Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for Inventions

අනාගතය දුටු ප්‍රාඥයා - 9

June 07, 2018

ඩා වින්චිගේ ගොඩ බැස්සවීමෙ ගියරය

ඩා වින්චි යනු ලොව පළමු ගුවන් යානා ගොඩබැස්ස වීමේ ගියර් පද්ධතිය සැලසුම් කල පුද්ගලයා බව බොහෝදෙනා නොදන්නා දෙයකි.මෙම ගියර් පද්ධතිය ඔහුගේ පියාඹන යන්ත්‍රවලට යොදාගැනීමට සිතා සිටියා විය හැකිය.සුරක්ෂිතව එම යන්ත්‍ර ගොඩ බැස්ව වීමේ උවමනාවක් ඔහුට තිබෙන්නට ඇති.

මෙහි දැක්වෙන කටු සටහන් දෙක ලියනාඩෝ ඩාවින්චිගේ කටු සටහන් පොතෙන් උපුටා ගත් ඒවාය.



නුතන ගුවන් යානයක ගොඩබැස්ස වීමේ ගියර් පද්ධතිය




source:Leonardodavincisinventions.com



අනාගතය දුටු ප්‍රාඥයා - 9 අනාගතය දුටු ප්‍රාඥයා - 9 Reviewed by HarshaLulzSec on June 07, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 8

May 29, 2018
ඩා වින්චිගේ පැරෂූටය යනු ඔහුගේ පියාඹන යන්ත්‍රවල හැකියාව මැන බැලූ එක් අවස්ථාවක් යැයි කිව හැකිය.එසේ වුවත් මෙම කිසිම යන්ත්‍රයක් ඩා වින්චි විසින් පෞද්ගලිකවම අත්හදා බැලූවා යැයි කිව නොහැකිය.මන්ද ඔහු එම කාලයේ තරුණ විය ඉක්මවා සිටි නිසාය.බොහෝවිට ඔහුගේ ගෝලයෙක් හෝ වෙන යම් අයෙක් මේවා අත්හදා බලන්නට යොදවන්නට ඇති.ඔහුගේ පැරෂූටයේ කටු සටහන්වල දක්වා තිබෙන්නේ මිනිසෙක් තම අත් පමණක් යොදාගෙන පැරෂූටයේ ඉල්ලී සිටින ආකාරයකි.


ඔහු එම සටහනේ මෙලෙස ලියා තිබේ.

"If a man have a tent made of linen of which the apertures (openings) have all been stopped up, and it be twelve braccia (about 23 feet) across and twelve in depth, he will be able to throw himself down from any great height without suffering any injury."

ලිනන් වලින් මසන ලද අඩි 23ක් දිග අඩි 23ක් උස ටෙන්ට් එකක් සහිතව ඕනෑම ඉහල උසකින් පනින අයෙක් කිසිම තුවාලයක් නැතිව බිමට ගොඩ බැසිය හැකිබව ඉන් ඔහු කියා තිබේ.


මෙම සැලැස්ම ගැන ඔහුට කිසිම සැකයක් තිබී නැත.ඩා වින්චි මෙම නිර්මාණයට ඔහු සතු සුළගේ ප්‍රතිරෝධය සහ ඝර්ෂණය සම්බන්ධ දැනුම සහ ගණිතමය හැකියාව යොදාගෙන තිබේ.

පැරෂූටය ඇත්තටම වැඩ කලාද?

පිළිතුර නම් ඔව්!

ඇන්ඩ්‍රියන් නිකොලස් සහ ඩා වින්චිගේ පැරෂූටය

ඩා වින්චිගේ පැරෂූටය සැලසුම් කිරීමෙන් වසර 500කට පසුව එනම් 2000 ජූනි මාසයේදී ඒ ගැන ආසාවක් තිබූ පිරිසක් සහ පැරෂූට්කරුවන් පිරිසක් ඔහුගේ පැරෂූටය නිර්මාණය කර අත්හදා බලන ලදි.එහිදී ඔවුන් සිදුකල එක වෙනස නම් නූතන පැරෂූට්කරුවාගේ ඇඳුමක් භාවිතා කිරීම පමණි.ඇන්ඩ්‍රියන් නිකොලස් නම් පැරෂූට්කරුවා මීටර් 3000ක් ඉහළින් වූ වායු බැලූනයක සිට ඩා වින්චිගේ පැරෂූටය සමග බිමට පනින ලදි.ඔහු නූතන පැරෂූටයක්ද රැගෙන ගියේ අත්හදා බැලීම අසාර්ථක වුව හොත් දිවිගලවා ගැනීමටය.නමුත් සියල්ලන්ම පුදුමයට පත් කරමින් ඩා වින්චිගේ පැරෂූටය මගින් ඔහුව ආරක්ෂා සහිතව පහළට ගෙන එන ලදි.නමුත් මීටර් 600ක උසකදී ඔහු තම අමතර පැරෂූටය ක්‍රියාත්මක කර පොළොවට ලගාවිය.





