Support Our Blog

Shop on Daraz & help us create more content!

වෙනසුවෙලාවේ ආණ්ඩු පෙරළිය:හමුදාවෙන් පලායන්නෝ,රුසියානු කුලී හේවායෝ සහ අතුරුදහන් වන රත්‍රන්


පසුගිය දින කිහිපය තුල වෙනසුවෙලාහි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල සැර බාල වී ගියේ ඇමෙරිකාව ප්‍රමුඛ කඳවුර ප්‍රසිද්ධියේ සහ රහසිගතව උද්ඝෝෂකයෝ ධෛර්යමත් කිරීමට ගන්නා ලද උත්සාහයන් නොසලකා හරිමින්ය.කෙසේවෙතත් අර්බුදය තවදුරටත් ඉදිරියට ඇදෙමින් තිබෙන්නේ මැඩුරෝ රජයත්,ඇමෙරිකාව ප්‍රමුඛ කඳවුරේ සහාය ලබන රජයේ එදිරිවාදීනුත් අතර මාධ්‍ය හරහා සිදුවන තීව්‍ර ගැටුම හරහාය.

වෙනසුවෙලාවේ "නිදහස" ආරක්ෂා කිරීමට තමන්ව සන්නද්ධ කරනන් යැ‍යි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආයාචනා කරන "වෙනසුවෙලා හමුදා සේවයෙන් පලා ගිය" දෙදෙනෙක් පෙනී සිටින සම්මුඛ සාකච්ඡාවක් ඇමෙරිකාවේ CNN පුවත් නාලිකාව ජනවාරි මස 29දා විකාශනය කරන ලදි.හමුදාවෙන් පලා යන්නට සූදානමින් සිටින සිය ගණනක් WhatsApp සමාජ ජාලය හරහා සම්බන්ධ කරගෙන සිටින බව කියන මොවුන්,ජනපති නිකලස් මඩුරෝගේ රජයට එරෙහිව කැරැල්ලක් ඇති කිරීම සඳහා එක් වන්න යැ‍යි වෙනසුවෙලා සෙබලුන්ගෙන් ඉල්ලා සිටිති.

Venezuelan army defectors according to CNN
සම්මුඛ සාකච්ඡාවට එක් වූ වෙනසුවෙලා හමුදාවේ හිටපු සාමාජිකයන් යැ‍යි කියා ගන්නා දෙදෙනා

"වෙනසුවෙලා සෙබලුන් වශයෙන්,අපි සහාය ඉල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආයාචනයක් කරනවා,කාර්ය සාධන කොන්දේසි,සන්නිවේදනයත් සමග අවි ලබා ගන්නට,වෙනසුවෙලාවේ නිදහස ලබා ගන්නට එවිට අපිට හැකිවෙනවා" යනු හමුදාවෙන් පලා ගිය,ගිලන් මාර්ටීන්ස් CNN නාලිකාවට පැවසීය.හිඩල්ගෝ අසුවාජේ නැමැති අනෙක් පුද්ගලයා කීවේ,"අපිට අවශ්‍ය එක්සත් ජනපදයේ සහාය පමණක් යැ‍යි අපි කියන්නේ නැහැ,නමුත් මෙම ආඥාදායකත්වයට එරෙහි බ්‍රසීලය,කොලොම්බියාව, පේරු,අනෙකුත් සියලු සහෝදර රාජ්‍යයන්ගේ සහාය අවශ්‍යය" බවයි.

FAN
නිල ඇදුමේ ලාංඡනවල FAN යනුවෙන් දක්වා ඇති අයුරු

මෙම විඩියෝපටය පුරාවට පෙනෙන්නට තිබුණේ මෙම පුද්ගලයෝ නොබෝදා හමුදාවෙන් පලාගොස් ඇති බවත්,දැන් ඔවුන් අනෙක් අයටද තම මාර්ගය අනුගමනය කරන්න යැ‍යි කියන බවත්ය.කෙසේවෙතත් මේ සිදුවීමේ රැවටීමක්ද තිබේ.ඔවුන් දෙදෙනාගේ නිල ඇදුමේ තිබෙන ලාංඡනවල දැක්වෙන්නේ FAN හෙවත් Fuerza Armada Nacionales - ජාතික සන්නද්ධ හමුදා යන්නයි.නමුත් එම රටාව යල්පැන ගිය එකකි.එනම් දැනට භාවිතයේ නොමැත.වර්තමානයේ වෙනසුවෙලා සෙබලුන් භාවිතා කරන්නේ FANB හෙවත් Fuerza Armada Nacional Bolivariana - බොලිවරියන් ජාතික සන්නද්ධ හමුදා යන වචන පෙළ සහිත ලාංඡනයකි.පෙනෙන හැටියට මෙම "වෙනසුවෙලා හමුදාවෙන් පලායන්නන්" කෙසේහෝ B අක්ෂරය සිය නිල ඇදුමෙන් හලාගෙන තිබේ,නැති නම් සම්පුර්ණ සම්මුඛ සාකච්ඡාවම දැනට රටින් පිටත ජීවත් වන වෙනසුවෙලා හමුදාවේ හිටපු සාමාජිකයින් යොදාගෙන සිදු කල එකකි.එසේත් නැත්නම් මොවුන් නළුවන්ය.

