Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියානු යුද වාර්තාව - 2019 මාර්තු 22

syrian-war-report-march-22-2019-russian-attack-helicopters-purge-militants-in-north-hama

රුසියානු ගුවන් හමුදාව නොනවත්වා ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ ත්‍රස්තවාදීන්ගේ යටිතල ව්‍යුහයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින බව බිම් මට්ටමේ වාර්තා සඳහන් කරයි.

මාර්තු මස 21දා රුසියාවට අයත් යැ‍යි සැක කෙරෙන යුද ගුවන් යානා ජිසර් අල්-ෂුගුර් නගරය ආසන්නයේ සහ වයඹදිග ඉඩ්ලිබ් හි ෆ්‍රිකේහ් නගරය මෙන්ම ඉඩ්ලිබ් පළාතේ දකුණු ප්‍රදේශයේ ෂෙයික් මුස්ටෆා,කෆර් රුමාහ්,මාර් ටරුමා,අල්-හමිඩියා,හිෂ්,බිසිඩා,ෆකී,කසබියාහ් සහ ටලස් යන නගරවල සටන්කාමීන්ගේ ඉලක්ක වෙත පහර දුන්හ.

ඊට අමතරව රුසියාවට අයත් Mi-24P ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 2ක් උතුරු හමා හි ලටාමිනාහ් නගරාසන්නයේ සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන ලදි.

සටන්කාමීන්ට සහ ඔවුන්ගේ යටිතල ව්‍යුහයන්ට සිදු වූ හානි සම්බන්ධව සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර විසින් සපයා තිබෙන්නේ තොරතුරු සුළු ප්‍රමාණයකි.ඔවුන්ට අනුව එම ප්‍රහාර සියල්ලම බේකරි සහ රෝහල් ඉලක්ක කරගෙන එල්ල වී තිබේ.අනෙක් පසින් සිරියානු රජයේ හමුදාව පවසන්නේ ප්‍රහාරවල ඉලක්ක වූයේ හයාට් ටරිර් අල්-ෂාම්,ජයිස් අල්-ඊසා සහ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය ආදී අන්තවාදී කණ්ඩායම්වලට අයත් ආරක්ෂක විධිවිධාන,මූලස්ථාන,සන්නිවේදන මධ්‍යස්ථාන සහ උණ්ඩ ගබඩා බවයි.

 අලුතින් මුදාගත් උතුරුදිග හමා හි සිදු කල සෝදිසි මෙහෙයුමකදී සිරියානු අරාබි හමුදාව අවි ගබඩා කිහිපයක් සොයා ගන්නට සමත් වූයේ යැ‍යි සානා පුවත් සේවය මාර්තු 21දා වාර්තා කරන ලදි.

එම අවි අතර RPO-A තර්මෝබැරික් රොකට් විදින, RPG-26 යුද ටැංකි නාශක රොකට් ප්‍රචාලන බෝම්බ,RPG-18 යුද ටැංකි නාශක රොකට් ප්‍රචාලන බෝම්බ,මැෂින් තුවක්කු,උණ්ඩ,පුපුරණ ද්‍රව්‍ය සහ චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතීන් තිබිණි.

දින දෙකකට ප්‍රථමව සිරියානු අරාබි හමුදාව උතුරු හමා හි ටැල්බිසෙයි නගරයෙන් උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය අඩංගු විශාල ගබඩාවක් සොයා ගත්තේය.






අත්හදා බැලීමේ අරමුණින් යුතුව Mi-28NM ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක මූලාකෘතියක් සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට ගෙනැවිත් ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කලේය.Mi-28NM යනු Mi-28N "Night Hunter - නිශාචර දඩයක්කරු" නම් හෙලිකොප්ටර් යානයේ වැඩි දියුණු කල මොඩලයකි.අලුත් මොඩලයට වෙනස් වූ නාසයක්,නව අවි පාලන පද්ධතියක් සහ නවතම රේඩාර් පද්ධතියක් ඇතුලත් වේ.එසේම මෙම යානයට උසස් නිරවද්‍යතාවයක් සහිත නියාමක අවි භාවිතා කල හැකිය.

වාර්තාවලට අනුව හෙලිකොප්ටරයේ අලුත්ම උපාංග සහ අවි සිරියානු කාන්තාරයේ ඉහළ උෂ්ණත්ව තත්ත්ව සහ දූවිලි කුණාටු හමුවේ අත්හදා බැලීමට රුසියානු හමුදාව සැලසුම් කර තිබේ.

Mi-28NM හෙලිකොප්ටර් යානය "ආර්ටිකල් 305" නමින් හඳුන්වන නවතම නියාමක මිසයිලයෙන් සන්නද්ධ යැ‍යි රුසියානු ටාස් පුවත් සේවය පසුගිය දා වාර්තා කර තිබිණි.මෙම මිසයිලය සතුව ඉලෙක්ට්‍රො-ප්‍රකාශ සොයනයක්,අභ්‍යන්තර මාර්ගෝපදේශන පද්ධතියක් ඇති අතර මෙහෙයුම පරාසය කි.මී.25කට වැඩි යැ‍යි සඳහන් වේ.නවතම මිසයිලය සිරියාවේදී අත්හදා බලාවි දැයි පැහැදිලි නැත.

