කළු මුහුදේ රුසියානු නාවික යුද අභ්‍යාස

vladimir-putin-oversees-naval-drills-including-tests-of-kinzhal-hypersonic-and-kalibr-cruise-missiles

ජනවාරි 9 දා රුසියානු කළු මුහුදු බල ඇණිය සහ උතුරුදිග බල ඇණිය ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසවල නිතර වූයේ,කලිබර් කෲස් මිසයිල සහ කින්සාල් අතිධ්වනි මිසයිලද භාවිතා කරමින්ය.

මෙම අභ්‍යාස සඳහා නෞකා 30කට වැඩි ගණනක්,කලු මුහුදු බල ඇණියට අයත් සබ්මැරීනයක් සහ රුසියානු ගුවන් හමුදාවට අයත් 40 කට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් සහභාගී විය.

රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටීන් මාර්ෂල් උස්ටිනොව් නම් මිසයිල ප්‍රහාරක නෞකාවේ සිට යුද අභ්‍යාස නැරඹුවේය.

"නාවික හමුදාව හැමවිට ජාතික ආරක්ෂාවේ ප්‍රධාන සංරචකය වෙනවා.අපේ ජාතිය ප්‍රමුඛ නාවික බලයක් වශයෙන් අපි පවත්වාගෙන යනවා මෙන්ම ශක්තිමත් කරනවා."

ක්‍රිමියාවේ සෙවස්ටොපොල් හි පැවැත් වූ හමුදා නායකයින්ගේ හමුවක් සඳහා රුසියානු නායකයාද සහභාගී වූයේය.

කළු මුහුදේ යුද අභ්‍යාසවල කොටසක් වශයෙන් මිග්-31 ෆයිටර් ජෙට් යානා ගොඩබිම් ඉලක්ක වෙත කින්සාල් අතිධ්වනි මිසයිල දියත් කලහ.නාවික හමුදාවේ නෞකා කලිබර් කෲස් මිසයිල සහ අනෙකුත් අවි භාවිතා කරන ලදි.

රුසියානු නාවික හමුදාපති,නිකොලායි එව්මෙනොව් පැවසූ පරිදි අභ්‍යාස න්‍යාය පත්‍රයේ සියලුම දෑ සාර්ථකව ක්‍රියාවට නංවා තිබේ.

මෙම අභ්‍යාස සඳහා කළු මුහුදු බල ඇණියේ අද්මිරාල් ග්‍රිගොරොවිච් සහ අද්මිරාල් මැකරොව් නෞකා මෙන්ම කුඩා මිසයිල ප්‍රහාරක නෞකා සහ ඔරෙකොවො සුඑවො,නබෙරෙච්නි චෙල්නි,ඉව්නොවෙට්ස් යන මිසයිල බෝට්ටු වන ආදිය එක් වූහ.ඊට අමතරව සීසර් කුනිකොව් සහ අසොව් යන විශාල ගොඩබෑමේ නෞකා සහභාගී විය.තවද මුර සංචාරක නෞකා වන ඩිමිත්‍රි රොගචෙව් සහ වැසිලි බයිකොව් ,කොල්පිනෝ ප්‍රහාරක සබ්මැරීනය සමග කුඩා ප්‍රති-සබ්මැරීන නෞකා,මුහුදු බෝම්බ එළීමේ නෞකාද දක්නට ලැබිණි.



උතුරුදිග බල ඇණිය සතු මාර්ෂල් උස්ටිනොව් නම් මිසයිල ප්‍රහාරක නෞකාවේ ජනපති පුටීන්,ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ නිකොලායි එව්මෙනොව් යන අය රැදී සිටියහ.යුද අභ්‍යාස සඳහා වයිස් -අද්මිරල් කුලකොව් නම් යුද නෞකාවද එක් විය.

අද්මිරාල් ග්‍රිගොරොවිච් නෞකාව, ඔරෙකොවො සුඑවො කුඩා මිසයිල ප්‍රහාරක නෞකාව සහ කොල්පිනෝ සබ්මැරීනය මුහුද මතුපිට සහ ගැඹුරේ ඉලක්ක වෙත කලිබර් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කලහ.


කළු මුහුදු බල ඇණියේ ඉවැනොවෙට්ස් සහ නබෙරෙච්නි චෙල්නි මිසයිල බෝට්ටුවලින් මොස්කිට් නම් නෞකා නාශක මිසයිල දියත් කලෝය.

සතුරු නෞකා ලෙස වෙස් ගැන්වූ ඉලක්ක වෙත සාර්ථක මිසයිල ප්‍රහාර දෙකක් දියත් කරන්න ඔබ්ජෙක්ට් 100 යුට්ස් නම් වෙරළාශ්‍රිත මිසයිල පද්ධතිය සමත් විය.



පුහුණු අභ්‍යාස සඳහා සුකොයි-33 එස් එම් බහුකාර්ය ෆයිටර් ජෙට් යානා,සුකොයි-24එම් ඉදිරිපෙල බෝම්බ හෙළන යානා සහ ටුපලෙව්-95 උපාය මාර්ගික බෝම්බ හෙළන යානාවල කාර්ය මණ්ඩලයන් සහභාගී වූහ.යුද අභ්‍යාස,ඩ්‍රෝන් යානා මගින් දිගටම නිරීක්ෂණය කරන ලදි.





source:southfront.org


කළු මුහුදේ රුසියානු නාවික යුද අභ්‍යාස කළු මුහුදේ රුසියානු නාවික යුද අභ්‍යාස Reviewed by HarshaLulzSec on January 13, 2020 Rating: 5

No comments:

Powered by Blogger.