Source:Leonardodavincisinventions.com


අනාගතය දුටු මහා ප්‍රාඥයා - 8 අනාගතය දුටු මහා ප්‍රාඥයා - 8 Reviewed by HarshaLulzSec on May 29, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 7

May 27, 2018
ලියනාඩෝ ඩා වින්චිගේ ග්ලයිඩරයේ කටු සටහන තවත් පියාඹන යන්ත්‍ර සහ යාන්ත්‍රණ වල එකතුවකි.මෙම කටු සටහන් දෙස බැලීමේදී එම යන්ත්‍රය බොහෝවිට ඩා වින්චි ජීවත්ව සිටි සමයේ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැක.පහත රූප සටහන්වලින් පෙන්නේ ඔහු එම කටුසටහන් සඳහා සරුංගල සහ කුරුල්ලන් අධ්‍යනය කර තිබෙන බවයි.ඔහු සරුංගලයේ සැකිල්ල පියාඹන යන්ත්‍රයක් බවට පරිවර්තනය කරන්නට උත්සාහ ගෙන තිබෙන බව පෙනේ.


නූතන අමුද්‍රව්‍ය වන ඇලුමිනියම් සහ කෘත්‍රීම රෙදි ඔහුගේ සමයේ නොතිබිණි.ඉතිහාසඥයින් පසුකාලයේදී ඩා වින්චි ජීවත්ව සිටි සමයේ සපයා ගත හැකි වූ ද්‍රව්‍ය යොදාගෙන මෙම යන්ත්‍රය නිර්මාණය කල අතර ඊට සුලු නවීකරණයන් කිහිපයක් සමග පියාසර කිරීමේ හැකියාව තිබිණි.එහිදී ඔවුන් අලුතින් එකතු කලේ දිසාව වෙනස් කරන්නට සුක්කානමක් පමණි.

පහත දැක්වෙන්නේ ඩාවින්චි ඔහුගේ ග්ලයිඩරය නිර්මාණය කිරීමට යොමුකල මුල්ම කටුසටහන්ය. මෙයින් ඔහුගේ පරිකල්පන ශක්තියේ හික්මවීම කොපමණ දැයි සිතා ගත හැකිය.මෙය වවුලෙක්ගේ පියාපතක් පිළිබඳව කල අධ්‍යනයකි.


ඔහු නිතරම කුරුල්ලන් මිලදී ගත් අතර ඔවුන්ගේ පියාපත්වල ව්‍යුහය,පියාසැරිය,හැඩය ආදිය අධ්‍යනය කර මුදා හැර තිබේ.

ඊළඟ කටු සටහනේ දැක්වෙන්නේ කුරුළු පියාපතක සැකිල්ලට යාන්ත්‍රික චලනයක් ලබාදීමට ගත් උත්සාහයකි.


පහත දැක්වෙන්නේ ඔහුගේ නියම ග්ලයිඩරයේ කටු සටහනයි.


එහි මිනිසෙකුට ගමන් කල හැකි ආකාරයද ඔහු චිත්‍රයට නඟා තිබේ.මිනිසාගේ ඉගටිය මුදුව තුල තිබිය යුතුය.ඔහු පියාපත් දෙකෙන් පහලට එන දඬු දෙක අතින් අල්ලාගත යුතුය.පියාපත් පාලනය කිරීම පාදවලින් සිදු කරයි.







ඩා වින්චිගේ සරල ග්ලයිඩර් සැලැස්ම

පහත දැක්වෙන්නේ ඩා වින්චි ඇඳි සරල ග්ලයිඩරයක සටහනකි.එහි සරල බව නිසා බොහෝ විට එය ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙන්නට ඇති.


පහත වීඩියෝව BBCහි වාර්තා වැඩසටහනකින් ලබාගෙන තිබෙන අතර එහි දැක්වෙන්නේ ඩා වින්චිගේ ග්ලයිඩරය ප්‍රතිනිර්මාණය කිරීමකි.ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ ඩා වින්චි ජීවත්ව සිටි සමයේ ඔහුට සපයා ගැනීමට හැකිවූවා යැයි උපකල්පනය කරන අමුද්‍රව්‍යයි.ඊට අමතරව එක් කර තිබෙන්නේ සුක්කානමක් පමණි.ඩා වින්චි ග්ලයිඩරය නිර්මාණය කිරීමේදී වායුගතික විද්‍යාවේ සමහර මූලධර්මයන්ද සොයාගෙන තිබෙන බව සමහරුන්ගේ අදහසයි.ඒ නිසා ලියනාඩෝ ඩා වින්චි වායුගති විද්‍යාවේ පීතෘවරයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.



Assassin's Creed වීඩියෝ ක්‍රීඩාවේ එන ඩා වින්චිගේ ග්ලයිඩරය




source:Leonardodavincisinventions.com


අනාගතය දුටු මහා ප්‍රාඥයා - 7 අනාගතය දුටු මහා ප්‍රාඥයා - 7 Reviewed by HarshaLulzSec on May 27, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 6

May 20, 2018
ලියනාඩෝ ඩා වින්චිගේ නිර්මාණ පෙළහර ගැන ලියවෙන ලිපි පෙලේ 6 වන ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවන්නේ ඩා වින්චි ගුවන ජය ගැනීමේ අරමුණින් සැලසුම් කල නිර්මාණ කිහිපයක් ගැනයි.

ලියනාඩෝ ඩා වින්චි තම ජීවිතය අවසන් වන්නට පෙර පියාඹන යන්ත්‍රයක් නිර්මාණය කරන්නට බලාපොරොත්තු තබාගෙන සිටින්නට ඇති.ඔහු නිරන්තරයෙන් තමන්ගේ මුල් නිර්මාණවල කටු සටහන් යාවත්කාලීන කරන ලදි.වවුලන්ගේ සහ පක්ෂීන්ගේ පියාඹීම ඔහුගේ සිත් වශී කරන්නට සමත් වූ බවට සාක්ෂි ලෙස පිටු සියගණනක් පුරා ඇදි පක්ෂීන්ගේ පියාපත්වල සහ පියාපත්වල චලන ඉරියව්වල කටුසටහන් දැක්විය හැක.

