ඇමෙරිකානු පාබල හමුදා ප්‍රහාරක රථ සිරියාවේ ඩීර් එසෝර් පළාතට යැවේ

u-s-prepares-to-deploy-bradly-infantry-fighting-vehicles-in-syrias-deir-ezzor-photos

එක්සත් ජනපද යුද හමුදාව පාබල හමුදා ප්‍රහාරක රථ ඊසානදිග සිරියාවේ ඩීර් එසෝර් පළාතට යෑවීම සඳහා සූදානම් වන්නේ යැයි එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ ප්‍රකාශකයෙක් ඔක්තෝම්බර් මස 31දා හෙළි කලේය.

වාර්තාවලට අනුව මෙලෙස සිරියාවට යැවීමට නියමිත තිබෙන්නේ M2A2 බ්‍රැඩ්ලි නම් පාබල හමුදා ප්‍රහාරක රථය.එම රථ සිරියාවට පිටත් කර එවීම සඳහා හමුදා ප්‍රවාහන ගුවන් යානාවලට පටවන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කර තිබිණි.

Bradley fighting vehicles from SC and NC National Guard that have now arrived in Syria

ඇමෙරිකානු හමුදා සන්නාහ සන්නද්ධ බ්‍රිගේඩයක සංග්‍රාමික කණ්ඩායම් බල ඇණියකින් භාගයක් ඊසානදිග සිරියාවේ ප්‍රධාන තෙල් නිධි වෙත යැවීමට බලාපොරොත්තු වන බව පෙන්ටගනයේ බලධාරියෙක් ඔක්තෝම්බර් මාසයේ මුලදී නිවුස්වීක් පුවත්පතට පැවසුවේය.නිවුස්වීක් වාර්තාව ඔක්තෝම්බර් 25දා පෙන්ටගනය විසින් තහවුරු කරන ලදි.

M2A2 බ්‍රැඩ්ලි පාබල හමුදා ප්‍රහාරක රථ ඊසානදිග සිරියාවට ගෙන ආ මොහොත

M2A2 Bradley Fighting Vehicles arrived in Northern Syria.
 
ඇමෙරිකානු සෙබලුන් සුරක්ෂිතව සහ හැකි ඉක්මණින් කලාපයෙන් ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් මීට ප්‍රථමයෙන් පැවසුවේය.

Jabal Ghul airfield

C-17 ග්ලෝබ්මාස්ටර් III ප්‍රවාහන ගුවන් යානාවලින් රථ රැගෙන ආවේ සිරියාවේ අල්-හසාකා නගරයේ සිට වයඹදිගින් පිහිටා ඇති ජබාල් ගුල් ගුවන් ධාවන පථය වෙතටයි

 දැන් පෙනෙන ආකාරයට වොෂින්ටන් රජය සිරියාවේ සිය හමුදා තර කරමින් සිටියි.තුර්කියේ නායකත්වය යටතේ සිරියාවේ ඊසානදිග සිරියාව ආක්‍රමණය කිරීමත් සමග එම කලාපයෙන් ඇමෙරිකානු හමුදාවන්ට පසුබසින්න යැ‍යි ආරම්භයේදී ලැබුණු නියෝගය සම්බන්ධව බරපතල ප්‍රශ්න මතුවෙමින් ඇත.

source:southfront.org

ඇමෙරිකානු පාබල හමුදා ප්‍රහාරක රථ සිරියාවේ ඩීර් එසෝර් පළාතට යැවේ ඇමෙරිකානු පාබල හමුදා ප්‍රහාරක රථ සිරියාවේ ඩීර් එසෝර් පළාතට යැවේ Reviewed by HarshaLulzSec on November 03, 2019 Rating: 5

No comments:

Powered by Blogger.