Fuerza Armada Nacional Bolivariana
වර්තමාන වෙනසුවෙලා හමුදා නිල ඇදුමේ FANB ලෙස දැක්වෙන ලාංඡනය

මෙම සම්මුඛ සාකච්ඡාව එළිබහින්නේ මඩුරෝ රජයට එරෙහිව එක්සත් ජනපදය දේශපාලනිකව,මාධ්‍ය සහ සම්බාධක හරහා දැඩි පීඩනයක් එල්ල කරන අතර වාරයේදීය.වෙනසුවෙලාවට මායිම් තිබෙන ඇමෙරිකානු මිත්‍ර රාජ්‍යයක් වන කොලොම්බියාවේ ඇමෙරිකානු සෙබලුන් 5,000ක් යෙදවීම සම්බන්ධව අභිරහස් සටහනක් සහිතව ලේඛනයක් අතැතිව සිටින ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පසුගියදා මාධ්‍යවල අවධානයට ලක්ව තිබිණි.මෙම වාතාවරණය යටතේ,මහා පරිමාණ හමුදා කැරැල්ලක් හෝ අවම වශයෙන් හමුදාව තුල විපක්ෂයක් නිර්මාණය කිරීම;වෙනසුවෙලාවේ රජය පෙරළා දැමීමේ පුලුල් කාර්යය සඳහා ප්‍රයෝජනවත් මෙවලමක් බවට පත් වේවි.අනෙක් අතට,CNN විලාශයේ වැඩසටහන් වල උදව්වෙන් මේ දක්වා එක්සත් ජනපදය සහ එහි අතකොළු,වෙනසුවෙලා හමුදා සාමාජිකයන්ගේ සහාය මිලදී ගැනීමේ කාර්යයේදී අත් කර ගෙන තිබෙන්නේ සුළු සාර්ථකත්වයකි.

5,000 US troops to Colombia
ජෝන් බෝල්ටන්

5,000 US troops to Colombia
මාධ්‍ය අවදානය දිනාගත් ලිපිය-සමීප දර්ශනයක්

වෙනසුවෙලා මහ බැංකුවේ තිබූ ඇ.ඩො.මිලියන 840 ක් වටිනා රත්‍රන් දඩු 20ක් හොර රහසේ රටින් පිට කිරීම සඳහා රුසියානු නෝර්ඩ්වින්ඩ් ගුවන් ප්‍රවාහන සමාගමේ බොයින් 777 වර්ගයේ යානයක් ජනවාරි මස 28දා කරැකස් නගරයට පැමිණි බව වෙනසුවෙලා නීති සම්පාදකයෙක් වන ජොසේ ගුයෙරා ජනවාරි මස 29දා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි.මේ සම්බන්ධව ඔහුගෙන් ප්‍රශ්න කල විට එම සිදුවීම සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් සැපයීමට ඔහු අසමත් විය.ජනවාරි මස 30 වෙද්දී මෙවැනි ආකාරයේ උණුසුම් පුවත් සහිත ශීර්ෂ පාඨවලට බොහොමයක් මුඛ්‍ය ධාරාවේ මාධ්‍යවල ප්‍රමුඛත්වය හිමිව තිබිණි.

Boeing 777 of Russia’s Nordwind Airlines
කටකතාවලට පදනම් වූ කරැකස් නගරයේ සයිමන් බොලිවර් ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි රුසියානු ගුවන් යානය

විපක්ෂයට පක්ෂපාතී මාධ්‍ය අතර ඉතා ප්‍රසිද්ධ,මෙම කතාවේ තවත් සංස්කරණයක් වන්නේ එම ගුවන් යානය මොස්කව් හි සිට කෙලින්ම වෙනසුවෙලාව වෙත රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් කණ්ඩායමක් රැගෙන ආ බවයි.ඒ මඩුරෝ රජයට සහාය දීම සඳහාය.ක්‍රෙම්ලිනයට සම්බන්ධ පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් 400කට ආසන්න පිරිසක් වෙනසුවෙලාවට පැමිණ ඇතැයි පළ වූ වාර්තාවලින් මෙම පුවතට තටු ලබා දී තිබේ.


වර්ධනය වන අර්බුදය පුරවැසි පත්‍ර කලාවේ දියුණුවත් සමග එකට එක්ව ගමන් කරමින් ඇත.අර්බුදය සම්බන්ධ තොරතුරු කැනඩාවේ,ටොරනෝ නගරයේ සිට සැපයීම සඳහා Bellingcat වෙබ් අඩවියේ සාමාජිකයෝ “In Venezuela” නමින් ට්විටර් පිටුවක් නිර්මාණය කලහ.අර්බුදය තවත් ඇවිලී ගිය හොත්,සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව මඩුරෝ රජය සිදු කරන අපරාධ අනාවරණය කිරීමට "විවෘත මූලාශ්‍ර බුද්ධි තොරතුරු විමර්ශන" පවා ක්ෂණිකව ඉස්මතු වේ යැ‍යි අපේක්ෂා කල හැකිය.


