ඉන්දියාවේ අග්නි-3 මිසයිලයේ පළමු රාත්‍රී දියත් කිරීම


කාෂ්මීරය හේතුවෙන් හටගත් ඉන්දි-පාකිස්ථාන වෙඩි හුවමාරු අතරමැද දෙරටම පසුගිය සතිවල තරඟයට මිසයිල අත්හදා බැලීම් සිදු කරන ලදි.

ඉන්දියාව නොවැම්බර් මස 30දා අග්නි-III නම් අතරමැදි-පරාස බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය.එය අග්නි-III මිසයිලය රාත්‍රී කාලයේ අත්හදා බැලූ පළමු අවස්ථාවයි.මිසයිලය සැතපුම් 1,862කට වැඩි දුරක් ගමන් කර ලබා දුන් ඉලක්කය මත ගැටුණු බව ආරක්ෂක මූලාශ්‍ර තහවුරු කලහ.

අග්නි-III මිසයිලය නිපදවන්නේ හමුදා පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වගකිව යුතු ජාතික ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාංශය වන ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයයි.මෙම මිසයිල ඉන්දීය හමුදාවේ සේවයට එක් වන්නේ 2011 වර්ෂයේය.

නොවැම්බර් මාසයේදී මුලදී එම සංවිධානය අග්නි-II මිසයිලයේ පලමු රාත්‍රී දියත් කිරීම සිදු කලේය.

න්‍යෂ්ඨික අවි ගෙන යා හැකි මිසයිල වන අග්නි-III ,පෘථිවි මිසයිල සහ බ්‍රාහ්මොස් අතිධ්වනි කෲස් මිසයිලය ඉන්දීය ආරක්ෂක අංශ විද්‍යාඥයෝ විසින් අත්හදා බලද්දී,පාකිස්තාන හමුදාව ෂහීන් 1 සහ අනෙකුත් ගොඩබිම්-ගුවන් බැලස්ටික් මිසයිල අත්හදා බලන ලදි.


සබ්මැරීනවලින් දියත් කල හැකි කේ4 නම් බැලස්ටික් මිසයිලය දෙසැම්බර් මාසයේ මැදභාගයේදී ඉන්දීය හමුදාව අත්හදා බලනු ඇතැයි ආරක්ෂක මූලාශ්‍ර තහවුරු කලහ.

ඉන්දියාව යටතේ තිබෙන කාශ්මීර් කලාපයට ලබා දී තිබූ විශේෂිත තත්ත්වය ඉවත් කිරීමට පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දීය රජය තීරණය කිරීමත් සමග ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ නිමක් නැති වෙඩි හුවමාරු සිදුවෙමින් ඇත්තේ මාස හතරක පමණ කාලය පටන්ය.




source:sputniknews.com


ඉන්දියාවේ අග්නි-3 මිසයිලයේ පළමු රාත්‍රී දියත් කිරීම ඉන්දියාවේ අග්නි-3 මිසයිලයේ පළමු රාත්‍රී දියත් කිරීම Reviewed by HarshaLulzSec on December 01, 2019 Rating: 5

No comments:

Powered by Blogger.