සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 28

syrian-war-report-october-28-2019-us-forces-kill-al-baghdadi-in-stronghold-of-moderate-opposition

ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා ඔක්තෝම්බර් මස 26දා රාත්‍රී කාලයේ වයඹදිග සිරියාවේ සිදු කල මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල්-බැග්ඩාඩි ඝාතනය කිරීමට සමත් වූ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කලේය.ඔහු පැවසූ පරිදි බැග්ඩාඩි මිය යන්නේ තම දරුවන් තිදෙනාද සමග මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ක්‍රියාත්මක කර ගැනීමෙන්ය.පිපිරීමෙන් ඔහුගේ ශරීරය කැබලිවලට වෙන් වී ගිය බව සඳහන්වේ.කෙසේවෙතත්,ශරීර කොටස් පරීක්ෂාවෙන් නිශ්චිත සහ ධනාත්මක ප්‍රතිඵල ලබා දුන්නේ යැයි ට්‍රම්ප් පැවසුවේය.

බැග්ඩාඩිගේ සටන්කරුවන් සහ සහචරයෝ ගණනාවක් මෙහෙයුමේදී මරා දැමූ බවත්,ළමුන් 11 දෙනෙක් මෙහෙයුම් භූමියෙන් ඉවත් කර ගත් බවත් ඇමෙරිකානු ජනපතිවරයා සඳහන් කලේය.මෙහෙයුම සාර්ථක කර ගැනීමට සහාය ලබා දීම සම්බන්ධයෙන් හෙතෙම රුසියාව,තුර්කිය,ඉරාකය සහ සිරියාව යන රටවලටද කුර්දි ප්‍රජාවටද ස්තුතිය පළ කලේය.සිය පාලනය යටතේ තිබූ සිරියානු ගුවන් අවකාශය,ඇමෙරිකානු ගුවන් යානාවලට භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව ට්‍රම්ප් රුසියාවට ප්‍රසංශා කලේ විශිෂ්ඨ සහයෝගීතාවයක් ලබා දුන් බව පවසමින්ය.

 අල්-බැග්ඩාඩි මරා දැමුවේ යැ‍යි කියන ස්ථානය මෙහෙයුමෙන් පසුව දිස් වූ අයුරු දැක්වෙන දිවා කාලයේ ලබා ගත් පළමු වීඩියෝපටය.එතැන තිබූ ගොඩනැගිලි බිමට සමතලා කර තිබේ.



ත්‍රස්තවාදී නායකයා රැඳී සිටි ගොඩනැගිලි සංකීර්ණයේ චන්ද්‍රිකා ඡායාරූප

මුල්ම වාර්තාවලට අනුව තුර්කි දේශසීමාව අසල සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ බරිෂා ගම්මානය ආසන්නයේ හමුදා හෙලිකොප්ටර් යානා අටක් මෙහෙයුම සිදු කර තිබේ.එම හෙලිකොප්ටර් යානා ප්‍රහාර එල්ල කල බවද වාර්තාවේ.ප්‍රාදේශීය මූලාශ්‍ර පවසන පරිදි ප්‍රහාරවලින් ළමුන් තිදෙනෙක් ඇතුලුව හත්දෙනෙක් මරණයට පත් වූහ.

ඉරාක මූලාශ්‍ර පවසන පරිදි අල්-බැග්ඩාඩි සමග එම සංවිධානයේ සහ අල්කයිඩා සංවිධානයේ ඉහළ මට්ටමේ අණදෙන නිලධාරීන් කණ්ඩායමක් ඝාතනයට ලක් විය.ඔවුන් අතරේ බැග්ඩාඩිගේ දෙවැන්නා අබු සයිඩ් අල්-ඉරාකි,ඔහුගේ ශරීරාක්ෂක ගස්වන් අල්-රවි,සිරියානු ආරක්ෂාව සම්බන්ධ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රධානී අබු අල්-යමන් සහ හොරස් අල්-ඩීන් නම් සිරියානු අල්කයිඩාවට අනුබද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ කැපී පෙනෙන නායකයෙක් වූ අබු මොහොමඩ් අල්-හලාබි ආදීන් සිටිති.අබු මොහොමඩ් අල්-හලාබි ගේ පවුලද මෙහෙයුම ඔස්සේ මරා දැමූ බව සඳහන් වේ.

isis leader and abu al-yaman
අල්-බැග්ඩාඩි(වම්පස) සහ අබු අල්-යමන්

අල්-බැග්ඩාඩි නැවත වරක් මරා දැමූ බවට ට්‍රම්ප් විසින් සිදු කල ප්‍රකාශය තහවුරු කිරීමට සහතික කල හැකි තොරතුරු නැතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේය.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව් පැවසූ පරිදි,ඇමෙරිකානු ගුවන් යානා වෙනුවෙන් ගුවන් අවකාශය විවෘත කලේ යැයි පළවන වාර්තා සම්බන්ධවද රුසියාව සතුව තොරතුරු නැත.

මෙහෙයුම සිදු කල ප්‍රදේශයේ ඡායාරූප කිහිපයක් සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබිණි.ඒවා හි විනාශ වී ගිය වාහනයක් සහ මනුෂ්‍ය ශරීරවල කොටස් දැකගත හැකිය.ඇමෙරිකාවේ නිෂ්පාදිත අධි ස්ථෝපථක ද්විත්ව කාර්යය මි.මී. 40හි M433 බෝම්බයක් සහ මි.මි. 30හි M789 බෝම්බ එම ප්‍රදේශයේ වැටී තිබෙන අයුරුද ඡායාරූපවල සටහන් වී ඇත.මේවා මෙහෙයුමට සහභාගී වූ හෙලිකොප්ටර් යානාවලින් එල්ල කලේ යැයි විශ්වාස කෙරේ.

