රුසියානු ජනපති පුටීන් ඇතුලුව ජෙනරාල්වරු සිරියාවේ සංචාරයක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන්,ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ රුසියානු සන්නද්ධ හමුදා ප්‍රධානී වැලෙරි ජෙරසිමොව් යන අය ජනවාරි 7 දා සිරියාවේ හදිසි සංචාරක නිරත වූහ.ඔවුන් සිරියාවේ රුසියානු හමුදා අණදෙන මූලස්ථානයෙහිදී සිරියානු ජනපති බෂාර් අල්-ෂාඩ් සහ එරට ඉහළ පෙළේ හමුදා නායකයින් හමුවී සාකච්ඡා කලහ.

ඩැමැස්කස් නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් සිරියාවට ළඟා වූ ජනපති පුටීන් ඇතුලු පිරිස අගනගරයේ වීදි ඔස්සේ අණදෙන මූලස්ථානයට ළඟා වූ බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ලේකම් ඩිමිත්‍රි පෙස්කොව් පැවසුවේය.

සිරියානු යුද භූමියේ වාතාවරණය සම්බන්ධව හමුදා බලධාරීන් ඉදිරිපත් කල වාර්තාවන්ට දෙරටේ ජනපතිවරුන් ඇහුම්කන් දුන්හ.


සාමකාමි දිවියක සලකුණු ඩැමැස්කස් හි විදි තුල පියවි ඇසට පෙනෙන බව පුටීන් ,ජනපති අෂාඩ් හට පැවසූ බව පෙස්කොව් සඳහන් කලේය.සිරියාවේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයත්වය නැවත පිහිටුවීමට සඳහා වූ ගමනේ විශාල දුරක් පැමිණ තිබේ යැයිද ජනපතී පුටීන් කිවේය.

මීට ඉහතදී ව්ලැඩිමීර් පුටීන් සිරියාවට පැමිණෙන්නේ 2017 වර්ෂයේදීය.ඒ සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුර නිරීක්ෂණය කිරීමටයි.එහිදී ඔහු ජනපති අල්-ෂාඩ්ද මුණ ගැසේ.

රුසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිස සිරියාවේ සංචාරයක යෙදෙන්නේ එක්සත් ජනපදයත්,ඉරානයත් අතර මහා පරිමාණ ගැටුමක් ඇවිලී ගොස් ඇති අවස්ථාවකයි.තුර්කි ජනපති රිසෙප් එර්ඩොගන් මුණ ගැසීම සඳහා තුර්කිය බලා යන්නටද පුටීන් සැලසුම් කර තිබෙන බව වාර්තාවේ.


putin-top-russian-generals-are-on-visit-to-syria-held-talks-with-assad

putin-top-russian-generals-are-on-visit-to-syria-held-talks-with-assad

putin-top-russian-generals-are-on-visit-to-syria-held-talks-with-assad

putin-top-russian-generals-are-on-visit-to-syria-held-talks-with-assad




source:southfront.org


රුසියානු ජනපති පුටීන් ඇතුලුව ජෙනරාල්වරු සිරියාවේ සංචාරයක රුසියානු ජනපති පුටීන් ඇතුලුව ජෙනරාල්වරු සිරියාවේ සංචාරයක Reviewed by HarshaLulzSec on January 08, 2020 Rating: 5

No comments:

Powered by Blogger.