සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 21

syrian-war-report-november-21-2019-israel-conducts-wide-scale-strikes-on-syria

සිරියාවේ සිටින ඉරාන කුඩ්ස් බලකා සහ සිරියානු සන්නද්ධ හමුදා ඉලක්ක කරගෙන පුළුල් පරිමාණ ප්‍රහාර එල්ල කලේ යැ‍යි ඊශ්‍රායල ආරක්ෂක හමුදා නොවැම්බර් මස 20දා නිවේදනය කලේය.නොවැම්බර් මස 19දා උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන සිරියාවෙන් එල්ල වූ රොකට් ප්‍රහාර හතරකට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර දියත් කලේ යැ‍යි ඊශ්‍රායල ආරක්ෂක හමුදා පැවසීය.ඊශ්‍රායල හමුදාවේ අයින් ඩෝම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය මගින් ගෝලාන් උස්බිම්වලට ඉහළ අහසේදී රොකට් විනාශ කරන ලදි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවල ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී නොසිටීම හේතුවෙන් සිරියානු ගුවන් ආරක්ෂක බලකා බතරොයි ගණනාවක්ද විනාශ කලේ යැ‍යි ඊශ්‍රායල හමුදා සඳහන් කලේය.ප්‍රහාරයන්හි ඉලක්ක බවට පත් වූ ස්ථානවල චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඊශ්‍රායල සමාගමක් විසින් නිකුත් කර තිබිණි.ඡායාරූප සහ වීඩියෝවලින් පෙනෙන පරිදි ගුවන් ප්‍රහාර නිරිතදිග සහ බටහිර ඩැමැස්කස් හි සිවිල් ගොඩනැගිලි වෙත එල්ල වී තිබේ.එහිදී සිවිල් වැසියන් දෙදෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.

දකුණු ඉඩ්ලිබ් හි මිෂෙර්ෆාහ් නගරයට එල්ල වූ සිරියානු අරාබි හමුදාවේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සහ එහි මිත්‍ර තුර්කි ප්‍රොක්සි හමුදා සමත් වූහ.සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව හමුදාවට සැලකිය යුතු හානි සිදුව තිබේ.කෙසේවෙතත්,නිශ්චිත මරණ ගණනක් ප්‍රකාශයට පත් කර නොමැත.හමුදාව නගරයට පහරදීමෙන් පෙනී යන්නේ එම ප්‍රදේශයේ ත්‍රස්තවිරෝධි මෙහෙයුම් නවතා දමන්නට සූදානම් නොමැති බවයි.

සටන සඳහා පිටත්ව යන සටන්කාමීන් පිරිසක්





තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් නිරිතදිග ඉඩ්ලිබ් හි සිරියානු හමුදාව ඉලක්ක කර කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අයුරු

නිරිතදිග ඉඩ්ලිබ් හි සිරියානු සෙබලුන් ඉලක්ක කර කලතුවක්කු ප්‍රහාර එල්ල කරන අයුරු නොවැම්බර් 20දා තුර්කියට පක්ෂපාතී විමුක්තිය සඳහා ජාතික පෙරමුණ නිකුත් කල විඩියෝවක දැකගත හැකිවිය.එය පටිගත කර තිබෙන්නේ ඩ්‍රෝන් යානයක් භාවිතයෙනි.රජයේ හමුදා නොවැම්බර් 20දා ආරම්භ කල පාබල හමුදා මෙහෙයුමෙන් පසුව සටන්කාමීන් මිෂෙර්ෆාහ් නගරයෙන් පසුබැස ගිය අතර,නගරයට ඇතුල් වූ සිරියානු සෙබලුන් ඉලක්ක කර ඔවුන් ප්‍රහාර එල්ල කලහ.


ඊසානදිග සිරියාවේ රුසියානු මුර සංචාරක රථ පෙළකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සමාව ඉල්ලා සිටින බව කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි ආරක්ෂක අංශය වශයෙන් ක්‍රියාත්මක වන අසයිෂ් විසින් නොවැම්බර් මස 19දා නිවේදනය කලේය.එම සිදුවීමේදී කුර්දි උද්ඝෝෂකයෝ රුසියානු හමුදාවට අයත් රථයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එය ගිනි තැබීමට උත්සාහ කලහ.


ඉදිරි කාලයේදී එම ප්‍රදේශයේ රුසියානු සෙබලුන් වෙත කුර්දි ක්‍රියාකාරීන්ගෙන් ප්‍රහාර එල්ල වීම වැළැක්වීමට ක්‍රියා කරන්නේ යැ‍යි අසයිෂ් ආරක්ෂක අංශය කියා සිටියේය.ඊසානදිග සිරියාවේ ආරක්ෂිත කලාපය පිහිටුවීම සම්බන්ධව තුර්කි රජය තෘප්තිමත් නොවන නිසා කුර්දි සටන්කාමීන්ට එරෙහි සිය මෙහෙයුම නැවත ආරම්භ කිරීමට සූදානම් යැ‍යි තුර්කි විදේශ අමාත්‍යවරයා පැවසීය.
 සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ටැබ්කා නගරයේ හමුදා පෙළපාලියක් පවත්වයි

නොවැම්බර් මස 19දා කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සිරියාවේ රක්කා පළාතේ ටැබ්කා නගරයේ විශාල හමුදා පෙළපාලියක් පැවැත්වීය.ඊසානදිග සිරියාවේ ඇමෙරිකානු බලපෑම හැකිලී යෑමත් සමග ශක්තිමත් වන සිරියානු රජයේ සහ රුසියානු බලපෑම හමුවේ සිය කණ්ඩායමේ ශක්තිය පෙන්වීම මෙහි අරමුණයි.




සිරියාවේ රාස් අල්-අයින් ආසන්නයේදී මර උගුල් සහ රොකට් විදින සිය ගණනක් සොයා ගැනීමට තුර්කි හමුදාව සමත්වේ

ඊසානදිග සිරියාවේ දියත් කල මෙහෙයුමෙන් පසුව අල්ලා ගත් ප්‍රදේශවල සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම්වලදී මර උගුල් සහ රොකට් විදින සියගණනක් සොයා ගන්නට තුර්කි හමුදාව සමත් ව තිබේ.තුර්කි දේශසීමාව ආසන්නයේ රාස් අල්-අයින් නගරය අසල ගොඩනැගිල්ලක තිබී මේවා හමුවී ඇත.







ඊසානදිග සිරියාවට එල්ල වූ තුර්කි ඩ්‍රෝන් ප්‍රහාරයකින් සිවිලි වැසියන්ට හානි

ඊසානදිග සිරියාවේ කුර්නාෆල් නගරයට එල්ල වූ තුර්කි ඩ්‍රෝන් ප්‍රහාරයකින් ළමුන් ඇතුලුව සිවිල් වැසියන් පස්දෙනෙක් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැ‍යි වාර්තා වේ.නොවැම්බර් මස 20දා එල්ල වූ මෙම ප්‍රහාරයේ ඉලක්ක වූයේ කුර්නාෆල් නගරය ආසන්නයේ සිවිල් වැසියන් ප්‍රවාහනය කල කුඩා ට්‍රක් රථයකි.







source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 21 සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 21 Reviewed by HarshaLulzSec on November 24, 2019 Rating: 5

No comments:

Powered by Blogger.