යුරෝපානු එකමුතුව:ඉතාලියට වෛද්‍යාධාර සපයන රුසියානු ගුවන් යානාවලට පෝලන්ත ගුවන් ආවකාශය තහනම්?


යුරෝපය තුල කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට,සිය සාමාජික රාජ්‍යයන්ගේ සැබෑ ප්‍රශ්න විසඳීමට යුරෝපා සංගමයට හැකියාවක් නැති බව හෝ වුවමනාවක් නැති බව පෙනෙන්නට තිබේ.ඔවුන් වැඩි වශයෙන් අවධානය යොමු කර සිටියේ ජාතික ආණ්ඩු සිය පාලනය යටතේ තබා ගෙන ජාතික රාජ්‍යයන්ගේ ධනය උරාගෙන,යුරෝපියානු ඇලුම්කම් ලොව පුරා අලෙවි කිරීමටයි.යුරෝපියානුවන් හෝ යුරෝ-අත්ලාන්තික් එකමුතුව යථාර්තය මගින් විනාශ කරන ලදි.කෙසේවෙතත් තත්ත්වය ක්‍රමයෙන් තවත් නරක අතට හැරෙමින් තිබේ.

රුසියානු සෙනට් සභිකයෙක් සහ ජාත්‍යන්තර සබදතා සඳහා රුසියානු ඩූමා කොමිටුවේ හිටපු සභාපතිවරයෙක් වන ඇලෙක්සෙයි පුෂ්කොව් මාර්තු 23දා පවසා තිබුණේ කෝරෝනා වෛරස වසංගතය දැඩි ප්‍රහාරයට ලක්ව සිටින ඉතාලියට ආධාර ලබා දීම සඳහා පියාසර කරන රුසියානු ඉලියුෂන්-76 යුද ගුවන් යානාවලට පෝලන්ත ගුවන් අවකාශය වසා දමන්නට පෝලන්ත රජය තීරණය කර ඇති බවයි.

"සිය ගුවන් අවකාශය හරහා ඉතාලියට ආධාර රැගෙන යෑමට පෝලන්තය රුසියානු ගුවන් යානාවලට ඉඩ දෙන්නේ නැත.මෙය ඔවුන්ගේ පොදු ප්‍රතිපත්තියේ පහත්භාවය පෙන්වයි.උදව් ලබා දෙන්නේ යුරෝප සංගමය සහ නේටෝ සංවිධානය තුල පෝලන්තයේ මිත්‍රයෙකුට වීම විශේෂයි.අද පටන් සෑම ප්‍රශ්නයකදී රුසියාව පෝලන්තය කෙරෙහි මධ්‍යස්ථව බැලිය යුතුය" -ඇලෙක්සෙයි පුෂ්කොව්

ඉතාලියට වෛද්‍යාධාර රැගෙන යන රුසියානු ගුවන් යානා පෝලන්තය මග  හැර යන්නේ යැයි පවසන එකම පුද්ගලයා පුෂ්කොව් පමණක් නොවේ.මේ නිසා රුසියානුවන්ට කි.මී.1000 වැඩි දුරක් අමතරව පියාසර කිරීමට සිදුවේ.ඒ අනුව ඔවුන්ට රුසියාවේ සෝචි නගරය ආසන්නයෙන් කළු මුහුදට ප්‍රවිෂ්ඨව බෝල්කන් රටවල් හරහා ඉතාලියට ලගා විය යුතුය.




සෙනට් සභිකයාගේ ප්‍රකාශය පෝලන්ත බලධාරීන් හෝ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර නොමැත.වෙනත් හේතුවක් මත දිගු ගමන් මාර්ගයක් යොදාගෙන ඉතාලියට ලගා වන්නට රුසියානු පාර්ශ්වය තීරණය කර ඇති බවටද අනුමාන කල හැකිය.

මාර්තු 22දා පටන් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අවම වශයෙන් ඉලියුෂන්-76 යානා යොදාගෙන ගුවන් ගමන් 14ක් වත් ඉතාලිය වෙත සිදු කර තිබෙන්නේ වෛද්‍ය උපකරණ,සිය ගණනක් වෛද්‍ය සහ වසංගත,වෛරස විශේෂඥයෝ එරටට එවමින්ය.එලෙස ඉතාලියට ලගා වූ රුසියානු කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායම මේ වෙද්දී ඉතාලිය තුල සක්‍රීය සේවයේ නිරතව සිටියි.





source:southfront.org


යුරෝපානු එකමුතුව:ඉතාලියට වෛද්‍යාධාර සපයන රුසියානු ගුවන් යානාවලට පෝලන්ත ගුවන් ආවකාශය තහනම්? යුරෝපානු එකමුතුව:ඉතාලියට වෛද්‍යාධාර සපයන රුසියානු ගුවන් යානාවලට පෝලන්ත ගුවන් ආවකාශය තහනම්? Reviewed by HarshaLulzSec on March 25, 2020 Rating: 5

No comments:

Powered by Blogger.