මුඛ්‍ය ධාරාවේ මාධ්‍ය මේ වෙද්දී සිය ශ්‍රාවක පිරිස වෙත ලබා දෙන්නේ පහත දැක්වෙන කතාන්දරයයි:

  • ජනපති මඩුරෝගේ රජය කඩා වැටීමට ආසන්නයි.
  • වෙනසුවෙලාවේ රත්‍රන් සංචිත රුසියානු ගුවන් යානා මගින් යම් තැනකට යැවීමට එරට ක්‍රියා කරමින් සිටියි.
  • මඩුරෝ රැක ගැනීමටත්,රුසියානු ආර්ථික සහ දේශපාලනික ඇලුම්කම් ආරක්ෂා කිරීම සඳහා දූෂිත පාලන තන්ත්‍රය තවදුරටත් බලයේ තබා ගන්නට ව්ලැඩිමීර් පුටීන් සිය කුලී හේවායෝ වෙනසුවෙලාවට යවා ඇත.
  • රජයේ දුෂ්ඨ ක්‍රියාකලාපය නිසා මේ දක්වා විපක්ෂයේ "යහපත්" කණ්ඩායම්වලට මේ දක්වා ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකිව තිබේ.


වාසනාවට,වොෂින්ටනය විසින් පත් කල වෙනසුවෙලාවේ අතුරු වාර ජනපති,ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභාස්වර නයිට්වරයා වන ජුවාන් ගුවායිඩෝ සිටියි.ඔහු ,හමුදාවෙන් පලා යන සිය ගණනක් වට්ස් ඇප් සාමාජිකයන්ගෙන් සමන්විත ඔහුගේ නිදහස් වෙනසුවෙලා හමුදාව සහ එක්සත් ජනපදය/නේටෝවේ අරමුදල් වලින් යැපෙන පුරවැසි මාධ්‍යවේදීන් සහ විමර්ශකයෝ මඩුරෝ-පුටීන් සන්ධානයට එරෙහිව නැගී සිටින්නටත් වෙනසුවෙලාවේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් සූදානම්ය...ඒ ට්‍රම්ප් රජයේ ස්වල්ප සහායක්ද ඇතිව බව විශ්වාසය.

Juan Guaido
ජුවාන් ගුවායිඩෝ

නූතන වෙනසුවෙලාව රුසියාව සමග මිත්‍ර බවත්,අර්බුදය විසඳීමට සහ වෙනසුවෙලාවේ සිය ආයෝජන සහ ඛනිජ තෙල් වත්කම් රැක ගැනීමට මොස්කව් රජය සිය බලය යොදා ගනිවි යන්නට විවාදයක් නොමැත.එසේම ඇමෙරිකාව ප්‍රමුඛ කඳවුරේ පීඩනය හමුවේ බලය අත් හැර පරාජය පිළිගන්නට ජනපති මඩුරෝ සහ ඔහුගේ ආධාරකරුවෝ සූදානම් නැති බවද පෙන්වා තිබේ.

Putin and Maduro
වෙනසුවෙලා ජනපති නිකලස් මැඩුරෝ සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටීන්

සුපුරුදු පරිදි මුඛ්‍යධාරාවේ මාධ්‍ය ආයතන විවෘත අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක් හරහා මඩුරෝ රජය දුෂ්ඨ සහ භය උපදවන එකක් යැ‍යි මතයක් නිර්මාණය කිරීමට ප්‍රයත්න දරමින් සිටින්නේ වෙනසුවෙලාව රුසියාව සමග පවත්වන සමීප මිත්‍රත්වයද යොදා ගනිමින්ය.මෙම කරුණු වලින් පෙනී යන්නේ වොෂින්ටනය සිය ආණ්ඩු පෙරළීමේ භූමිකාව බරපතල ලෙස ඔලුවට ගෙන ඇති බවයි.සිය අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා වෙනසුවෙලාව තුලත් සිරියානු-මාදිලියේ "ප්‍රොක්සි යුද්ධයක්" වුවද අවුලවා ලීමට ඇමෙරිකාව සූදානම්ය.




source:southfront.org


වෙනසුවෙලාවේ ආණ්ඩු පෙරළිය:හමුදාවෙන් පලායන්නෝ,රුසියානු කුලී හේවායෝ සහ අතුරුදහන් වන රත්‍රන් වෙනසුවෙලාවේ ආණ්ඩු පෙරළිය:හමුදාවෙන් පලායන්නෝ,රුසියානු කුලී හේවායෝ සහ අතුරුදහන් වන රත්‍රන් Reviewed by HarshaLulzSec on February 01, 2019 Rating: 5

No comments:

Powered by Blogger.