ඩා වින්චි විසින් සැලසුම් කල පියාඹන යන්ත්‍ර සහ පියාසැරියට අවශ්‍යවන සමහරක් යාන්ත්‍රණයන් කිහිපයක් පහත දැක්වේ.ඉදිරි ලිපි ඔස්සේ ඒවා සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත.

-හෙලිකොප්ටර් සංකල්පය

-ග්ලයිඩරය

-පැරෂූටය

-ගොඩබැස්වීමට අවශ්‍ය ගියරය




ඩාවින්චිගේ හෙලිකොප්ටරය

ලියනාඩෝ තමන් ජීවත්ව සිටි කාලයට වඩා ශතවර්ෂ ගණනාවක් දුර සිතූ අයෙක් බව ලෝකයාට ප්‍රත්‍යක්ෂ කල නිර්මාණයක් වූයේ මෙම හෙලිකොප්ටරයේ සැලැස්මයි.එය නූතන හෙලිකොප්ටරයකට සමාන යන්ත්‍රයක් සැලසුම් කල පළමු අවස්ථාවයි.පුරාණ චීනයේ උණුසුම් වායු බැලූන සහ ගිනිකෙළිවල උපකාරයෙන් ගුවන් ගත විය හැකි යාන්ත්‍රයක් අත්හදා බැලුවද එය හෙලිකොප්ටරයට සමාන නොවීය.

ඩා වින්චි ඇදි හෙලිකොප්ටරයේ කටු සටහන

මෙම සැලසුම නිර්මාණය කර තිබෙන්නේ 1493 වසරේය.එනම් හෙලිකොප්ටරයක් සාර්ථකව ගුවන් ගත කිරීමට වසර 450කට පෙරය.එහි ප්‍රධාන තල දෙක මීටර් 2ක විශ්කම්භයක් සහිත වූ අතර ඒවා ප්‍රධාන ව්‍යුහය සමග බට යොදාගෙන සම්බන්ධ කර තිබිණි.

ඩා වින්චිගේ හෙලිකොප්ටර් සංකල්පය මේපල් ගසේ බීජ මත පදනම්ව නිර්මාණය කරන්නට ඇති.මෙම බීජ ඉහල සිට බිමට පතිත වන විට පාවී යන ස්වභාවය ඩා වින්චිගේ අවදානයට ලක්වන්නට ඇති.එසේම එම සංකල්පයට ආකිමිඩීස් ඉස්කුරුප්පුවද පදනම් කරගන්නට ඇති.මෙම ඉස්කුරුප්පු පොම්පය පුරාතන ග්‍රීසියේ විසූ ආකිමිඩීස් නම් ලියනාඩෝට සමාන තවත් ප්‍රාඥයෙක් විසින් සොයාගන්නා ලදි.

මේපල් ශාකයේ බිජයක් සහ එය පොලොවට වැටෙන අයුරු

ආකිමිඩීස්ගේ ඉස්කුරුප්පුව සහ ආකිමිඩීස්


හෙලිකොප්ටර් සංකල්පය ක්‍රියාවේ යෙදවීම

ඩා වින්චිගේ හෙලිකොප්ටරය සැලසුම් කර තිබෙන්නේ මිනිස් බලයෙන් ක්‍රියා කරන පරිදිය.නමුත් අවාසනාවට ඒ සමයේ එන්ජින් සොයාගෙන නොතිබුණි.ඒ සමයේ තමන් පවා ගුරුත්වයට එරෙහිව ඉහලට ඔසවන්න ප්‍රමාණවත් බලයක් නිපදවීමේ හැකියාවට තරමක් භෝ මිනිසා ලංව නොතිබුණි.

මිනිසුන් දෙදෙනෙක් මෙම යන්ත්‍රයේ වක්‍රාකාර කොටසේ සිට එහි තිබෙන දැවයෙන් තැනූ දණ්ඩ ග්‍රහණය කරගෙන මධ්‍යයේ වූ දණ්ඩ වටා ගමන් කල යුතුව තිබිණි.එවිට යන්ත්‍රයේ තිබෙන තල භ්‍රමණය වෙමින් ඉහළට ගෙනයයි.නමුත් මිනිසුන් දෙදෙනාගේ බර උසවන්නට තරම් ඔවුන් සැපයූ ඉපිලුම් බලය ප්‍රමාණවත් නොවේ.මේ සඳහා එම කාලයේ යොදාගත හැකිව තිබූ සැහැල්ලුම අමුද්‍රව්‍ය වන්නේ තල සඳහා කැන්වස් රෙදි,සැකිල්ල වෙනුවෙන් පයින් දැවද යොදාගන්නට ඇති.මෙම අමුද්‍රව්‍යවල බරත් එහි ක්‍රියාකරුවන්ගේ බරත් එසවීමට තරම් ඩා වින්චිගේ හෙලිකොප්ටරයට ප්‍රමාණවත් බලයක් නිපදවීමට නොහැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.