SITE OF U.S. RAID TO ELIMINATE AL-BAGHDADI

SITE OF U.S. RAID TO ELIMINATE AL-BAGHDADI


විනාශ වී තිබෙන රථය,ගොඩනැගිලි සහ මිනිස් ශරීර කොටස්









ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය විනාශ කිරිම සහ ඊසානදිග සිරියාවෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම ආදියෙන් පසුව ට්‍රම්ප්ගේ කීර්තිය ඉහළ නංවා ගැනීමට අල්-බැග්ඩාඩි මරා දැමීමේ මෙහෙයුමක් ට්‍රම්ප් පරිපාලනයට අවශ්‍යව තිබිණි.2020 වර්ෂයේ ජනපතිවණයට ආසන්නයේ තිබියදී මෙම සිදුවීම් ඔස්සේ සිය පාලන තන්ත්‍රයේ මැදපෙරදිග උපායමාර්ගය ඇමෙරිකානු ශ්‍රාවකයන්ට පැහැදිලි කිරීමට ට්‍රම්ප්ට හැකිවේවි.

එක්සත් ජනපදයේ මෙම ක්‍රියාමාර්ගය හරහා,ඉඩ්ලිබ් පළාත ඇතුලුව වයඹදිග සිරියාව යනු බෂාර් අල්-ෂාඩ්ගේ කෲර පාලනතන්ත්‍රයට එරෙහිව සිටින ප්‍රජාතන්ත්‍රික විපක්ෂයේ බලකොටුවක් යැයි පවසන බටහිර රටවල සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල දෙපිටකාට්ටු ප්‍රතිපත්තිය නැවත වරක් අනාවරණය විය.සැබැවින්ම ඉඩ්ලිබ් පළාත පාලනය කරන්නේ බටහිර රටවල් පවසන ආකාරයේ "ප්‍රජාතන්ත්‍රික විපක්ෂයක්" විසින් නොව විවිධ වූ අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් විසිනි.ඒ නිසා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායකයාට සහ ඔහුගේ සමීපතමයන්ට නිදහසේ සැගවී සිටිමට තුර්කිය ආසන්න සිරියානු භූමිය කදිම වාසස්ථානයක් බවට පත් ව තිබිණි.

  • තුර්කි-රුසියා එකඟතාවයට අනුව සිය හමුදා තුර්කි දේශසීමා ආසන්නයෙන් ඉවත් කර ගැනීම ආරම්භ කලේ යැ‍යි කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ඔක්තෝම්බර් 27දා නිවේදනය කලේය.



  • සිරියානු අරාබි හමුදාව තුර්කිය සමග දේශසීමාවේ රාස් අල්-අයින් නගරය ආසන්නට පැමිණියේ යැයි සානා පුවත් සේවය ඔක්තෝම්බර් 26දා වාර්තා කලේය.

SYRIAN ARMY REACHES TURKISH BORDER NEAR RAS AL-AYN

SYRIAN ARMY REACHES TURKISH BORDER NEAR RAS AL-AYN

SYRIAN ARMY REACHES TURKISH BORDER NEAR RAS AL-AYN

SYRIAN ARMY REACHES TURKISH BORDER NEAR RAS AL-AYN

SYRIAN ARMY REACHES TURKISH BORDER NEAR RAS AL-AYN

SYRIAN ARMY REACHES TURKISH BORDER NEAR RAS AL-AYN


  • රුසියානු හමුදා පොලිසියට අයත් විශාල ඒකකය්ක් ඔක්තෝම්බර් 27දා පස්වරුවේ ඊසානදිග සිරියාවේ උතුරු අල්-හසාකා හි ටෙල් ටමර් නගරයට ලගා විය.කුර්දි සටන්කාමීන්ගේ සහ සිරියානු අරාබි හමුදාවේ ආරක්ෂාව යටතේ රුසියානු සන්නාහ සන්නද්ධ රථ සහ ට්‍රක් දුසිම් ගණනක් නගරයට දෙසට ඇදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් නෝර්ත් ප්‍රෙස් පුවත් සේවය පළ කර තිබිණි.



  • ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා එක්ව තුර්කි පාලනය යටතේ තිබෙන යුප්‍රටීස් ෂීල්ඩ් මෙහෙයුම සිදු කල උතුරු ඇලපෝ හිදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රකාශක අබුක්-හසන් අල්-මුහජිර් මරා දැමුවේ යැ‍යි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි නායක ෆර්හාට් අබ්ඩි සහින් පැවසීය.ඔහුගේ ප්‍රකාශයට අනුව මරා දැමුණු අල්-මුහජිර් යනු එම සංවිධානය නායක අබු-බකර් අල්-බැග්ඩාඩිගේ දකුණු අත ලෙස ක්‍රියාකරන අයෙකි.ඔහුව මෙම තනතුරට පත් කෙරෙන්නේ 2016 දෙසැම්බර් 6දාය.



  • සිරියාවේ රාස් අල්-අයින් හි පෙරික්සුම් මුර සංචාරයක නිරතව සිටි තුර්කි සෙබලුන් ඉලක්ක කර කුර්දි මහජන ආරක්ෂක ඒකක එල්ල කල රොකට් සහ මෝටාර් ප්‍රහාරයකින් තුර්කි සෙබලෙක් මියගොස් පස්දෙනෙක් තුවාල ලැබුවේ යැ‍යි තුර්කි ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනය කලේය.






source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 28 සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 28 Reviewed by HarshaLulzSec on November 01, 2019 Rating: 5

No comments:

Powered by Blogger.