ජනවාරි 12දා චීන සහ පාකිස්තාන නාවික හමුදාවෝ දින නමයක නාවික යුද අභ්‍යාසයක් අවසන් කලෝය.මෙය සී ගාර්ඩියන් යන නමින් හැඳින්වීය.දෙරටේ සහභාගීත්වයෙන් පවත්වන ලද හයවන ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසය මෙයයි.පාකිස්තානය ආසන්න අරාබි මුහුදේ පැවැත් වූ යුද අභ්‍යාසය සඳහා විශේෂ බලකා,යුද නෞකාව,ගුවන් යානා මෙන්ම පළමුවරට සබ්මැරීනද එක් කරගෙන තිබිණි.මෙහිදී ජීව උණ්ඩ/මිසයිල යොදාගෙන තිබීම විශේෂත්වයකි.
යුද අභ්‍යාසය අතරතුර ජනවාරි 12දා උතුරු අරාබි මුහුදේ දී ටයිප් 21 එසේත් නැත්නම් ඇමසන් පන්තියේ ෆ්‍රිගෙට් වර්ගයේ යුද නෞකාවක් මිසයිල ප්‍රහාරයකින් ගිල්වා දමන්නට පාකිස්තාන නාවික හමුදාව ක්‍රියා කලේය.මෙම නෞකාව 1990 දශකයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවෙන් මිලදී ගත් එකකි.2014 වර්ෂයේදී එය විශ්‍රාම ගැන්වූයේ එම පන්තියේම තවත් නෞකාවක් සමගයි.
රාජකීය නාවික හමුදාව සේවයෙන් ඉවත් කල ටයිප් 21 ෆ්‍රිගෙට් නෞකා හයක් පාකිස්තානය මිලදී ගත් අතර දැනට ඉන් නෞකා තුනක් පමණක් පාකිස්තාන නාවික හමුදාවේ සේවයේ පවතියි.
තවත් ටයිප් 21 ෆ්‍රිගෙට් නෞකාවක් වූ ටිප්පු සුල්තාන්,මීට සමාන යුද අභ්‍යාසයකදී මිසයිල ප්‍රහාරවල ඉලක්කයක් ලෙස භාවිතා කලේය.එය 2020 අප්‍රේල් මාසයේ පැවති නාවික අභ්‍යාසයකදී ගිල්වා දමන ලදි.එලෙස අවසන් ගමන් යෑමට මත්තෙන් මෙම නෞකාව රාජකීය නාවික හමුදාවේ සහ පාකිස්තාන නාවික හමුදාවේ වසර 40කට වැඩි කාලයක් සේවය කර තිබිණි.
2020 අප්‍රේල් මාසයේ පැවති නාවික යුද අභ්‍යාසයේදී ඇමසන් පන්තියේ යුද නෞකාවක් ගිල්වා දමන අයුරු
ජනවාරි 12දා ගිල්වා දැමීමට සම්බන්ධ වූයේ අගොස්ටා පන්තියේ සබ්මැරීනයක් සහ සුල්ෆිකාර් පන්තියේ ෆ්‍රිගෙට් නෞකාවකි.නෞකා නාශක මිසයිල සහ ටෝර්පිඩෝ ප්‍රහාරය සඳහා භාවිතා කල බව වාර්තාවේ.
අගොස්ටා පන්තියේ සබ්මැරීන 1970 දශකයේදී ප්‍රංශය විසින් නිපදවන ලදි.දැනට පාකිස්තානය සතුව මෙම වර්ගයේ ඩීසල්-විදුලි වේග ප්‍රහාරක සබ්මැරීන දෙකක් තිබේ.චීනයේ නිෂ්පාදිත සුල්ෆිකාර් පන්තියේ යුද නෞකා හතරක් පාකිස්තාන නාවික හමුදාවේ සේවයේ යොදවා ඇත.
චීන-පාකිස්තාන නාවික යුද අභ්‍යාසය - නෞකා නාශක මිසයිල අත්හදා බැලීම
Reviewed by HarshaLulzSec
on
January 13, 2021
Rating:
Reviewed by HarshaLulzSec
on
January 13, 2021
Rating:








No comments: