිකරුවෝ සිය බර අවි සහ මධ්‍යම ප්‍රමාණයේ අවි භාර දුන් වහාම,කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබෙන ඉඩ්ලිබ් සහ ඇලපෝ පළාත්වල ප්‍රදේශයට යෑම හෝ ඩැමැස්කස් රජයේ අවසරය සහිතව නීත්‍යානුකූලව දකුණුදිග සිරියාවේම පදිංචි වීම යන විකල්පයන් දෙකෙන් එකක් තෝරා ගත හැකිය.මේවන විට දකුණුදිග සිරියාවේ නිදහස් සිරියානු හමුදාව සහ හයාට් ටරිර් අල්-ෂාම් සංවිධානය යටතේ පැවතුනු ප්‍රදේශ සිරියානු අරාබි හමුදාව විසින් මුදා ගෙන ඇත.
ඊට සමගාමීව නැගෙනහිර ගෝලාන් උස්බිම් හි සයිඩා අල්-ගෝලාන් ,කාන් සයිඩා,අල්-ලුව්බයිඩ්,අල්-මුකසිස් යන ගම්මාන සහ ජුලේන් නගරය ආසන්නයේ නිවාස සංකීර්ණයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සිරියානු අරාබි හමුදාව සමත් විය.හමුදාවේ ඉදිරි ගමනට රුසියානු සහ සිරියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක සහායද හිමි විය.
ජුලේන් නගරය අවට සිටි සිරියානු අරාබි හමුදා ඉලක්ක කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු එල්ල කල මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් රජයට පක්ෂපාතී සටන්කරුවන් දුසිම් ගණනක් මිය යන්නට සහ තුවාල ලබන්නට ඇතැයි ත්‍රස්තවාදීන්ගේ අමාක් නම් පුවත් සේවය වාර්තා කලේය.කෙසේවෙතත් ජීවිත හානි තහවුරු කිරීමට අවශ්‍ය වීඩියෝ හෝ ඡායාරූප සාක්ෂි නොමැත.
එදිනම ඊශ්‍රායල ආරක්ෂක හමුදා දකුණුදිග සිරියාවට ප්‍රහාර මාලාවක් දියත් කලේ,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ සිරියානු අරාබි හමුදාව අතර ගැටුම් අතරතුර දියත් කල රොකට් දෙකක් ඊශ්‍රායල පාලනයට නතු ගෝලාන් උස්බිම් වෙත පතිත වීම නිසාය.
ඊශ්‍රායල ගුවන් යානයකින් එල්ල කල ප්‍රහාර හේතුවෙන් එක් රොකට් විදිනයක් විනාශ වූ අතර එය තිබූ ප්‍රදේශයට ඊශ්‍රායලය කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.සමහර වාර්තාවලට අනුව මෙම රොකට් විදිනය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අයත් එකකි.ගෝලාන් උස්බිම් වල නැගෙනහිර ප්‍රදේශයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කල දුර්ලභ අවස්ථාවලින් එකක් ලෙස මෙය හැදින්විය හැකිය.
ඒ අතරතුර ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ඩීර් එසෝර් හි නැගෙනහිර ප්‍රදේශයේ රවූඩා නිම්නයේ කි.මී. 35ක් ඇතුලට ගමන් කරන්නට සමත්ව තිබේ.කුර්දීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල්වලට එරෙහි මෙහෙයුම ඉරාක හමුදාව සමග සම්බන්ධීකරණයක් සහිතව සිදු කරයි.
source:southfront.org

![]() |
| D-30 122-mm හොවිත්සරය |
![]() |
| AMB-S සන්නාහ සන්නද්ධ ගිලන් රථය |
![]() |
| BMP-1 පාබල හමුදා ප්‍රහාරක රථය |
![]() |
| Grad රොකට් විදිනය |
![]() |
| RG-31 Nyala රථය |

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 26
Reviewed by HarshaLulzSec
on
August 01, 2018
Rating:
Reviewed by HarshaLulzSec
on
August 01, 2018
Rating:

No comments: