සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 31

syrian-war-report-october-31-2019-turkish-forces-advance-further-south-of-ras-al-ayn

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ දකුණු කොටසේ කබානා නගරය ආසන්නයේ දින කිහිපයක සිට සිරියානු රජයේ හමුදා සහ හයාට් ටරිර් අල්-ෂාම් සටන්කාමීන් අතර තීව්‍ර ගැටුම් පවතියි.

සිරියානු රජයේ හමුදා කිහිපවරක්ම මෙම ප්‍රදේශය හරහා ඉදිරියට යෑමට උත්සාහ කලත් ඒවා අසාර්ථක වී,අවම වශයෙන් යුද ටැංකි දෙකක් සහ තවත් යුදෝපකරණ කිහිපයක් හමුදාවට අහිමි වූ බව සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.මෙම ගැටුම්වලට හේතුව හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම් සිදු කරන සටන් විරාම උල්ලංඝනය කිරීම්ය.

එම් 5 මහා මාර්ගයේ ජබාලා ආසන්නයෙහි සටන්කාමීන්ගේ ශක්තිමත් ස්ථාන වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල වූ බවට වාර්තාවේ.

තුර්කි පාලනයට නතු වූ ඊසානදිග සිරියාවේ රාස් අල්-අයින් නගරය අවට තවදුරටත් ගැටුම් පවතියි.ටල් අබු රාසින්,ඇරැබ් කාන්,සෝඩා සහ මනජියර් ගම්මානවල සිරියානු රජයෙ හමුදා සහ තුර්කි ප්‍රොක්සි හමුදා අතර ගැටුම් සිදුවේ.තුර්කි හමුදාවේ ලෙපර්ඩ් යුද ටැංකි සිරියානු හමුදාවේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කලහ.


මෙම ගැටුම්වලදී සිරියානු හමුදා සෙබලුන් 20 දෙනෙක් දක්වා තුර්කි ප්‍රොක්සි හමුදා අත් අඩංගුවට පත්ව ඇත.ඉන් එක් සෙබලෙක් ඝාතනය කරන ලදි.තුර්කි-රුසියා ඒකාබද්ධ මුර සංචාර සිදු කරමින් තිබේ.රුසියානු හමුදා පොලිසිය මැන්බිජ්,කොබානි සහ බටහිර හා නැගෙනහිර කමිෂ්ලි යන ප්‍රදේශවල මුර සංචාර සිදු කරන්නේ යැ‍යි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.රාස් අල්-අයින් නගරයට දකුණු ප්‍රදේශය තවමත් අනාරක්ෂිතව තිබේ.

තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන්ට යටත් වූ සිරියානු සෙබලුන්
 



සටන්කාමීන් විසින් එක් සෙබලෙක් ඝාතනය කිරීමෙන් පසු
 

කුර්දි මූලාශ්‍රවලට අනුව තුර්කිය සහ එහි ප්‍රොක්සි හමුදා ටෙල් ටමිර් නගරය අල්ලා ගැනීමට මනා බලමින් සිටිති.අන්කාරා සහ මොස්කව් මෙම සටන් විරාම උල්ලංඝනය කිරීම් අවසන් කිරීමට ක්‍රියාමාර්ග නොගනියි නම් එම නගරයද සටන් බිමක් බවට පත් විය හැකිය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 31 සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 31 Reviewed by HarshaLulzSec on November 05, 2019 Rating: 5

No comments:

Powered by Blogger.