ඊසානදිග සිරියාවේදී රුසියානු හමුදා පොලිසියට තුර්කි ප්‍රොක්සි හමුදා ප්‍රහාරයක් එල්ලවේ

turkish-backed-forces-shell-russian-military-police-in-northeastern-syria-war-report

ඔක්තෝම්බර් මස 29දා සිරියා-තුර්කි දේශසීමාව ආසන්නයේ ඩර්බාසියාහ් ගම්මානයේ මුර සංචාරයේ යෙදී සිටි රුසියානු හමුදා පොලිස් ඒකක වෙත මෝටාර් ප්‍රහාරයක් එල්ල විය.එම ගම්මානය පිහිටා තිබෙන්නේ තුර්කි පාලනය යටතේ තිබෙන රාස් අල්-අයින් නගරයට නැගෙනහිර දෙසින්ය.ඊසානදිග සිරියාවේ යුද මුක්ත කොරිඩෝරයක් සඳහා ඇති කර ගත් තුර්කි-රුසියා ගිවිසුමේ ප්‍රකාරව ඒකාබද්ධ දේශසීමා මුර සංචාර ආරම්භ කිරීමට තුර්කි පාර්ශ්වය සමග සාකච්ඡා කිරීමට රුසියානුවන් එහි යමින් සිටියදී මෙම ප්‍රහාරයේ එල්ල වූයේය.



අවම වශයෙන් රුසියානු සෙබලුන් දෙදෙනෙක් වත්  උක්ත ප්‍රහාරයෙන් තුවාල ලබන්නට ඇතැයි මුල් වාර්තාවල සඳහන් විය.කෙසේවෙතත්,පසුව ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කලහ.තුර්කි ප්‍රොක්සි හමුදා පැවසුවේ ඔවුන් පහර දුන්නේ රුසියානුවන් වෙත නොව කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ඉලක්ක කර ගෙන බවයි.

syrian-war-map-2019-10-30

යුද මුක්ත කලාප ගිවිසුම ක්‍රියාවට නැංවීම සහ කලාපය තුල ඉදිරියටත් ඒකාබද්ධ  ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඔක්තෝම්බර් 28දා රුසියානු සහ තුර්කි හමුදා නිලධාරීන් අන්කාරා හිදී හමුවූහ.

ඊසානදිග සිරියාවේ රාස් අල්-අයින් නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ සිට අල්-කමිෂ්ලි නගරය දක්වා තුර්කි දේශසීමාව ඔස්සේ කිලෝමීටර් 90 ක් පුළුල් ප්‍රදේශයක සිරියානු අරාබි හමුදාවේ ඒකක දිගටම ස්ථානගත කරමින් ඇත.සානා පුවත් සේවයට අනුව සිරියානු රජයේ හමුදා අවම වශයෙන් එම ප්‍රදේශයේ ජනාවාස 20කට පමණ ඇතුල් වූහ.

නැගෙනහිර යුප්‍රටීස් ඉවුරේ තුර්කියේ පීස් ස්ප්‍රින්ග් මෙහෙයුම ක්‍රියාත්මක ප්‍රදේශයට බටහිර සහ නැගෙනහිර දිශාවල තුර්කි දේශසීමා ඔස්සේ සිය හමුදා ස්ථානගත කල තැන තවදුරටත් ශක්තිමත් කිරීමට සිරියානු රජයේ හමුදා ක්‍රියාකරමින් සිටිති.

ඩීර් එසෝර් පළාත හරහා ගමන් කරන යුප්‍රටීස් ගංගාවේ ඉවුරු දෙක යාකරමින් නිර්මාණය කල පාවෙන පාලම ඔක්තෝම්බර් 28දා සිරියාව සහ රුසියාව විසින් විවෘත කරන ලදි.පාලම මගින් අල්-ම්රෙයිහ් සහ මරයට් නගර දෙක යා කෙරේ.එය ඉදිකරන ලද්දෙ රුසියානු හමුදාවල සහාය සහ ආරක්ෂාව යටතේය.

 යුප්‍රටීස් ගංගාව හරහා ඉදි කල පාවෙන පාලම විවෘත කල අවස්ථාව

floating bridge linking the two banks of Euphrates River in the province of Der Ezzor
 
floating bridge linking the two banks of Euphrates River in the province of Der Ezzor

floating bridge linking the two banks of Euphrates River in the province of Der Ezzor

floating bridge linking the two banks of Euphrates River in the province of Der Ezzor

floating bridge linking the two banks of Euphrates River in the province of Der Ezzor

floating bridge linking the two banks of Euphrates River in the province of Der Ezzor

floating bridge linking the two banks of Euphrates River in the province of Der Ezzor

උතුරු පළාතේ ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් පාලම ඉදි කලේ යැයි ඩීර් එසෝර් හි ආණ්ඩුකාර අබ්දුල් මජිඩ් අල්-කවකිබි පැවසුවේය.පළාතේ අනෙකුත් ප්‍රදේශ සමග සන්නිවේදනය පවත්වාගෙන යාමට පාලම උදව් වේවි.

මීට පෙර මෙම ප්‍රදේශයේ සියලු පාලම් එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය විනාශ කලේය.ඉන් කොටසක් කඩා දැමුණේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සංග්‍රාමයේදීය.පසුව,සිරියාවේ නැගෙනහිර යුප්‍රටීස් ඉවුරේ ඇමෙරිකානු පාලන ප්‍රදේශයත්,බටහිර ඉවුරේ රජයේ පාලන ප්‍රදේශත් සිටින ජනතාව සම්බන්ධ වීම වැළැක්වීමේ මෙවලමක් වශයෙන් ඉතිරි පාලම් විනාශ කලහ.

එක්සත් ජනපදය යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ තෙල් නිධි අතහැර දමන්නට සූදානම් නොමැති බවට එරට ආරක්ෂක ලේකම් මාක් එස්පර් ඔක්තෝම්බර් 28දා නැවත වරක් අනතුරු ඇඟවිය.එහි සිටින ඇමෙරිකානු හමුදාවටන්ට තර්ජනයක් කිරීමට කිසියම් කණ්ඩායමක් උත්සාහ දැරුවහොත් එක්සත් ජනපදය ඉතා ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන්නේ යැ‍යි ඔහු පැවසුවේය.





source:southfront.org


ඊසානදිග සිරියාවේදී රුසියානු හමුදා පොලිසියට තුර්කි ප්‍රොක්සි හමුදා ප්‍රහාරයක් එල්ලවේ ඊසානදිග සිරියාවේදී රුසියානු හමුදා පොලිසියට තුර්කි ප්‍රොක්සි හමුදා ප්‍රහාරයක් එල්ලවේ Reviewed by HarshaLulzSec on November 04, 2019 Rating: 5

No comments:

Powered by Blogger.