නමුත් ඩා වින්චිගේ මෙම සැලැස්ම පරිකල්පනයේ ශ්‍රේෂ්ඨ නිර්මාණය ලෙස තවමත් පිලිගැනේ.මෙවැනි යන්ත්‍රයක් සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ එන්ජින් නිර්මාණය වන්නේ 1800 සියවසේ අවසන් කාලයත් 1900 සියවසේ මුල් කාලයත් අතරය.නමුත් වාෂ්ප එන්ජින් සොයාගත් සමයේ ඒවා ගුවන් යානා ආදියට යොදා ගැනීමට යෝග්‍ය නොවූයේ අධික බර(ඉන්ධනත් සමග) නිසාය.තවද වාෂ්ප එන්ජින් වලට හුමාලය නිපදවීමට ජලයද විශාල වශයෙන් අවශ්‍ය විය.වර්තමානයේදී හෙලිකොප්ටර් සැහැල්ලු ලෝහයක් වන ඇලුමිනියම් යොදාගෙන නිර්මාණය කරයි.




source:Leonardodavincisinventions.com


අනාගතය දුටු මහා ප්‍රාඥයා - 6 අනාගතය දුටු මහා ප්‍රාඥයා - 6 Reviewed by HarshaLulzSec on May 20, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 5

May 13, 2018

ඩාවින්චිගේ හරස් දුන්න

 මෙය ගල් විසි කිරීමට තැනූ කැටපෝලයකට සමානය.දුන්න ක්‍රියාත්මක වන්නේ ඉස්කුරුප්පු ගියරයකිනි.ඒ නිසා යාන්ත්‍රික වශයෙන් එය වාසියක් වෙනවා සේම මිනිසුන් දෙදෙනෙකුට හරස්දුන්න පසුපසට ඇඳීමට හැකිය.අඳින ලද දුන්න මුදා හැරීම එහි තිබෙන අඟුලට මිටියකින් පහර දීමෙන් හෝ තේඩාව ලිහා දැමීමෙන්/කපා දැමීමෙන් කල හැකිය.එම ක්‍රම දෙකම ඔහු සැලසුම් කර තිබෙන බව ඔහුගේ සටහන දෙස බැලීමේදී පෙනේ.

හරස් දුන්නේ සැලැස්ම දැක්වෙන මුල් සටහන


 හරස් දුන්න නිර්මාණය කිරීම

 මෙම දුන්න නිර්මාණය කර තිබෙන්නේ අතුරගුළු ලා හැකි තහඩු යොදාගෙනය.ඒවා ලීයෙන් තනා තිබේ.මෙය ලැමිනේශන් කිරීමේ පුර්වජයා ලෙසද සැලකිය හැකිය.මේ නිසා දුන්න කොකා ගැස්සවීමේදී සුනම්‍යතාවයක් ලබා දුන් අතර එහි පොලා පැනීමේ හැකියාවද වැඩිවිය.මෙම දුන්න මගින් විවිධ වර්ගයේ ප්‍රක්ෂිප්ත මුදා හැර තිබේ.බොහෝවිට මෙම දුන්න යොදාගෙන ඩා වින්චි සොයාගත් පොකුරු බෝම්බ මුදා හරින්නට ඇති.


ඩා වින්චිගේ හරස් දුන්න නැවත නිර්මාණය කිරීම

ඩා වින්චිගේ හරස් දුන්න ඔහුගේ මුල් සටහන අනුව නිර්මාණය කරන්නට ඉන්ජිනේරුවන් කණ්ඩායමක් ක්‍රියා කලහ.නමුත් එය ඇද්ද පසුව ඇතිවන අධික ආතතිය නිසා කැඩී ගොස් තිබේ.නමුත් පසුව ඔවුන් දෙවන දුන්නක් අත්හදා බලා තිබේ.


 කාලතුවක්කුවල දියුණුව නිසා වර්තමානයේදී මෙවැනි අවි යල්පැන ගොස් තිබේ.

Da Vinci's Demons ටෙලි කතා මාලාවේ එන ඩා වින්චිගේ හරස් දුන්න



source:Leonardodavincisinventions.com


 
අනාගතය දුටු මහා ප්‍රාඥයා - 5 අනාගතය දුටු මහා ප්‍රාඥයා - 5 Reviewed by HarshaLulzSec on May 13, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 4

April 21, 2018


 ලියනාඩෝ ඩා වින්චිගේ කැටපෝලය


 ලියනාඩෝගේ කැටපෝල සැලැස්ම සරල මෙන්ම බුද්ධිමත් නිර්මාණයකි.එය දැතිරෝද පද්ධතියක් සහ අඩයකින් සමන්විතය.එහි තන්තුවල බලය ගබඩා වන සේ ඇදීමට ලක් කර අඩය යොදාගෙන පද්ධතිය අඟුල් දමයි.අඩය මුදා හැරි වහාම එහි දණ්ඩ ක්‍රියාත්මක වේ.දණ්ඩේ කෙළවර රඳවා තිබෙන උණ්ඩය හෝ වෙනයම් දෙයක් ගබඩා වී තිබෙන බලය යොදාගෙන දුරට විදිනු ලැබේ.


පෙනෙන පරිදි මෙම කැටපෝලය සෙබලුන් කිහිපදෙනෙක් විසින් ක්‍රියාත්මක කරන්නට ඇති.එහාමෙහා ගෙනයාම,ඉලක්ක කිරීම ආදියට සෙබලුන් 4-5ක් ,දැති රෝදය කැරකවීම සහ උණ්ඩය මුදා හැරීමට දෙදෙනෙක් යොදවා සිටින්නට ඇති.


මෙය මාළිගා සහ බලකොටුවලට පහර දීමට යොදාගන්නට ඇතැයි සිතිය හැකිය.මෙම කැටපෝලයේ එක් විශේෂත්වයක් වන්නේ ඉතා ඉක්මණින් නැවත පුරවා පහර දිය හැකි ලෙස නිපදවා තිබේ.මධ්‍යතන යුගයේ අනෙකුත් කැටපෝල මෙන් මෙයත් ගිනි බෝල හෝ රෝග ආසාදනයෙන් මියගිය මිනිසුන්ගේ මළසිරුරු සතුරු බලකොටුවල තාප්පවලට ඉහළින් ගෙන යන්නට උපකාරීවන්නට ඇති.

පහත දැක්වෙන්නේ ඩා වින්චිගේ කැටපෝලයේ ක්‍රියාත්මක කල හැකි ආකෘතියකි




 කැටපෝලය ක්‍රියාත්මක වන අයුරු





source:Leonardodavincisinventions.com


අනාගතය දුටු මහා ප්‍රාඥයා - 4 අනාගතය දුටු මහා ප්‍රාඥයා - 4 Reviewed by HarshaLulzSec on April 21, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 3

April 13, 2018

ලොව බිහිවූ බුද්ධිමතුන් අතර ලියනාඩෝ ඩා වින්චිට ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ "ලොවින් එකෙක් එක් දේකට වෙයි සමතා" යන කියමන ඔහු විසින් අසත්‍යයක් කල නිසාම නොව ඔහු ජීවත්ව සිටි කාලයට වඩා ඉදිරිය දුටු පුද්ගලයෙක් නිසාය.ඉතාලි ජාතිකයෙක් වන ඩා වින්චි චිත්‍ර කලාව,ගෘහ නිර්මාණ ශිල්පය,ඉන්ජීනේරු විද්‍යාව,උද්භිත විද්‍යාව,තාරකා විද්‍යාව,භූවිද්‍යාව,ව්‍යහවිද්‍යාව,ගණිතය,සිතියම් විද්‍යාව,සාහිත්‍යය,ලේඛන කලාව,ඉතිහාසය,විද්‍යාව,සංගීතය සහ ප්‍රතිමා නිර්මාණය සම්බන්ධව උනන්දුව දැක්වූ අයෙක් මෙන්ම ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධව මනා දැනුමක් තිබූ අයෙකි.ඔහු ජීවත්වූයේ යුරෝපයේ පුනරුද(14-17 ශතවර්ෂ අතර කාලය) සමයේය.ඩාවින්චි පදිංචිව සිටියේ ඉතාලියේ ෆොලෝරන්ස්(යුරෝපා පුනරුද සමය ඇරඹෙන්නේ මෙම නගරයෙන් බවයි පිළිගැනෙන්නේ)නගරයේය(ක්‍රි.ව.1452-ක්‍රි.ව.1519).ඩා වින්චිගේ මරණයෙන් පසු ඔහුගේ පරිකල්පන හැකියාවට තරමක් හෝ ආසන්නයට පැමිණි අයෙක් බිහිවන්නේ 19 ශත වර්ෂයේදීය.ඔහු නිකොලා ටෙස්ලාය.නමුත් ඩාවින්චිගේ බහුශ්‍රැතබාවයට අභියෝග කල හැකි අයෙක් ඉන්පසු ලෝකයේ පහල නොවූ තරම්ය.

නිකොලා ටෙස්ලා

මෙම ලිපියෙන් විමසා බැලෙන්නේ ලියනාඩෝ ඩා වින්චි විසින් සැලසුම් කල යුධ ටැංකිය සම්බන්ධවයි.


ලියනාඩෝ ඩා වින්චිගේ යුද ටැංකිය



මෙම යුද ටැංකිය සැලසුම් කිරීම සිදුවන්නේ ක්‍රි.ව. 1487 එවකට ඉතාලියේ මිලාන් නගරයේ ආදිපාදව සිටි ලුඩොවිකො ස්ෆෝසාගේ අනුග්‍රහය මතයි.

ඩා වින්චි විසින් ආදිපාද ස්ෆෝසා වෙත යැවු ලිපියේ මෙසේ සඳහන් ව තිබේ.

“I can make armored cars, safe and unassailable, which will enter the closed ranks of the enemy with their artillery, and no company of soldiers is so great that it will not break through them. And behind these our infantry will be able to follow quite unharmed and without any opposition.”

ආරක්ෂා සහිත සහ සතුරන්ගේ ප්‍රහාරවලින් හානියක් නොවන සන්නද්ධ රථ තාමට නිපදවිය හැකි බවත් කිසිම හමුදාවකට ඒතුලට කඩාබිදගෙන යා නොහැකි බවත් යුද ටැංකි පිටුපසින් අපගේ පාබල හමුදාවලට කිසිදු සතුරු ප්‍රතිවිරෝධයකින් තොරව යා හැකි බවත් ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.

ලුඩොවිකො ස්ෆෝසා

මෙම යුද ටැංකිය සැලසුම් කර තිබුණේ සංග්‍රාම භූමියට පිවිස අංශක 360 සීමාවේ සිටින සියලුම සතුරන් එහි තුවක්කුවලින් වෙඩි තබා විනාශ කල හැකි අයුරිනි.

සැමවිටම වාගේ ඩා වින්චි තම නිර්මාණ සැලසුම් කිරීමේදී අදහස් ලබා ගත්තේ ස්වභාවධර්මයෙනි.ඔහුගේ යුද ටැංකිය පවා පදනම් වන්නේ ඉබ්බෙක්ගේ පිටකටුව මතයි.


ලියනාඩෝ ඩා වින්චිගේ යුද ටැංකිය ක්‍රියාකරන අයුරු


පහත දැක්වෙන වීඩියෝවෙන් ඩා වින්චිගේ යුද ටැංකිය ක්‍රියා කරන අයුරු පෙන්වා දෙයි.ඔහුගේ නිර්මාණය කොතරම් අනර්ඝ එකක් දැයි වීඩියෝව අවසානයේදී ඔබට පෙනේවි.


පළමු ලෝක සංග්‍රාමය එනම් ඩා වින්චි ජීවත්ව සිටි කාලයේ පටන් වසර 400ක් පමණ ගතවන තෙක් ඔහුගේ මෙම නිර්මාණ සැලැස්මට සමාන හෝ ඊට ආසන්න දෙයක් නිර්මාණය නොවීය.ශත වර්ෂ ගණනාවක් ගත වූ පසුත් පළමු ලෝක යුද සමයේ යුද ටැංකිවලට වඩා ඩා වින්චිගේ යුද ටැංකි සැලැස්ම සාර්ථක මෙන්ම ප්‍රබල එකක් විය.විශේෂයෙන්ම ඩා වින්චිගේ යුද ටැංකියෙ තිබූ ආනත වූ සන්නාහය ඔහුගේ බුද්ධියේ තරම පෙන්වන්නකි.

මෙය පහත උදාහරණය මගින් පැහැදිලි කර ගත හැකිය.එහි දැක්වෙන ඝනකාභ(A,B) සන්නාහ තහඩු යැයි සිතන්න.එම තහඩු දෙකම සමාන දිග,පළල සහ උසින් යුක්තය.B තහඩුව අංශක 45ක් ඇල වී තිබේ.එම ආනතිය නිසා උණ්ඩයකට තහඩුව හරහා යෑමට අමතර දුරක් ගමන් කරන්නට සිදුවේ.අමතර සන්නාහයක් යොදා ගැනීම හෝ ඝනකමින් වැඩි සන්නාහයක් යොදාගෙන බර වැඩි කරගන්නවා වෙනුවට මෙය සාර්ථක උපක්‍රමයකි.සරල නමුත් ඵලදායි මෙම සැලැස්ම මගින් උණ්ඩයක් ඇතිකරන බලය වෙනතකට හැරවිය හැකිය.



පහත දැක්වෙන පළමු ලෝක යුද සමයේ යුද ටැංකිය දෙස බලන්න.එහි විශාල ප්‍රදේශයක් පැතලි හැඩයක් ගන්නා අතර සෘජුවම ඒ දෙසට එන උණ්ඩයකට එහි සන්නාහය බිදගෙන යා හැකිය.


ලියනාඩෝ ඩා වින්චි ජීවත් වූ සමයේ සංග්‍රාම භූමියෙන් සොයාගත හැකිවූ යුද ටැංකිවලට සම කල හැකි එකම දෙය වූයේ හස්තීන් මත නැගුණු මිනිසුන්ය(උපරිම තිදෙනෙක්).සතුන්ට හිංසා කිරීම ගැන ඩා වින්චි තුල පැහැදීමක් නොතිබුණු අතර ඔහුගේ යුද ටැංකි සංකල්පය නිර්මාණය වූයේ ඊට පිළියමක් ලෙසද විය හැකිය.

යුද ටැංකියේ ඇතුලත

මෙම යුද ටැංකිය ක්‍රියාත්මක වූයේ මිනිසුන් සිව්දෙනෙකුගේ අත් වලිනි.පැඩල කැරකවීමෙන් එය ගමන් කරන ලද අතර ඔවුන්ගේ පහසුව වෙනුවෙන් ඊට ගියර් පද්ධතියක්ද එක් කර තිබිණි.නමුත් මිනිස් ශ්‍රමය මගින් ප්‍රමාණවත් වේගයක් නොලැබේ.යුද ටැංකිය තුල සිටි අනෙක් මිනිසුන් ඒ තුල සවිකර තිබු තුවක්කුවලින් සතුරන්ට ප්‍රහාර එල්ල කරන්නට යොදවා තිබෙන්නේට ඇති.එම තුවක්කු සියලුම දිශාවලට පහර දිය හැකිසේ රඳවා තිබිණි.(අංශක 360)








