Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියානු යුද වාර්තාව - 2018 මැයි 31


අප්‍රේල් මස් 14දා නැගෙනහිර ගූටා පොකට්ටුවේ සම්පුර්ණ බලය තහවුරු කර  ගැනීමෙන් පසුව එහි සිටි 9,200කට වැඩි ප්‍රදේශවාසීන් පිරිසක් සිරියානු අරාබි හමුදාව සහ රජයට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම්වලට එක් වූ බව මානව හිමිකම් සම්බන්ධ සිරියානු නිරීක්ෂණාගාරය මැයි 30දා වාර්තා කරන ලදි.

කලින් එකඟ වූ පරිදි,වයස අවුරුදු 18-42 අතර පිරිමින් ඔවුන්ගේ අනිවාර්ය සේවාව සම්පුර්ණ නොකලේ නම් මාස හයක කාල පරිච්ඡේදයක් ඇතුලත සිය නීත්‍යානුකූල අයිතිය බේරුම් කර ගැනීමටත් සිරියානු අරාබි හමුදාවට එක්වීමටත් සිදුවේ.

ඩැමැස්කස් වොයිස් නම් විපක්ෂයට පක්ෂපාතී පුවත් වෙබ් අඩවියට අනුව මැයි මස 9 වනදා වන විට 4000ක් පමණ සිවිල් වැසියන් පිරිසක් රජයේ හමුදාවන්ට බැදී තිබේ.

ජෝර්දාන සහ ඊශ්‍රායල දේශසීමා ආසන්නයේ සිටින ඉරාන හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන්ට එම ප්‍රදේශවලින් ඉවත්වන්නට කී රුසියාව සමග පැමිණියා කියන එකඟතාවයකට අනුව සිරියා-ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටුවා තිබෙන අල්-ටනාෆ් කඳවුර අතහැර දමන්නට එක්සත් ජනපදය සලකා බලන බවට නිවුස්වීක් සඟරාව මැයි 30දා වාර්තාවක් පළ කර තිබිණි.මීට පෙර ඊට සමාන කටකතා ඊශ්‍රායල සහ සෞදි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදි.

මැයි මස 30දා රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව් රොව් දකුණුදිග සිරියාවේ තත්ත්වය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරන ලදි.2017 ජූලි මාසයේදී එක්සත් ජනපදය,රුසියාව සහ ජෝර්දානය එක්ව පිහිටුවා ගත් යුද මුක්ත කලාපයෙන්,සිරියානු නොවන සියලු හමුදා ඉවත් විය යුතු යැයි ඔහු කීය.සමහර මූලාශ්‍ර කලින් සඳහන් කල කටකතා සමග එම ප්‍රකාශය සම්බන්ධ කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩොර් ලීබ්‍රමන් සහ අනෙකුත් ඊශ්‍රායල බලධාරීන් මෙම සතියේදී මොස්කව් වෙත යෑමෙන් පසුව හෝ සිරියානු අරාබි හමුදාව දකුණුදිග සිරියාවේ යුද මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව මෙම තත්ත්වය තවත් පැහැදිලි වේවි.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ජංගම ඒකක නැගෙනහිර සිරියාවේ ටී3 පොම්පාගාර සේවා ස්ථානය සහ හුමයිමාහ් නගරයේ රජයේ හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කලද එම ප්‍රහාර දෙකම ව්‍යර්ථ කරන්නට හැකිවිය.

නැගෙනහිර සිරියාවේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර පෙරට වඩා සුලභ වීමට එක් හේතුවක් වන්නේ සිරියානු රජය හැකි ඉක්මණින් ඩාරා පළාතේ කැරලිකරුවන්ගේ ප්‍රශ්නය විසඳීමට දරන උත්සාහයයි.එයින් පසුව රජයේ හමුදාවල ඉලක්කය වන්නේ හෝම්ස් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 31 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 31 Reviewed by HarshaLulzSec on June 01, 2018 Rating: 5

No comments:

Powered by Blogger.