ඉඩ්ලිබ් සහ ලටාකියා පළාත්වල සටන්කාමීන්ගේ ඉලක්ක වෙත සිරියානු සහ රුසියානු ගුවන් හමුදා විසින් එල්ල කරන තදබල ගුවන් ප්‍රහාර තවමත් ක්‍රියාත්මකය.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව සිරියානු ගුවන් හමුදාවේ බොහොමයක් ප්‍රහාර වල ඉලක්ක වූයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ ඇති කාන් ෂයිකුන්,කෆ ර් සීටා,අල්-ලටාමිහ් සහ ඒ ආසන්න ප්‍රදේශයි.සිරියානු හමුදාවේ කාලතුවක්කු සහ රොකට් විදින ඉදිරි ආරක්ෂ වළලු ආසන්නයේ සටන්කාමී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි.
ඉඩ්ලිබ් මෙහෙයුම ආරම්භ කිරීමට සූදානම් යැයි රජයට පක්ෂපාතී මාධ්‍ය ප්‍රකාශ කලද රජයේ හමුදා තවමත් ගොඩබිම් ආක්‍රමණය ආරම්භ කර නොමැත.
සැප්තැම්බර් මස 8 දා ඩීර් එසෝර් පළාතේ හජින් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්ක වෙත පහරදීමේදී එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සුදු පොස්පරස් බෝම්බ භාවිතා කලේ යැයි විරුද්ධ පක්ෂවල සමගිසන්ධානය උදෙසා වූ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධානී ව්ලැඩිමීර් සව්චෙන්කො සැප්තැම්බර් මස 10දා පැවසීය.ඔහුගේ ප්‍රකාශයට අනුව මෙම බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ එෆ්-15 වර්ගයේ යුද ගුවන් යානා දෙකකිනි.
අදාල ප්‍රදේශයේ සිටින කිසිදු හමුදා ඒකකයක් සුදු පොස්පරස් සහිත බෝම්බ භාවිතා නොකරන බව පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් රොබට්සන් පැවසුවේ රුසියාවේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්ය.
ඉඩ්ලිබ් පළාතේ සහ ඒ අවට සටන්කාමීන්ට එරෙහි සටනේදී ක්ලෝරීන් වායුව භාවිතා කරන්නට සිරියානු ජනපති බෂාර් අල්-අෂාඩ් අනුමැතිය දුන් බව ,නම් සඳහන් නොකල ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබිණි.
සිරියානු හමුදා ඉඩ්ලිබ් හි සමූල ඝාතනයක් සිදු කලහොත් ඩැමැස්කස් රජයේ මර්මස්ථාන වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කලේ යැයි එම පුවත්පතම නාදුනන මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කරන ලදි.
එක්සත් ජනපද හමුදාව සිරියාවට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීම සලකා බලමින් සිටින බවත්,ජනපති ට්‍රම්ප් මේ දක්වා ඒ සම්බන්ධව අවසාන තීරණය ගෙන නැතැයිද එම පුවත්පත සඳහන් කරයි.
සිරියාව තුල අවසාන සහ ප්‍රධානතම ත්‍රස්තවාදී බලකොටුව වන ඉඩ්ලිබ් රැක ගැනීමට එක්සත් ජනපදය ප්‍රමුඛ පක්ෂය දරන උත්සාහයන් සාධාරණීකරණයට නිර්මාණය කල දැනට ක්‍රියාත්මක ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙම වාර්තාවත් කලින් බටහිර ගැති මාධ්‍ය සහ බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෝ එල්ල කල චෝදනාත් සැලකිය හැකිය.කෙසේවෙතත් ඉඩ්ලිබ් වෙනුවෙන් හඩ නගන බොහෝදෙනාට සහ මාධ්‍ය වලට අමතකව තිබෙන කරුණක් වන්නේ ඉඩ්ලිබ් හි ප්‍රධාන රාජ්‍ය විරෝධී හමුදාව වන්නේ කාලයක් සිරියාවේ අල්කයිඩා ශාඛාව ලෙස කටයුතු කල,ජාත්‍යන්තරව ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස පිළිගන්නා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම යන්නයි.
ඊට සමගාමීව සිරියානු ජනාධිපතිවරයාට අයටත් යූ ටියුබ් නාලිකාව,සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය සහ රාජ්‍ය රූපවාහිනිය වන සානා ඇතුලුව සිරියානු රජය සහ ඊට පක්ෂපාතී යූ ටියුබ් චැනල් ගණනාවක් තහනම් කරන්නට යූ ටියුබ් වෙබ් අඩවිය ක්‍රියා කර තිබේ.මෙම තහනමට හේතුව ලෙස යූ ටියුබ් හි හිමිකරුවන් විසින් දක්වා තිබෙන්නේ එම වෙබ් අඩවියේ කොන්දේසි සහ සේවා උල්ලංඝණය කිරීම ලෙසයි.
මෙහි අරමුණ වන්නේ සිරියානු යුද්ධය වාර්තා කරන බටහිර ගැති නොවන මාධ්‍ය යටපත් කිරීමයි.සමහර සිරියානු විශේෂඥයින්ගේ මතය වන්නේ,මෙය රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වීම සඳහා වූ පෙර සූදානමේ සංඥාවක් බවයි.
source:southfront.org

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 11
Reviewed by HarshaLulzSec
on
September 12, 2018
Rating:
Reviewed by HarshaLulzSec
on
September 12, 2018
Rating:

No comments: