සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 25

syrian-war-report-november-25-2019-syrian-army-developing-advance-in-southern-idlib

ඉඩ්ලිබ් සහ ඇලපෝ පළාත්වල සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශවල තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් තිබේ.

නොවැම්බර් මස 22දා සිරියානු අරාබි හමුදාව බටහිර ඇලපෝ හි සටන්කාමීන්ගේ ස්ථාන වෙත මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන ලදි.සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ප්‍රහාර සඳහා විනාශකාරී ශක්තිය වැඩි කල රොකට් 15ක් පමණ භාවිතා කර ඇත.ඉලක්කය වූයේ සටන්කාමීන්ට අයත් විශාල අවි ගබඩා දෙකකි.නොවැම්බර් මස 21දා ඇලපෝ නගරයට සටන්කාමීන් එල්ල කල කාලතුවක්කු ප්‍රහාරවලින් සිවිල් වැසියන් 37 දෙනෙකුට හානි සිදුවීමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කරන ලදි.

නොවැම්බර් මස 23දා සිරියානු හමුදාව රකායා සහ අල්-නාර් කඳු මුදුනට එල්ල කල යුද ටැංකි නාශක නියාමක මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාරවලින් සටන්කාමීන් කිහිපදෙනෙක් මරණයට පත් වූහ.එදිනම රුසියානු ගුවන් ප්‍රහාර හමුවේ කෆ්ර් නබල් ආසන්නයේ,අල්කයිඩාවට සම්බන්ධ ජයිස් අල්-ඊසා සටන්කාමීන්ගේ මූලස්ථානයක් විනාශයට පත් විය.

විපක්ෂ ක්‍රියාකාරියෙක් මුදාහැර තිබූ වීඩියෝවකට අනුව රුසියානු සුකොයි-24එම්2 යානයක් එල්ල කල ප්‍රහාරයකින් ජයිස් අල්-ඊසා මූලස්ථානය විනාශයට පත්ව තිබේ



නොවැම්බර් මස 24දා සිරියානු සහ රුසියානු යුද ගුවන් යානා දකුණු ඉඩ්ලිබ් හි සටන්කාමීන්ගේ ඉලක්ක වෙත එල්ල කල ගුවන් ප්‍රහාර



නොවැම්බර් මස 24දා සිරියානු හමුදාව දකුණු ඉඩ්ලිබ් හි හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් අන්තවාදී කණ්ඩායම්වලට එරෙහි පාබල හමුදා මෙහෙයුම නැවත ආරම්භ කලේය.ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවල සහාය යටතේ හමුදාව  මිෂෙර්ෆා නගරය මුදාගෙන ඒ වටා ස්ථානද සුරක්ෂිත කරන ලදි.සටන්කාමීන් මිෂෙර්ෆා නගරය නැවත අල්ලා ගැනීමට ප්‍රතිප්‍රහාර් දෙකක් දියත් කලද,ඒවා ව්‍යර්ථ කෙරිණි.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සටන්කාමීන් 9දෙනෙක් මරා දමන ලදි.

නොවැම්බර් මාසයේ මුල භාගයේදී රජයේ හමුදා ලුවයිබිඩාහ් සහ කාස්නාහ් කඳු මුදුන මුදාගත්තේ මෙම ප්‍රදේශයෙනි.පෙනෙන හැටියට දකුණු ඉඩ්ලිබ් ත්‍රස්තවාදී තර්ජනය ඉවත් කිරීම සඳහා සිරියානු හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් දිගටම මෙහෙයුම් සිදු කරාවි.

සිරියානු ජාතික හමුදාව නම් තුර්කි ප්‍රොක්සි හමුදාව,නොවැම්බර් මස 23දා උතුරු රක්කා හි අයින් ඊසා නගරය ආසන්නයේ සිටින කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ සිරියානු හමුදාවට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කලේය.නොවැම්බර් මස 24දා ඔවුන් සයිඩා,මුලාක් සහ අල්-වස්ටා ගම්මාන අල්ලාගෙන අයින් ඊසා නගරය අද්දරට ලගා වූහ.