 සටන්කාමීන්ගේ පාලනය යටතේ තිබෙන උතුරු හමා ප්‍රදේශයේදී සිය සටන්කරුවන් විසින් රුසියානු "ඔර්ලන්-10" වර්ගයේ ඩ්‍රෝන් යානයක් බිම හෙළු බව ජයිස් අල්-ඊසා සටන්කාමීන් මාර්තු මස 22 දා කියා සිටියහ.

සටන්කාමීන් මි.මී. 23 හි සෝවියට් ZU-23-2 ගුවන් යානා නාශක අවියක් යොදාගෙන ඩ්‍රෝන් යානය බිම හෙළන වීඩියෝවක් ජයිස් අල්-ඊසා කණ්ඩායම නිකුත් කරන ලදි.


ඔර්ලන්-10 යනු පැය 16 ක් දක්වා ගුවනේ රැදී සිටිය හැකි මෙහෙයුම් පරාසය කි.මී. 140ක් වන ඩ්‍රෝන් යානයකි.මෙම යානයට ඔත්තු බැලීම,ත්‍රිමාණ සිතියම්කරණය,ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමය සහ සන්නිවේදන ප්‍රතිප්‍රචාරණය ආදී මෙහෙයුම් සඳහා ගැලපෙන එකිනෙකට වෙනස් සංවේදක උපාංග රැගෙන යා හැකිය.

සිරියානු යුද්ධයේදී රුසියානු ගුවන් හමුදාව ඔර්ලන්-10 ඩ්‍රෝන් යානා සියලුම පෙරමුණවලදී බහුලව භාවිතා කරන ලදි.2015 නොවැම්බර් මාසයේදී බිම හෙළු සුකොයි-24 එම් 2 බෝම්බ හෙළන යානයේ සුන්බුන් සොයා ගැනීමටත්,සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයට පතිත වූ දිවිගලවා ගත් යානයේ නියමුවා වහා සොයා ගැනීමටත් උදව් වූයේ ඔර්ලන්-10 යානයකි.


මේ වෙද්දී යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ සියලු ප්‍රතිරෝධයන් මැඩලීමට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ ඇමෙරිකා ඇතුලු සන්ධානය සමත්ව ඇත.නොබෝදා මුදා ගත් බගුස් ආසන්නයේ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මකය.ඉදිරි දිනවලදී කුර්දි සටන්කාමීන් හෝ සන්ධානය සිය ජයග්‍රහණය නිවේදනය කරනු ඇත.

 අල්-බගුස් අල්-ෆව්කානි නගරයට උතුරු දෙසින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 300කට වැඩි පිරිසක් සැඟවී සිටි විශාල ගුහාවක් සොයා ගන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සමත් වූ බව මාර්තු මස 22දා මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය වාර්තා කරන ලදි.

මහා බ්‍රිතාන්‍යය මුල් කර ගත් මෙම නිරීක්ෂණ කණ්ඩායමට අනුව යුප්‍රටීස් නිම්නය මධ්‍යයේ සිදු කෙරෙන මෙහෙයුම අතරතුර ගුහාව අනාවරණය කර ගන්නට හැකි විය.ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයේ යුද ගුවන් යානා ගුහාව ඉලක්ක කරගෙන එල්ල කල ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.විපක්ෂ ක්‍රියාකාරීන් ගුවන් ප්‍රහාරයේ ඡායාරූප නිකුත් කර තිබිණි.



ගෝලාන් උස්බිම් වල ඊශ්‍රායල ස්වාධිපත්‍යය සම්පුර්ණයෙන් පිළිගැනීමට ඇමෙරිකාවට කාලය පැමිණ ඇතැ‍යි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු මස 21දා ප්‍රකාශ කලේය.

"වසර 52කට පසුව උපායමාර්ගිකව සහ ආරක්ෂාව අතින් අතින් ඊශ්‍රායලයට සහ කලාපීය ස්ථාවරත්වයට වැදගට්, ගෝලාන් උස්බිම් හි ඊශ්‍රායල ස්වාධිපත්‍යය පිළිගැනීමට එක්සත් ජනපදයට කාලය පැමිණ තිබේ." යැයි ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

සෙනට් සභික ලින්ඩ්සේ ග්‍රැහම් ඇතුලුව ඇමෙරිකානු දේශපාලනඥයෝ කිහිපදෙනෙක් දැනටමත් මෙම අදහසට සිය සහාය පළ කර තිබේ.ට්‍රම්ප් රජයේ පුර්ව ක්‍රියාමාර්ග ගැන සලකා බලද්දී ,යටත් කර ගත් ගෝලාන් උස්බිම් ඊශ්‍රායලයේ කොටසක් වීමේ ක්‍රියාමාර්ගය විය හැක්කකි.ඒ ඔස්සේ කලාපය තුල අලුත් අර්බුදයක් වර්ධනය විය හැකිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 මාර්තු 22 සිරියානු යුද වාර්තාව - 2019 මාර්තු 22 Reviewed by HarshaLulzSec on March 26, 2019 Rating: 5

No comments:

Powered by Blogger.