බටහිර ඉරාකයට කඩා වැටුණු ඇමෙරිකානු ඩ්‍රෝන් යානය

modern-us-drone-crashes-in-western-iraq

ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදා මෙහෙයවනු ලැබූ නවතම ඇමෙරිකානු ඩ්‍රෝන් යානයක් ජනවාරි 4දා ඉරාකයේ බටහිර ප්‍රදේශයේදී කඩා වැටිණි.

බටහිර අන්බාර් ප්‍රදේශයට ඉහළින් අවේක්ෂණ මෙහෙයුමක නිරත සිටි යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කඩා වැටී ඇති බව ඉරාක ආරක්ෂක අංශ මූලාශ්‍රයක් අල්-සුමාරියා පුවත් නාලිකාවට පවසා තිබිණි.


කඩා වැටුණු ඩ්‍රෝන් යානයේ සුන්බුන්

Boeing Insitu ScanEagle 2 down in iraq

Boeing Insitu ScanEagle 2 down in iraq

Boeing Insitu ScanEagle 2 down in iraq

කඩා වැටුණු යානයේ සුන්බුන් වල ඡායාරූපවලට අනුවට එය ස්කෑන් ඊගල් 2 වර්ගයේ ඩ්‍රෝන් යානයකි.

මෙම මාදිලියේ ඩ්‍රෝන් යානා ඇමෙරිකානු හමුදාවේ සේවයට එක් කර ගැනෙන්නේ 2014 වර්ෂයේදීය.ස්කෑන් ඊගල් 2 යානයක උපරිමව පැයට කිලෝමීටර් 148 වේගයකින් පියාසර කල හැකිය.එයට පැය 16කට වැඩි කාලයක් ගුවනේ සැරි සැරීමට හැකි අතර ළඟා විය හැකි උපරිම උස මීටර් 5950කි.

Boeing Insitu ScanEagle 2 down in iraq
ස්කෑන් ඊගල් 2 ඩ්‍රෝන් යානය

සමහරක් මූලාශ්‍ර පවසන පරිදි ඩ්‍රෝන් යානය බිම හෙළා තිබෙන්නේ ඉරාකයේ මහජන සේවා මණ්ඩලයේ සෙබලුන්ය.ඒ සිය හමුදා ඉලක්ක කරගෙන ඇමෙරිකාව එල්ල කල ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් යැ‍යි මූලාශ්‍ර සඳහන් කරයි.එනමුත් මෙම කියුම් සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි මේ දක්වා ඉදිරිපත්ව නොමැත.




source:southfront.org


බටහිර ඉරාකයට කඩා වැටුණු ඇමෙරිකානු ඩ්‍රෝන් යානය  බටහිර ඉරාකයට කඩා වැටුණු ඇමෙරිකානු ඩ්‍රෝන් යානය Reviewed by HarshaLulzSec on January 08, 2020 Rating: 5

No comments:

Powered by Blogger.