ඉරාන විප්ලවයේ ප්‍රාණත්‍යාගියා:කසෙම් සොලෙයිමානි

qassem-soleimani-martyr-of-iranian-revolution

ඉරාන ඉතිහාසයේ ප්‍රථම වතාවට රතු ධඡය,ශුද්ධ වූ නගරයේ ශුද්ධ වූ ජම්කරන් පල්ලියේ බුබ්බුලාකාර මුදුනේ ලෙල දුන්නේය.මෙම ධඡය එසවෙන්නේ නිස්කාරණයේ මරා දැමුණු පුද්ගලයෙකු වෙනුවෙන් පළිගන්නා බව ඇඟවීමටයි.ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේදී ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් මරණයට පත් වූ ඉරාන සහ ඉරාක හමුදා නායකයින් අතර සිටි මේජර් ජෙනරල් කසෙම් සොලෙයිමානිට කෙරෙන ගෞරවයක් වශයෙන් මෙය සිදු කරන්නට ඇතැයි සඳහන් වේ.නුතන ඉරානය මුහුණ දුන් බිහිසුණුම සහ දීර්ඝතම සංග්‍රාමය වූ ඉරාක-ඉරාන යුද්ධයේදී(1980 සැප්තැම්බර් 22 - 1988 අගෝස්තු 20) පවා මෙම රක්ත වර්ණ ධඡය එසවූයේ නැතැයි කියවේ.

මෙම ධඡය එසවීමෙන් ප්‍රදර්ශනය කෙරෙන්නේ එක්සත් ජනපදය සිදු කල ත්‍රස්තවාදී ක්‍රියාවට ප්‍රතිචාර දක්වන්නට ඉරානය තීරණය කර ඇති බවත්,රටක් සහ ජාතියක් වශයෙන් සොලෙයිමානිගේ පෞරුෂත්වය් ඉරානයට කොතරම් සුවිශේෂීද යන වගයි.නූතන ලෝකයේ වඩාත් ක්‍රියාකාරීම සංග්‍රාමික අණදෙන නිලධාරියා මෙන්ම සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරිම පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයින්ගෙන් එක් අයෙක් වූ මෙම ජෙනරල්වරයා,වරක් උත්තරීතර නායක අයතොල්ලාහ් අලි කමෙයිනි විසින් හඳුන්වා තිබුණේ "විප්ලවයේ ජීවමාන ප්‍රාණත්‍යාගියා" ලෙසයි.2019 මාර්තු මාසයේදී සොලෙයිමානි ඉරානයේ ඉහළම හමුදා ගෞරවය වන සොල්ෆගර් පදක්කමෙන් පිදුම් ලැබුවේය.


සිය ජීවිත කාලය තුල සොලෙයිමානි ජීවමාන පුරාවෘත්තයක් මෙන් විදේශයන්හි මෙහෙයුම් අධීක්ෂණය කරමින්,ප්‍රධාන පෙළේ යුද සහ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ ලබා ගනිමින් ටෙහෙරානයේ බලපෑම මැදපෙරදිග පුරා පතුරවමින් ජීවත් වූයේය.ඔහුගේ මරණයෙන් පසුව,ඔහු ඉරානයේ සහ අරාබි ලෝකයේ විශාල කොටසක ප්‍රතිරෝධයේ ප්‍රතිමූර්තිය බවට පත් විය.සොලෙයිමානිගේ ඝාතනය එක්සත් ජනපදය සහ ඉරානය අතර විවෘත සංග්‍රාමයක් ඇති වීමට තිබෙන අවස්ථාව තවත් ඉහළ දැමීය.තවද එවැනි යුද්ධයකට සම්පූර්ණ කලාපයම ඇවිල විය හැකිය.

1957 වර්ෂයේදී දිළිඳු පවුලක උපන් සොලෙයිමානි ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවට එක්වන්නේ 1979 ඉරාන විප්ලවයෙන් පසුවයි.ඉරාන-ඉරාක යුද සමයේදී ඔහු හමුදාවේ ඉහළට පැමිණීමට සමත් වේ.යුද්ධය අවසන් වීමෙන් පසුව සොලෙයිමානි ප්‍රසිද්ධියේ දැකගත නොහැකි වූ අතර නැවතත් කරළියට එන්නේ 2011 වර්ෂයේදීය.ඒ වන විට ඔහු ඉස්ලාමීය විප්ලකාරී ආරක්ෂක හමුදාවේ කුඩ්ස් බලකා හි නායකත්වයට පත් ව තිබූ අතර උත්තරීතර නායක අයතොල්ලා අලි කමෙයිනි විසින් ඔහුව මේජර් ජෙනරල් තනතුර දක්වා උසස් කර තිබිණි.

