ජෙනරල් සොලෙයිමානි ඝාතනයට යොදා ගත් අවිය හෙළි කරන ඉරාක මුලාශ්‍ර

iraqi-sources-reveal-weapon-used-to-kill-general-soleimani

ඉරානයේ කුඩ්ස් බලකා ප්‍රධානියාව සිටි මේජර් ජෙනරල් කසෙම් සොලෙයිමානි සහ ඔහුගේ මිත්‍රයන් ඝාතනය කිරීමට භාවිතා කර තිබෙන්නේ එක්සත් ජනපදයේ නිෂ්පාදිත AGM-114 හෙල්ෆයර් නම් මිසයිල වර්ගය යැ‍යි ඉරාක මූලාශ්‍ර ජනවාරි 3දා හෙළි කලහ.

ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සුන්බුන් අතර තිබී සොයා ගත්තේ යැ‍යි කියන හෙල්ෆයර් මිසයිලයක කොටසක් අඩංගු ඡායාරූපයක් ඉරාකයේ Tactical Cell නම් ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි.මිසයිල ප්‍රහාරවලින් මේජර් ජෙනරල් සොලෙයිමානි සහ ඉරාක හා ඉරාන හමුදා නායකයින් ගමන් ගත් රථ දෙකක් මුළුමනින්ම විනාශයට පත් විය.

weapon-used-to-assassinate-Soleimani

1982 වර්ෂයේදී හඳුන්වා දුන් AGM-114 මිසයිලය අර්ධ-සක්‍රීය ලේසර් මාර්ගෝපදේශන පද්ධතියකින් සමන්විත ගුවනේ සිට ගොඩබිම් ඉලක්ක වෙත නිකුත් කරන එකකි.මෙම මිසයිලයේ මෙහෙයුම් පරාසය කි.මී. 8ක් පමණ වේ.

ඉරාකයේ Tactical Cell ෆේස්බුක් පිටුව පළ කර තිබෙන ඡායාරූපයට අනුව ඝාතන සඳහා භාවිතා කර තිබෙන මිසයිලවල බර කිලෝ ග්‍රෑම් 52කි.එම බරට ආසන්නතම හෙල්ෆයර් මිසයිල සංස්කරණය වන්නේ AGM-114R ව්‍යුත්පන්නයයි.


ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කිහිපයක්ම සඳහන් කර තිබුණේ ඝාතන සඳහා MQ-9 රීපර් නම් සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් භාවිතා කර තිබෙන බවයි.MQ-9 රීපර් ඩ්‍රෝන් යානයේ අවම වශයෙන් හෙල්ෆයර් මිසයිල හතරක් රැගෙන යා හැකිය.




source:southfront.org


ජෙනරල් සොලෙයිමානි ඝාතනයට යොදා ගත් අවිය හෙළි කරන ඉරාක මුලාශ්‍ර ජෙනරල් සොලෙයිමානි ඝාතනයට යොදා ගත් අවිය හෙළි කරන ඉරාක මුලාශ්‍ර Reviewed by HarshaLulzSec on January 07, 2020 Rating: 5

No comments:

Powered by Blogger.