ලියනාඩෝ ගේ යුද ටැංකියේ දෝෂ

තමාගේ සැලසුම දුෂ්ඨ අදහස් ඇතිවුන්ට හෝ සතුරන්ට නතු වුවහොත් යන සැකය මත ඩා වින්චි යුද ටැංකියේ සැලැස්මට හිතාමතාම දෝෂයන් ඇතුලු කලාද යන්න පැහැදිලි නැත.ඔහුගේ සැලැස්මට අනුව යුද ටැංකියක් නිර්මාණය කලේ නම් එහි රෝදවලට සම්බන්ධවන ප්‍රධාන යෂ්ඨි 2ක වැරදි දිශාවලට කැරකවේ.එවිට ඒවා එකිනෙකට විරුද්ධව ක්‍රියා කර ප්‍රථිපලයක් ලබා නොදෙයි.ඩා වින්චි යුද්ධයට අකැමැත්තක් දැක්වූ අයෙක් වු නිසා ඔහු හිතාමතාම එහි දෝෂයක් නිර්මාණය කරන්නට ඇතැයිද සිතිය හැකිය.ඒ කෙසේ වෙතත් එය නොදැනුවත්කමින් සිදුවූ දෝෂයක් යැයි කිව නොහැක්කේ ලොව ප්‍රථම ස්වබලයෙන් ක්‍රියාකරන රථය ,ප්‍රථම constantly variable transmission-සරලව කිව හොත් ගියර් පද්ධතියක් සහ ප්‍රථම අවලම්බක ඔරලෝසුව ඩාවින්චි විසින් සැලසුම් කර තිබීමත් යාන්ත්‍ර විද්‍යාව සම්බන්ධව එතරම් දැනුමක් සහිත අයෙක් අතින් මෙතරම් කුඩා දෝෂයක් සිදුවීම විය නොහැක්කකි.

මෙම යුද ටැංකි සැලැස්මේ ඊට ආවේණික දෝෂ තිබේ.එහි රෝද රථයේ බර දරා ගැනීමටත් තෙතමනය සහිත බිමක ගමන් කිරීමටත් නොහැකි තරම් තුනීය.එවැනි තුනී ඝනකමෙන් අඩු රෝද පහසුවෙන් පොලොවේ එරී යා හැකිය.නූතන යුද ටැංකි මෙම ප්‍රශ්නය මගින් විසදා ගත්තේ 20වන ශත වර්ෂයේදීය.



ඩා වින්චිගේ යුද ටැංකිය ප්‍රතිනිර්මාණය

මෙම රථය ධාවන කරවීම ලේසි පහසු කාර්‍යක් නොවන බව මෙම වීඩියෝපටය නැරඹීමෙන් ඔබට අවබෝධ වේවි.


Assassin's Creed Brotherhood වීඩියෝ ක්‍රීඩාවේ එන ඩාවින්චිගේ යුද ටැංකිය



Source:Leonardodavincisinventions.com


අනාගතය දුටු මහා ප්‍රාඥයා - 3 අනාගතය දුටු මහා ප්‍රාඥයා - 3 Reviewed by HarshaLulzSec on April 13, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 2

April 01, 2018

ලියනාඩෝ ඩා වින්චිගේ යුද යන්ත්‍රණ සහ යුද්ධය සම්බන්ධ සොයා ගැනීම්


ඩා වින්චිගේ යුද යන්ත්‍ර දුටුවිට සමහරුන්ට ඔහු යුදකාමියෙක් ලෙස පෙනෙන්නට පුලුවනි.නමුත් සත්‍යය එය නොවේ.එවැනි නිර්මාණ සිදුකරන්නට ඔහුව පොළඹන්නට හේතු තිබේ.ඔහු කැටපෝලය,විශාල හරස් දුන්නක්,යුද ටැංකියක්,හුමාලයෙන් ක්‍රියාත්මක වන කාලතුවක්කුවක් සහ තවත් ආයුද සැලසුම් කර තිබේ.


ලියනාඩෝ යුද්ධය ප්‍රියකල අයෙක් හෝ මිනිසුන්ට සතුන්ට හානි කිරීම අගය කල අයෙක් නොවේ.ඇත්ත වශයෙන්ම ඔහු මාංශ ආහාරයෙන් වැළකුණු අයෙකි.ඔහු  නිතරම කූඩු කර තිබූ පක්ෂීන් වෙළඳ පොලෙන් මිලටගෙන ඔවුන්ගේ පියාපත්වල ව්‍යුහය අධ්‍යනය කර නිදහස් කර හැර තිබේ.වරක් ඔහු මෙසේ කියා තිබේ.

"මිනිසුන් විසින් සතුන්ව ඝාතනය කරන තාක්,ඔවුන් එකිනෙකා මරා ගනීවි"

"The time will come when men such as I will look upon the murder of animals as they now look upon the murder of men"

අවාසනාවකට ලියනාඩෝ ඩා වින්චි ලේපිපාසිත සහ බලයට කෑදර අනුග්‍රාහකයන්ගේ යටත් වැසියෙක් විය.(ඔහු එසමයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුවද ධනවතෙක් නොවීය.ඔහුගේ සිසුන් කිහිපදෙනාද නඩත්තු කරන්නට සිදුවූයේ ඔහුටය)මේ නිසා ඔහුගේ විශිෂ්ඨ බුද්ධිය යොදාගෙන මිනිසුන්ට දැඩි හානි පැමිණවිය හැකි යන්ත්‍ර සහ අවි නිර්මාණය කරන්නට ඔහුට සිදුවන්නට ඇති.

ඔහු ජීවත්ව සිටි සමයේ ඉතාලිය තුල ස්වාධීන කටයුතු කරන නගරමය රාජ්‍ය කිහිපයක් තිබිණි.ඒ සෑම එකකටම අවශ්‍ය වූයේ අනෙකාගේ භූමිය සහ බලය අත්පත් කරගැනීමටයි.තාක්ෂණික සහ හමුදාමය බලය වැඩිපුර තිබූ රාජ්‍යය ප්‍රබල විය.

Cesare Borgia

ඩා වින්චිට අනුග්‍රහය දැක්වූ දරුණුතම පුද්ගලයා වූයේ සෙසාර් බොර්ගියාය.ඔහු විසින් ක්‍රි.ව.1500 මුල් කාලයේ වසර කිහිපයක් තමාගේ හමුදා වාස්තු විද්‍යාඥයා සහ ඉන්ජිනේරුවා ලෙස ලියනාඩෝ ඩාවින්චි ව සේවයේ යොදවන ලදි.බොර්ගියා වෙනුවෙන් ඩා වින්චි තැනූ යන්ත්‍ර පහරදෙන්නට මෙන්ම ආරක්ෂා වන්නටද භාවිතා කල හැකිවිය.ඉන් එකක් වූයේ ලොව ප්‍රථම මැෂින් තුවක්කුවයි.

මැෂින් තුවක්කුව

ඔහුගේ අනෙකුත් යුද යන්ත්‍ර අතර කිමිදුම් ඇඳුම තිබිණි.එය යොදාගෙන කිමිදී වෙරළාසන්නයේ තිබෙන(නොගැඹුරු )යාත්‍රාවලට පහර දිය හැකිය.ඔහුගේ ද්විත්ව ස්ථර සහිත නෞකාව මුහුද යටින් එල්ල වන ප්‍රහාරයකින් සිදුවන හානියෙන් නෞකාව ගිලී යාම වළක්වයි.ඔහු නිපදවූ පොකුරු බෝම්බ මගින් එකවර සතුරන් රැසක් තුවාල කිරීම හෝ මරා දැමීම කල හැකි විය.ඩා වින්චිගේ යුද ටැංකිය සතුරන් මධ්‍යයට ගොස් ඔවුන් බියට පත් කර ,එහි වෙඩි බලයෙන් ඔවුන්ව විනාශ කිරීමේ හැකියාව තිබිණි.තවද ඔහුගේ දැවැන්ත හරස් දුන්න යොදාගෙන පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් යාර සිය ගණනක් දුරට විදිමේ හැකියාව තිබිණි(ඒවා ඝට්ටනය වීමෙන් පුපුරා යන ලෙස නිර්මාණය කර තිබිණි).

තමන්ගේ මෙවැනි යුදමය යන්ත්‍ර සහ අවි සැලසුම් ගැන ඔහු සතුටු නොවූබව ප්‍රකට කරුණකි.ඔහුගේ සැලසුම් දුෂ්ඨ චේතනා සහිත උන් අතට පත්වීමෙන් සිදුවිය හැකි අනතුර ගැන දන්නා ඩා වින්චි එම සැලසුම්වලට මූලික දෝෂයන් හිතා මතාම ඇතුලත් කරන ලදි.මෙම දෝෂ අහම්ඹෙන් මතුවූ ඒවා යැයි සිතීම දුෂ්කර වන්නේ ඩා වින්චිගේ අතිසූක්ෂම නිර්මාණ වන ස්වයංක්‍රීයව ධාවනය වන රථය සහ රොබෝව ආදියේ සැලසුම් අධ්‍යනය කිරීමෙනි.ඔහුගේ සමහර යන්ත්‍රවල ගියර් පද්ධතියේ දෝෂ තිබිණි.නමුත් ඒවා යාන්ත්‍ර විද්‍යාව සහ යාන්ත්‍රික පද්ධති ගැන අවබෝධයක් තිබූ අයෙකුට පහසුවෙන් අඳුනාගත හැකි මට්ටමේ දෝෂ විය.

එලෙස දෝෂ සහිත නිර්මාණයක් වූයේ යුද ටැංකියයි.එහි රෝද එකිකෙට විරුද්ධ අතට ක්‍රියා කල නිසා ඉදිරියට ගමන් කල නොහැකිවිය.මෙම දෝෂ ඩා වින්චි විසින් හිතා මත කල ඒවා හෝ අතපසුවීමකින් සිදුවු ඒවා වන්නට ඇති.

යුද ටැංකිය

ඊළඟ ලිපිවලදී ඩා වින්චිගේ පහත නිර්මාණයන් ගැන සාකච්ඡා කරනු ඇති.

යුද ටැංකිය

කැටපෝලය

හරස් දුන්න



Da Vinci's Demons


ලියනාඩෝ ඩාවින්චි ගේ තරුණ කාලය අලලා නිර්මාණය කල Da Vinci's Demons නම් ටෙලි කතා මාලාව තුල ඔහුගේ නිර්මාණ රැසක් ක්‍රියාවේ යොදවන අයුරු පෙන්වා තිබේ.




Assassin's Creed




Assassin's Creed නම් වීඩියෝ ක්‍රීඩාවේදී ද ලියනාඩෝ ඩා වින්චි ගැන සඳහන් කරයි.එහි දෙවන කොටස වන Assassin's Creed II හිදී පටන් ක්‍රීඩකයාට ඩා වින්චිගේ ග්ලයිඩරය,මැෂින් තුවක්කුව,යුද ටැංකිය ආදී උපකරණ,යන්ත්‍ර සහ අවි භාවිතා කරන්නට අවස්ථාව හිමිවේ. 



Assassin's Creed II හි භාවිතාවන ඩා වින්චිගේ අවි සහ යන්ත්‍ර




Source:Leonardodavincisinventions.com

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 2  අනාගතය දුටු මහා ප්‍රාඥයා - 2 Reviewed by HarshaLulzSec on April 01, 2018 Rating: 5
Powered by Blogger.