 සිය වෘත්තීය ජීවිතයේදී ඔහු ඉරාකයේ කුර්දි කණ්ඩායම් සමග සමීප සබදතා ඇති කරගත් අතර,ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සහාය ලබා දීම සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටන් වැදීමට ඉරාන සහ සිරියානු හමුදාවන්ට යුද මෙහෙයුම්වලදී සහාය ලබා දීම ආදී සුවිශේෂී කටයුතු සිදු කරන ලදි.මේජර් ජෙනරල්වරයා ඉරාකයේ මෝසූල් සිට සිරියාවේ ඇලපෝ දක්වා ප්‍රධාන ඉදිරි ආරක්ෂක වළලුවලදී නිතර ඇස ගැටුණු අයෙකි.2014 වර්ෂයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඉරාකයේ බැග්ඩෑඩ් නගරය ක්‍රමයෙන් වටලද්දී සොලෙයිමානි එහි ආරක්ෂාව සඳහා මැදිහත් වූයේය.තෙල් වලින් පොහොසත් ඉරාකයේ ටික්‍රිට් නගරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගන්නට 2015 වර්ෂයේදී ඉරාක රජයට ඔහුගේ සහාය හිමි විය.2017 වර්ෂයේදී සිරියාවේ අල්-බුකමල් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටන සඳහා ඔහු පෞද්ගලිකව අණදීමට ඉදිරිපත් වූයේය.සිරියානු යුද්ධය තුල සිරියා-ඉරාන-රුසියා සන්ධානයේ සාර්ථකත්වයට විශාල වශයෙන් හේතු වූයේ කුඩ්ස් බලකා ප්‍රධානියා සහ ඔහුට රුසියානු හමුදාව ලබා දුන් සහායයි.යේමනයේදී, සොලෙයිමානිගේ කුඩ්ස් බලකා එරට හවුති සටන්කාමීන්ට සාර්ථකව සහාය ලබා දෙමින් සෞදිය විසින් මෙහෙයවූ සන්ධානයේ ආක්‍රමණික සැලසුම් බිද දැමීය.එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයට(හවුති) යේමනයේ අගනගරය තමන් සන්තකයේ තබා ගෙන යුද්ධය සෞදි අරාබියේ භූමියට වෙත ගෙන ගොස් සංඛ්‍යාවෙන් සහ තාක්ෂණිකව වඩාත් ඉහළ මට්ටමක පසුවන සතුරා පරාජය කර ජයග්‍රහණ අත් කර ගන්නට ඉඩ ලැබිණි.කසෙමි සෙලෙයිමාන් ඝාතනය කිරීමට එක්සත් ජනපදය,ඊශ්‍රායලය සහ සෞදි අරාබිය උත්සාහ දැරූ බවට දිගින් දිගටම ඉරාන මාධ්‍ය වාර්තා පළ විය.සිරියාව,ඉරාකය සහ යේමනය යන රටවල යුද්ධවල අවසන් ප්‍රතිඵලය ඉහත කී බලවතුන්ට කලාපය තුල තිබෙන ස්ථාන අනතුරේ හෙළීමට හේතු වූයේය.එමගින් නිර්මාණය වන බල රික්තය පිරවීමට ඉරානය ක්‍රියාකරමින් සිටීම සම්බන්ධව මෙම බලවතුන් දැඩි සේ උරණව පසුවූහ.

සොලෙයිමානි සිරියාවේ ඇලපෝ හි සංචාරයක යෙදුණු අවස්ථාවක්

මේජර් ජෙනරල් කසෙම් සුලෙයිමානි සිය උපදේශකයෙක් වූ කයිරල්ලා සමාඩි(මෝටාර් ප්‍රහාරයකින් මරණයට පත් විය) සමග සිරියාවේ අල්-බුකමල් ඉදිරි ආරක්ෂක වළල්ලේ,2017.

මුහුණ දුන් යුද්ධවල සහ ලබා ගත් ජයග්‍රහණවල ප්‍රමාණය සලකද්දී මෙන්ම භූගෝලීය තත්ත්වයන් සහ ඓතිහාසික කාල සමයේ වෙනස සලකා බලද්දී ඉරාන ජාතියට සොලෙයිමානිගේ චරිතය,සෝවියට් දේශයේ "ජයග්‍රහණයේ සේනාධිපතියා" නමින් හැඳින් වූ දෙවන ලෝක යුද්ධයේ ජෝර්ජි සුකොව් ජෙනරල්වරයා සමහ සංසන්දනය කල හැකිය.සොලෙයිමානිගේ ජනප්‍රියත්වය කොතරම්ද යත් ඔහුට ඉරාන ජනාධිපති තනතුර දක්වා යෑමේ අවස්ථාව තිබිණි.2016 වර්ෂයේ සමීක්ෂණවලට අනුව ඉරානයේ 76% ප්‍රතිශතයක කැමැත්ත ඔහුට හිමිවිය.ඔහු කටකතා ප්‍රතික්ෂේප කල අතර සිය ජීවිත කාලය අවසන් වන තෙල් සොල්දාදුවෙක් ලෙස සිටින්නේ යැ‍යි පවසා ඇත.

සොලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවය අතරතුර කඳුළු සලන උත්තරීතර නායක අයතොල්ලා අලි කමෙයිනි


උත්තරීතර නායක අයතොල්ලා අලි කමෙයිනි දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ "සොලෙයිමානිගේ මරණය,එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහි ප්‍රතිරෝධයේ පෙළඹ වීම දෙගුණ කරනු ඇතැයි" කියාය.සොලෙයිමානි මරා දැමූ අපරාධකරුවන්,කර්කශ පළිගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින්න යැ‍යි කමෙයිනි පැවසුවේය.හමුදා නායකයාගේ මරණයට ශෝකය පළ කරන්නට සහ බොහෝදෙනෙක් යුද ප්‍රකාශ කිරීමක් වශයෙන් දකින ඇමෙරිකානුවන්ගේ ආක්‍රමණශීලීත්වයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉරාන සහ ඉරාක ජනයා දස දහස් ගණනක් විදී බැස සිටියහ.





source:southfront.org


ඉරාන විප්ලවයේ ප්‍රාණත්‍යාගියා:කසෙම් සොලෙයිමානි ඉරාන විප්ලවයේ ප්‍රාණත්‍යාගියා:කසෙම් සොලෙයිමානි Reviewed by HarshaLulzSec on January 08, 2020 Rating: 5

No comments:

Powered by Blogger.