සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 26

syrian-war-report-november-26-2019-government-forces-liberate-more-areas-in-southern-idlib

සිරියානු හමුදාව ඉඩ්ලිබ් පළාතේ හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් අන්තවාදී කණ්ඩායම්වල ස්ථාන නතු කර ගනිමින් ඉදිරියට ඇදෙමින් සිටියි.

දකුණු ඉඩ්ලිබ් හි මිෂෙර්ෆාහ් නගරය මුදා ගැනීමෙන් පසුව රජයේ හමුදාව අම් කාලකිල්,ඩාරෙට් සාර්සූර් යන ගම්මානවලින් සහ මුෂෙයිර්ෆෙ හා අල්-සයීර් යන ගොවිපොලවලින් සටන්කාමීන් පසුබැස්ස වූයේය.තවද ඔවුහු ෆාර්ජා දෙසට ගමන් කරමින් සිටින අතර එහි ගැටුම් පවතියි.

හමුදාවේ සාර්ථකත්වයට හේතුව ලෙස රජයට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කරන්නේ සිරියානු සහ රුසියානු ගුවන් හමුදාවල තීව්‍ර ප්‍රහාරය.මෙම මෙහෙයුම සඳහා 25 වන විශේෂ මෙහෙයුම් බලකා(කලින් ටයිගර් බලකා) සහභාගී වී ඇතැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කලහ.

ඊසානදිග සිරියාවේ සිවිල් වැසියන්ට සහාය පිණිස රුසියානු හමුදාව විශේෂ හමුදා වෛද්‍ය කණ්ඩායමක් යොදවා ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ස්වෙස්ඩා රූපවාහිනී නාලිකාව නොවැම්බර් මස 25දා වාර්තා කලේය.එම ඒකකයට අවශ්‍ය සියලු සැපයුම් සහ ඖෂධ ආදිය සැපයීම සඳහා  හෙලිකොප්ටර් යානයක් යොදවා ඇත.වාර්තාවට අනුව දිනකට පුද්ගලයින් 100කට වෛද්‍ය පහසුකම් සැලසිය හැකි වෛද්‍ය මධ්‍යස්ථානයක් කොබානි නගරය ආසන්නයේ පිහිටුවා ඇත.

ඊට සමගාමීව රුසියානු සහ තුර්කි හමුදා සිය ඒකාබද්ධ මුර සංචාර එකඟ වූ ආරක්ෂිත කලාපයේ සිදු කරමින් පවතියි.නොබෝදා සිදු කල මුර සංචාරවලට කුර්දි අන්තවාදීන්ගේ සැලකිය යුතු බාධාවක් එල්ල නොවීය.පෙනෙන හැටියට තම ක්‍රියාකාරකම් හේතුවෙන් තමන් විසින්ම අලුත් තුර්කි මෙහෙයුම ආරම්භ කිරීමට පසුබිම සකස් කරමින් ඇතැයි කුර්දි නායකත්වය තේරුම් ගෙන ඇත.

තුර්කි හමුදා මෙහෙයුම ඔස්සේ අල්ලා ගත් රාස් අල්-අයින් හි තිබී රොකට් විදින 683ක් සහ නිවෙස් වල සෑදූ පුපුරණද්‍රව්‍ය කොපු 93ක් සොයා ගත්තේ යැ‍යි තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.අයින් ඊසා නගරය දෙසට ගමන් කිරීමට තුර්කි ප්‍රොක්සි හමුදා දැරූ උත්සාහයන් සම්බන්ධව තුර්කි පාර්ශ්වය අදහස් දැක්වීමක් නොකලේය.

ඊසානදිග සිරියාවේ වාතාවරණය තවමත් අවිනිශ්චිතය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 26 සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 26 Reviewed by HarshaLulzSec on November 30, 2019 Rating: 5

No comments:

Powered by Blogger.