සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 29

syrian-war-report-october-29-2019-army-reinforces-positions-on-turkish-border

ජනපති එර්ඩොගන් සහ පුටීන් එකඟ වූ යුද මුක්ත කලාප ගිවිසුම යටතේ තුර්කි දේශසීමා අද්දරින් ඉවත්ව යෑම ආරම්භ කලේ යැ‍යි කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුද ඔක්තෝම්බර් මස 27දා නිවේදනය කලේය.ඔවුන් පැවසූ පරිදි සිරියානු දේශසීමා ආරක්ෂකයෝ දේශසීමාව ඔස්සේ යෙදවෙනු ඇත.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යටතේ ඇති ඊසානදිග සිරියාවේ ස්වයං-පාලනතන්ත්‍රය සහ ඩැමැස්කස් රජය අතර  වැඩදායි සංවාදයක් ආරම්භ කිරීමට උදව් කරන්න යැ‍යි කුර්දි කණ්ඩායම රුසියාවට පවසා තිබේ.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි ප්‍රමුඛතම කණ්ඩායමක් වන කුර්දි මහජන ආරක්ෂක ඒකක එල්ල කල ප්‍රහාරයකින් තුර්කි සෙබලෙක් මිය ගොස් පස්දෙනෙක් තුවාල ලැබුවේ යැයි තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය එදින නිවේදනය කලේය.ප්‍රහාරයට මුහුණ දුන් සෙබලුන් එම ප්‍රදේශයේ මුරසංචාරයක නිරත වෙමින් සිටි බව තුර්කිය පැවසීය.

ආරක්ෂිත කලාප එකඟතාවය යටතේ පිහිටුවන ලද සටන් විරාමය සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ තුර්කිය ප්‍රමුඛ හමුදා නිරන්තරයෙන් උල්ලංඝන්ය කරනු ලැබේ.මෙම සිද්ධීන් නොසලකා හැරි විට ඊසානදිග සිරියාවේ වාතාවරණය වැඩි හෝ අඩු වශයෙන් ස්ථාවරය.

තුර්කි හමුදා යොදවා සිටින සහ සටන් විරාම උල්ලංඝනය කිරීමක් වාර්තා නොවන තුර්කි දේශසීමාව ආසන්නේ නැගෙනහිර රාස් අල්-අයින් ප්‍රදේශයට සිරියානු අරාබි හමුදා කණ්ඩායම් ලඟා වූහ.එහි තුර්කි පාලනය යටතේ තිබෙන බටහිර ප්‍රදේශයෙහි සිය ස්ථාන ශක්තිමත් කිරීමට රජයේ හමුදා ක්‍රියා කලහ.ටයිගර් සහ ටයිපූන් සන්නාහ සන්නද්ධ රථවලින් සමන්විත රුසියානු හමුදා පොලිස් හේවා මුර සංචාර කොබානි නගරය ආසන්නයේ,බටහිර කමිෂ්ලි සහ නැගෙනහිර යුප්‍රටීස් හි එම් 4 මහා මාර්ගය ඔස්සේ සිදු කෙරිණි.

බටහිර ඉරාකයට පසුබැස ගිය ඇමෙරිකානු හමුදා නැවතත් සිරියාවට පැමිණෙමින් සිටිති.ඔක්තෝම්බර් 26,27 සහ 28 දිනයන් හි දී හමුදා රථ සහ ඉන්ධන ප්‍රවාහන ට්‍රක්  රථ සහිත ඇමෙරිකානු හමුදා රථ පෙළක් සිරියාවට ඇතුල් වූ අතර ඒවා ඔමර් තෙල් නිධි පිහිටි ප්‍රදේශයට ගමන් කරමින් තිබිණි.එම හමුදාවෙන් කොටසක් ටෙල් ටමර්-කමිෂ්ලි මහා මාර්ගයේ කස් රාක් කඳවුරේ ස්ථාන ගත විය.

කෙසේවෙතත්,හමුදා ඉවත්ව යෑමේ නිවේදනයෙන් පසුවත්,ඇමෙරිකානු හමුදා යුප්‍රටීස් නිම්නයේ නැගෙනහිර ඉවුරේ පමණක් නොව නැගෙනහිර සිරියාවේ ද රැඳි සිටිති.
අල්-බැග්ඩාඩිගේ මරණය තහවුරු කල නොහැකිය - එක්සත් ජාතීන්ගේ සංවිධානය

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල්-බැග්ඩාඩිගේ මරණය සහතික කර ගැනීමට නොහැකි යැ‍යි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ නියෝජ්‍ය ප්‍රකාශ ෆර්හාන් හක් ඔක්තෝම්බර් මස 28දා ප්‍රකාශ කලේය.


අල්-බැග්ඩාඩි මරා දැමූ මෙහෙයුම සම්බන්ධව තොරතුරු අනාවරණය කිරීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි මාක් මිලෙයි ඔක්තෝම්බර් 28දා පෙන්ටගනයේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදි.ත්‍රස්තවාදීන්ගේ මරණ තහවුරු කිරීමට අවශ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප එක්සත් ජනපදය සතුව ඇතැයි එහිදී මාක් මිලෙයි පැවසුවේය.




අල් බැග්ඩාඩි සිටි ස්ථානය සම්බන්ධ බුද්ධි තොරතුරු ඇමෙරිකාවට ලබා දුන්නේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාය

ජයග්‍රහණයට පියවරු සියයක් වුවත්,පරාජය අවජාතකය.

කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි මස්ලුම් කොබානි අබ්ඩි ෆොක්ස් නිවුස් නාලිකව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසූ පරිදි ත්‍රස්තවාදී නායක අබු බකර් අල්-බැග්ඩාඩි සිටි ස්ථානය සම්බන්ධව තොරතුරු ලබා දුන්නේ කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින්ය.

බැග්ඩාඩි මරා දැමීමට තීරණය කෙරුණේ මීට මාසයකට පමණ පෙරදී වුවත්,ඇමෙරිකානු හමුදා ඉවත්ව යෑමත්,තුර්කි ආක්‍රමණයක් හේතුවෙන් එම මෙහෙයුම අත්හිටවූ බව හෙතෙම පැවසුවේය.

කෙසේවෙතත්,මීට පෙර් ඉරාක මාධ්‍ය වාර්තා කර තිබුණේ අල්-බැග්ඩාඩි ලුහුබැද මරා දැමීමට අවශ්‍ය බුද්ධි තොරතුරු සැපයූවේ ඉරාක ඔත්තු සේවා බවයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 29 සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 29 Reviewed by HarshaLulzSec on November 02, 2019 Rating: 5

No comments:

Powered by Blogger.