පෙබරවාරි මස 18දා ඉඩ්ලිබ් නගරයේ සිදුවූ පිපිරීමකින් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ නායක අබු මුහම්මඩ් අල්-ජුලානිගේ හිසෙහි කාලතුවක්කු උණ්ඩයක කැබැල්ලක් වැදීමෙන් තුවාල ලබා තුර්කියේ හටායි පළාතේ ඇන්ටකියා හි රෝහලකට ඇතුලත් කල බව තුර්කි වෛද්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් රුසියානු රජයේ මාධ්‍ය පෙබරවාරි 19දා වාර්තා කර තිබිණි.වාර්තාවට අනුව ත්‍රස්තවාදී නායකයා තවමත් සිහිමූර්ඡා තත්ත්වයෙන් පසුවේ.
මේ දක්වා සිදුවීම සම්බන්ධව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම අදහස් දැක්වීමක් සිදු කර නොමැත.ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල වැඩිම බලපෑම කල හැකි "විපක්ෂ කණ්ඩායම" වන්නේ මෙම ත්‍රස්තවාදී කණ්ඩායමයි.සටන් විරාමයට ඇතුලත් නොවුනද හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ භූමියෙන් 80% පමණ ප්‍රතිශතයක් පාලනය කරයි.
![]() |
| අබු මුහම්මඩ් අල්-ජුලානි |
අල්-ජුලානි බරපතල අයුරින් තුවාල ලබා ඇත්නම්,ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම යටතේ තිබෙන යම් ප්‍රදේශයක බලය තුර්කියේ ප්‍රොක්සි හමුදාවන් වෙත නතු කර ගැනීමට අවස්ථාවක් උදා වී තිබේ.ඒ හරහා යුද මුක්ත කලාපය තුල තවමත් මධ්‍යස්ථ කැරලිකරුවන් සිටින බව පෙන්වන්නට තුර්කියට හැකිවේ.ඉඩ්ලිබ් හි පාලනය සියතට ගැනීම සඳහා මෙම සිදුවීම ,තුර්කියේ ජාතික බුද්ධි තොරතුරු සංවිධානය විසින් සැලසුම් කරන්නට ඇතැයි සමහර විශේෂඥයෝ අනුමාන කරති.
රජයට පක්ෂපාතී හමුදා විසින් ඩැමැස්කස් පළාතේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ග්‍රාඩ් රොකට් සිය ගණනක්,ඇමෙරිකානු යුද ටැංකි නාශක මිසයිල සහ ඊශ්‍රායලයේ මි.මී.128 රොකට් විශාල ප්‍රමාණයක් ඇතුලුව අවි සහ උණ්ඩ තොගයක් සොයා ගන්නට හැකි විය.
ඊශ්‍රායලයේ ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් සමාගම පෙබරවාරි 19දා නිකුත් කල නවතම චන්ද්‍රිකා ඡායාරූපයක සිරියානු එස්-300 මිසයිල පද්ධති මස්යාෆ් ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙන අයුරු දැක ගත හැකිය.එම ඡායාරූපය සහ සමාගම සපයන තොරතුරු වලට අනුව එස්-300 පද්ධතියේ මිසයිල දියත් කිරීමේ රථ 4න් 3ක් මෙහෙයුම් කිරීමට සඳහා සූදානමින් තිබේ.
මීට පෙර මෙම සමාගම මස්යාෆ් හි තවත් චන්ද්‍රිකා ඡායාරූප පෙළක් පෙබරවාරි 5දා මුදා හැරි තිබිණි.පළමුවරට සිරියානු එස්-300 පද්ධතිවල මිසයිල දියත්කරණ සිරස් ඉරියව්වේ තිබෙන අයුරු දැක්වුනේ එම ඡායාරූපවලයි.එහිදී අනුමාන කලේ රුසියාව ලබා දුන් ගුවන් ආරක්ෂක පද්ධතීන් සක්‍රීය බවයි.
යුප්‍රටීස් නිම්නයේ අවසන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී පොකට්ටුව මේ දක්වා මුලුමනින්ම මුදාගෙන නොමැති බව වාර්තා වේ.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සිරියාව තුල තවත් අවුල් ජාලයක් නිර්මාණය කිරීමට සූදානම් වෙමින් සිටිති.නොබෝදා ඔවුන් නිකුත් කල ප්‍රකාශයක පහත කරුණු ඇතුලත් විය.
- තමන් ඉතිරිව තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තිප්පොලවල් විනාශ කරනවා.
- තුර්කිය යනු බලහත්කාරයෙන් සිරියානු භූමිය අල්ලාගෙන සිටින්නෙකි.නමුත් අන්කාරා රජය සමග සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගන්නට තමන් සූදානම්ය.
- "ජාත්‍යන්තර අධීක්ෂණය" යටතේ ඊසානදිග සිරියාවේ ආරක්ෂිත කලාපයක් පිහිටුවීමට සූදානම්ය.
- ඩැමැස්කස් රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් මුත්,සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි විශේෂත්වය සහ "ඊසානදිග සිරියාවේ ස්වාධීනත්වය" සිරියානු රජය විසින් පිළිගත යුතුය.
- අෆ්රින් නැවත අල්ලා ගැනීමට කැප වෙනවා.
කුර්දි සටන්කාමීන්ගේ මෙම ප්‍රකාශයෙන් පෙන්නේ ඔවුන් තවදුරටත් ඇමෙරිකානු හමුදා සීඝ්‍රයෙන් යෑම හෝ අනිවාර්යය ඉවත් යෑම අපේක්ෂා නොකරන බවයි.ඒ නිසා සිරියානු යුද්ධයේ අනෙකුත් මැදිහත්කරුවන් හමුවේ සිය දැඩි ස්ථාවරය වෙනස් නොකරන්න කුර්දි බෙදුම්වාදීන් තීරණය කර තිබේ.
source:southfront.org
සිරියානු යුද වාර්තාව - 2019 පෙබරවාරි 19 - 20
Reviewed by HarshaLulzSec
on
February 23, 2019
Rating:
Reviewed by HarshaLulzSec
on
February 23, 2019
Rating:









No comments: