ලොව වේගවත්ම ජෙට් යානයේ රහස් අනාවරණය කෙරේ

secret-of-the-fastest-jet-in-the-world-revealed

පිටසක්වල යානයක පෙනුම සහිත ලොක්හීඩ් සමාගමේ ස්කන්ක් වර්ක්ස් කොට්ඨාශය 1960 දශකයේදී නිපදවන ලද ,1998 වර්ෂයේදී විශ්‍රාම යැවූ SR-71 බ්ලැක්බර්ඩ් යානය ලොව වේගවත්ම ජෙට් යානයයි.මෙම වර්ගයේ යානා 32ක් පමණක් නිෂ්පාදනය කර තිබේ.

බ්ලැක්බර්ඩ් යානයට ළඟා විය හැකි උපරිම වේගය මාච් 3.2කි.එනම් පැයට කිලෝමීටර් 3951කි.ඒ සඳහා ප්‍රැට් සහ විට්නි ජේ-58 ටර්බෝජෙට් එන්ජින් සහ වාතය ඇතුලු කරගන්නා ඇතුලු මං සහාය වේ.ඒ හරහා මුහුදු මට්ටමදී රාත්තල් 32,000කට වැඩි තෙරපුමක් ඇති කරයි.

එහි එන්ජිම නිපදවා තිබෙන්නේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන නිකල් මිශ්‍ර ලෝහයකිනි.ෆැරන්හයිඩ් 800කට උෂ්ණත්වයකට ඔරොත්තු දෙන ඉන්කොනෙල් සහ වස්පැලොයි ලෝහ ඒ සඳහා භාවිතා කර තිබේ.යානය උපරිම වේගයට ලගා වෙද්දී වාතය ඇතුල් කර ගන්නා මඟේ ෆැරන්හයිඩ් 3200ක උෂ්ණත්වයක් ජනිත වේ.

එක්සත් ජනපද ගුවන් හමුදාවේ SR-71 බ්ලැක් බර්ඩ් ඔත්තු බැලීමේ යානයක් නෙවාඩා අහසේ දී බොයින් KC-135 ස්ට්‍රාටොටෑන්කර් ගුවන් යානයකින් තෙල් ලබා ගන්නට සූදානම් වෙමින්,1990 ජනවාරි 26.

මෙම ජෙට් යානය නිපදවන ලද්දේ සීතල යුද සමයේ සෝවියට් දේශයේ ඔත්තු බැලීම සඳහාය.යානයේ තාක්ෂණික කාරණා ගැන කතා කරද්දී වාතය ඇතුල් කර ගන්නා මගේ ජ්‍යාමිතිය වෙනස් කිරීම සඳහා චලනය කල හැකි කේතු ආකාර උල් හැඩැති ව්‍යුහ මගින්ය.

මාච් 3 වේගයකින් පියාසර කරද්දී මුහුණ දෙන කටුක තත්ත්ව යටතේ පාවිච්චි කල හැකි විශේෂිත ඉන්ධන වර්ගයක් මෙම යානය සඳහා භාවිතා කෙරේ.

ජේ-58 එන්ජිමේ සැලැස්ම තවදුරටත් රහසක් නොවුවද මේ දක්වා එම එන්ජිමේ තාක්ෂණය සහ වාතය ඇදගන්නා ඇතුලු මං පිටපත් නිර්මාණය කිරීම කිසිවෙක් සමත් වී නැත.

විශ්‍රාම ගොස් දශක දෙකක් පමණ කාලයක් ගත වුවත් 1976 වර්ෂයේදී පිහිටුවන ලද වේගවත්ම,වාතය ආධාරයෙන් ප්‍රචාලනය වන මිනිසුන් සහිත යානය ලෙස තවමත් වාර්තාව උසුලා සිටින්නේ SR-71 බ්ලැක් බර්ඩ් යානයයි.




source:sputniknews.com


ලොව වේගවත්ම ජෙට් යානයේ රහස් අනාවරණය කෙරේ ලොව වේගවත්ම ජෙට් යානයේ රහස් අනාවරණය කෙරේ Reviewed by HarshaLulzSec on December 01, 2019 Rating: 5

No comments:

Powered by Blogger.