Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 14

සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව තුර්කි සන්නද්ධ හමුදා සැප්තැම්බර් මස 13දා යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ කිහිපයක් උතුරුදිග හමා හි මුරාක් නගරය ආසන්නයේ ඔවුන්ගේ නිරීක්ෂණ මුර පොල අවට ස්ථාන ගත කර තිබේ.

තුර්කි සන්නද්ධ හමුදා ඔවුන්ගේ බර  අවි මෙම ප්‍රදේශයේ දියත් කල ප්‍රථම වතාව මෙයයි.මෙම බර අවි දියත් කිරීම  හරහා ඉඩ්ලිබ් පළාතේ සහ අවට ප්‍රදේශවල සිටින හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියානු අරාබි හමුදාව දියත් කිරීමට නියමිත යුද මෙහෙයුම වැළැක්වීමට තුර්කි නායකත්වය ප්‍රයත්න දරන බව සිරියානු රජයට පක්ෂපාතී ක්‍රියාකාරීන්ට කියයි.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල තුර්කි රජයේ හමුදා සතු නිරීක්ෂණ මුරපොලවල් 12ක් පිහිටා තිබේ.ඒවායින් බොහොමයක් පිහිටා තිබෙන්නේ ජාත්‍යන්තරව ත්‍රස්තවාදී සංවිධාන ලෙස පිළිගත් කණ්ඩායම්වල සෘජු පාලනයට යටත් හෝ ඒ ආසන්න ප්‍රදේශවලයි.

එදිනම උතුරුදිග හමා හි මසානා හි ජයිස් අල්-ඊසා(හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සමීපතම මිත්‍රයෙක්)කණ්ඩායමේ ස්ථාන වෙත සිරියානු අරාබි හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.ඊට අමතරව දකුණුදිග ඉඩ්ලිබ් හි අල්-ටමානාහ් ආසන්නයේ පිහිටා ඇති හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ මූලස්ථානයකට එල්ල කල කාලතුවක්කු ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් කිහිපදෙනෙක් මරණයට පත්ව ඇත.

හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් ඉලක්ක කරගෙන දියත් කල මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකය.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව,ටී-3 පොම්පාගාර සංකීර්ණය දෙසට දිවෙන මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදෙන සිරියානු අරාබි හමුදාවට ත්‍රස්තවාදීන් දමා ගිය අවි,වෛද්‍ය සැපයුම්,චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ සහ එක් රථයක් හමු විය.

සැප්තැම්බර් මස 12දා ෆොක්ස් නිවුස් ආයතනයේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ඇමෙරිකානු නියෝජිත නිකී හේලි කියා සිටියේ,අෂාඩ් රජය ඉඩ්ලිබ් හි සිදුකල හැකි රසායනික අවි ප්‍රහාරයක් පමණක් නොව සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදු කරන ඕනෑම ප්‍රහාරයකට දඩුවම් දීමට එක්සත් ජනපදය සහ එහි මිත්‍රයෝ සූදානම් බවයි.

රසායනික අවි ඉඩ්ලිබ් හි භාවිතා කිරීමට අෂාඩ් රජය දැනටමත් නියෝග කර ඇතැයි යන චෝදනාවද ඇය විසින් එල්ල කලේය.

සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානයට අනුව ඩැමැස්කස් රජයට එරෙහි ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයට යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අවශ්‍ය කරන ව්‍යාජ හේතුවක් නිර්මාණය කිරීමට උවමනා රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වීමට ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන් සූදානම්ය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 14 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 14 Reviewed by HarshaLulzSec on September 15, 2018 Rating: 5

No comments:

Powered by Blogger.