වීඩියෝ වාර්තාව:රුසියානු සුකොයි-34 යානයක් සිරියාවේ ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන් වෙත හෙළන ටොන් 1.5 බර නියාමක බෝම්බය

russian-su-34-drops-1-5-ton-guided-bomb-on-terrorist-position-in-syrias-idlib

සිරියාවේ දකුණුදිග ඉඩ්ලිබ් හි සාර්ජා නගරය ආසන්නයේ ත්‍රස්තවාදීන් සැඟවී සිටින ස්ථානයක් වෙත රුසියානු සුකොයි-34 ජෙට් යානයකින් නියතාර්ථ නියාමක බෝම්බයක් හෙළන අයුරු දැක්වෙන වීඩියෝවක් නොවැම්බර් මස 22දා සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන් විසින් මුදා හැර තිබිණි.


ජෙට් යානයේ දකුණු පියාපත යට රඳවා තිබූ බෝම්බය,KAB–1500LG මාදිලියේ එකක් යැයි විශ්වාස කෙරේ.2015 වර්ෂයේදී රුසියානු ගුවන් හමුදාව සිරියාවේ සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කල කාලයේ පටන් සුකොයි-34 ජෙට් යානා මෙම මාදිලියේ බෝම්බ වලින් සන්නද්ධ කරන ලදි.

KAB–1500LG බෝම්බය උසස් මට්ටමේ විභ්‍රමණේක්ෂ ස්ථාවර කරන අර්ධ-ස්වයංක්‍රීය ලේසර් සංඥා ලුහුබැඳීමේ උපාංගයකින් සමන්විතය.මෙම බෝම්බය ඉලක්කයේ සිට මීටර් 4-7 අතර දෝෂයක් සහිතව පතිත විය හැකිය.


KAB–1500LG බෝම්බය පහත දැක්වෙන වින්‍යාස තුන යටතේ භාවිතා කෙරේ

  • KAB-1500LG-Pr-E – බංකර් නාශක සබ්-කැලිබර් අවි ශීර්ෂයක් සහිතව
  • KAB-1500LG-F-E – පිපිරුම් ඛණ්ඩනීකරණ අවි ශීර්ෂයක් සහිතව
  • KAB-1500LG-OD-E – තර්මෝබැරික් අවි ශීර්ෂයක් සහිතව


එහි බර කිලෝ ග්‍රෑම් 1,500කට ආසන්න වුවද,ලබා දුන් ඉලක්කයේ සිට කිලෝ මීටර් 8 ක් ඈතින් KAB–1500LG බෝම්බ බිම හෙළිය හැකිය.

මෙවැනි නවීන බෝම්බ භාවිතයෙන් සිවිල් වැසියන්ට අවම හානියක් සිදුවන පරිදි ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියානු ගුවන් හමුදාවට හැකියාව ලැබී තිබේ.




source:southfront.org


වීඩියෝ වාර්තාව:රුසියානු සුකොයි-34 යානයක් සිරියාවේ ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන් වෙත හෙළන ටොන් 1.5 බර නියාමක බෝම්බය වීඩියෝ වාර්තාව:රුසියානු සුකොයි-34 යානයක් සිරියාවේ ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන් වෙත හෙළන ටොන් 1.5 බර නියාමක බෝම්බය Reviewed by HarshaLulzSec on December 05, 2019 Rating: 5

No comments:

Powered by Blogger.