තුර්කි ප්‍රොක්සි හමුදාව එල්ල කල විශ්මිත ප්‍රහාරයේ දර්ශන




කුර්දි සටන්කාමීන් සහ සිරියානු හමුදාව එක්ව ප්‍රතිප්‍රහාර එල්ල කරන අයුරු




ඉන්පසුව,සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ සිරියානු හමුදා ඒකාබද්ධව එල්ල කල ප්‍රති ප්‍රහාර හමුවේ තුර්කි ප්‍රොක්සි හමුදාව සයිඩා,මුලාක් සහ අල්-වස්ටා ගම්මාන අතහැර පසු බැස ගියේය.ඉන්පසුව ප්‍රදේශය නැවතත් සුරක්ෂිත කරන ලදි.ඒ කෙසේවෙතත් අයින් ඊසා නගරයේ ඉදිරි ආරක්ෂක වළල්ල ආශ්‍රිතව කාලතුවක්කු ප්‍රහාර පතිත වීම නිරන්තරයෙන් සිදුවේ.

පසුගිය සතිවල තුර්කි හමුදාව උතුරු රක්කා සහ නැගෙනහිර අල්-හසාකා අතර එම්4 මාර්ගය ආසන්නයේ ශක්තිමත් ස්ථාන කිහිපයක් පිහිටුවන ලදි.අන්කාරා රජයේ අනුමැතියකින් තොරව තුර්කි ප්‍රොක්සි හමුදාවන්ට මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කල නොහැකි නමුත් ඊසානදිග සිරියාවේ අස්ථාවරභාවය ප්‍රයෝජනයට ගනිමින් තුර්කි නායකත්වය හැකි තරම් ප්‍රදේශ සිය පාලනය යටත ගැනීමට කුරුමානම් අල්ලමින් සිටියි.උතුරු සිරියාවේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය වන එම්4 මහා මාර්ගය ,ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බව පෙනේ.

 තුර්කි හමුදාව එම්4 මහා මාර්ගය ආසන්නයේ පිහිටුවූ මුරපොල- චන්ද්‍රිකා ඡායාරූප




 තුර්කි පාලනය යටතේ තිබෙන ටෙල් අබ්යාඩ් හි පිපිරීමක්

ඊසානදිග සිරියාවේ ටෙල් අබ්යාඩ් නගරයේ නොවැම්බර් 23දා සිදුවූ පිපිරීමකින් නවදෙනෙක් මියගොස් විසිදෙදෙනෙක් තුවාල ලැබූහ.පිපිරීම සිදුව තිබෙන්නේ මෝටර් රථයකය.



ඇමෙරිකානු සෙබලුන් 500 පමණ නැගෙනහිර යුප්‍රටීස් සහ අල්-හසාකා ප්‍රදේශවල රැදී සිටිති යැයි ඇමෙරිකානු මධ්‍යම ආඥාවේ ප්‍රධානී ජෙනරල් කෙනෙත් මැකෙන්සි නොවැම්බර් 23දා හෙළි කලේය.ඔහු පවසන පරිදි මෙම හමුදා නුදුරේදීම ත්‍රස්ත-විරෝධී මෙහෙයුම් ආරම්භ කරනු ඇත.

උතුරු සිරියාවෙන් සිය හමුදා ඉවත් කර ගැනීම හරහා එම ප්‍රදේශයේ තුර්කි-කුර්දි ගැටුමෙන් ඇග බේරා ගැනීමට එක්සත් ජනපදයට හැකි විය.එහිදී ඔවුන් ලබා ගත් කාලය තෙල් වලින් පොහොසත් නැගෙනහිර සිරියාවේ සිය ස්ථාන ශක්තිමත් කර ගැනීමට යොදා ගත්හ.





source:southfront.org

සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 25 සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 25 Reviewed by HarshaLulzSec on November 28, 2019 Rating: 5

No comments:

Powered by Blogger.