සිරියාව 2011 වර්ෂයේ පටන් යුද පිටියක් බවට පත්ව තිබෙන්නේ කවර පාර්ශ්වයන්ගේ කුමන්ත්‍රණ හමුවේදැයි අමුතුවෙන් කිවයුතු නැත.2015 වර්ෂය මැදභාගය වන විට සිරියානු රජයේ හමුදා ක්‍රමයෙන් පරාජය කරා ගමන් කරමින් සිටියහ.නමුත් 2017 වර්ෂය වන විට සියල්ල කණපිට පෙරළී තිබේ.රුසියානුවන්ගේ සහාය ඇතිව සිරියානු රජයේ හමුදා ජයග්‍රාහී මාවතට අවතීරණය වී තිබේ.එවන් තත්ත්වයක් යටතේ ජනපති බෂාර් අල් අෂාඩ්ට බරපතල චෝදනා එල්ල කරන්නට ඔහුට විරුද්ධ පාර්ශ්වයන් පෙළ ගැසී තිබේ.ඊශ්‍රායලය යනු සිරියාව අද පත්ව තිබෙන තත්ත්වයට වගකිව යුතු එක් රටකි.ජනපති අෂාඩ් ඝාතනය කල යුතු යැයි මැයි මාසයේදී එරට ඇමතිවරයෙක් බරපතල ප්‍රකාශයක් සිදුකර තිබිණි.
එරට නිවාස කටයුතු පිළිබද අමාත්‍ය යොව් ග්ලාන්ට් මැයි මස 16දා ප්‍රකාශ කර තිබුණේ සිරියාවේ සිදුවන සමූල ඝාතන වලට අෂාඩ් වගකිවයුතු බවත් ඔහුව මුලිනුපුටා දැමීමට කාලය පැමිණ ඇති බවත්ය.
"සිරියාව තුල මනුෂ්‍ය ඝාතනවල යථාර්තය වන්නේ,රසායනික අවි යොදාගෙන මරාදමන මිනිසුන්ගේ දේහයන් පුලුස්සා දැමීමයි.පසුගිය වසර 70 කාලය තුල මෙවැනි දෙයක් අපි දැක නැහැ.අපේ රතු ඉර පැනලා තියෙන්නේ දැන්.ඇත්ත වශයෙන්ම අෂාඩ් මුලිනුපුටා දමන්න මේක තමයි වෙලාව" යනුවෙන් අමාත්‍ය යොව් ග්ලාන්ට් කිය සිටියේය.ඔහු ඊශ්‍රායල හමුදාවේ හිටපු මේජර් ජෙනරල්වරයෙක් මෙන්ම ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක්ද වේ.
| අමාත්‍ය යොව් ග්ලාන්ට් |
"සිරියාවේ සිදුවෙමින් තිබෙන්නේ සමූල ඝාතනයකි.ඒවා බොහෝ රහසිගතව සිදුවේ.ඊශ්‍රායලයට අවශ්‍ය අෂාඩ් සහ අලාවිට් පාලනතන්ත්‍රය බලයෙන් පහකර මධ්‍යස්ථ මතධාරී සුන්නි පාලකයෙක් බලයේ පිහිටුවීමයි"-අමාත්‍ය යොව් ගලාන්ට්.
මරාදමන සිරකරුවන් පුලුස්සා දැමීමට කුප්‍රකට සෙඩ්න්‍යා හමුදා බන්ධනාගාර භූමියේ ආදාහනාගාරයක් අෂාඩ් රජය විසින් ඉදිකර තිබෙන බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව මැයි මාසයේ 15දා චෝදනා කරන ලදි."2013 වර්ෂය ආරම්භයේදී සෙඩ්න්‍යා බන්ධනාගාර සංකීර්ණය නවීකරණය කර ඊට ආදාහනාගාරයක් එකතු කරන්නට සිරියානු රජය පියවර ගත්තා.බන්ධනාගාරය තුල මහා පරිමාණයෙන් සිදුකෙරෙන සිරකරුවන් ඝාතනය කිරීම් සඟවන්නට ඔවුන් මෙම ආදාහනාගාරය යොදාගන්න බවට අපි විශ්වාස කරනවා.මෙම කෲරකම් සිදුවන්නේ ඉරානය සහ රුසියාවේ කොන්දේසි විරහිත සහායෙන් බවට පෙනී ගොස් තිබේ"- රාජ්‍ය ලේකම් සහකාර,ස්ටුවට් ජෝන්ස්.
| සෙඩ්න්‍යා බන්ධනාගාර සංකීර්ණය |
| සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු අහස දිස්වූ අයුරු.2014 දෙසැම්බර් 7. |
| සිරියාවේ ක්නීට්‍රා හි හමුදා කඳවුරකට ඊශ්‍රායල හමුදාව එල්ල කර ප්‍රහාරයකින් පසුව එම ප්‍රදේශය දිස්වූ අයුරු.2017 අප්‍රේල් 23. |
අමාත්‍ය යොව් ගලාන්ට් අනුව ඊශ්‍රායලයට එරෙහිව ඉතිරිව තිබෙන ප්‍රධානතම තර්ජනය වන්නේ ඉරානයයි.ඉරානය ඊශ්‍රායලයට සමීප වීමට ටෙහෙරානයේ සිට ඉරාකය හරහා ඩැමැස්කස් දක්වා ගොඩබිම් පාලමක් විවෘත කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.සිරියාව පිටුපස සිටින්නේ ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානයයි.ඉරානය ලෝකයේ ආරක්ෂාවට තර්ජනයකි.ඉරානය යනු ප්‍රශ්නයක් මිස පිළිතුරක් නොවේ.අපි සර්පයාගේ වලිගය(අෂාඩ්) අල්ලා ගත් විට උගේ හිස ටෙහෙරානයෙන් සොයාගත හැකිය.
| සෙඩ්න්‍යා බන්ධනාගාර සංකීර්ණය-චන්ද්‍රිකා ඡායාරූපයක් |
| සිරියානු හමුදාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ගෝලාන් උස්බිම්වල ජබාතා අල්-කෂාබ් නම් සිරියානු ගම්මානයෙන් දුම් රොටු ඉහලට නගින අයුරු.2016 සැප්තැම්බර් 10. |
Source:jpost.com
යුදෙව් දේශයේ සිහිනය
Reviewed by HarshaLulzSec
on
December 13, 2017
Rating:
Reviewed by HarshaLulzSec
on
December 13, 2017
Rating:


No comments: