සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 18

syrian-war-report-november-18-2019-further-escalation-in-southern-idlib

පසුගිය දිනවල සිරියාවේ සටන් ඇවිලී ගිය ප්‍රදේශ වූයේ දකුණු ඉඩ්ලිබ්,දකුණු රක්කා, වයඹදිග අල්-හසාකා ආදියයි.

නොවැම්බර් මස 16දා ගිනිකොණදිග ඉඩ්ලිබ් හි කාස්නාහ් කන්දට එල්ල වූ හයාට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍ර සටන්කාමී කණ්ඩායම්වල ප්‍රහාරයක් සිරියානු අරාබි හමුදාව ව්‍යර්ථ කලේය.එහිදී ඇති වූ සටන්වලින් සටන්කාමීන් හත්දෙනෙක් මිය ගියේ යැ‍යි රජයට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.

සටන්කාමීන්ගේ ප්‍රදේශයටත් ඒ ආසන්න සිවිල් ජනාවාසත් අතර අවරෝධක බිම් තීරුව පුළුල් කිරීමේ උත්සාහයක් වශයෙන් නොවැම්බර් මස 14දා සිරියානු අරාබි හමුදාව රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව කාස්නාහ් කන්ද සහ ලුවෙයිබිඩාහ් ගම්මානය මුදා ගත්තේය.එනමුත් ප්‍රදේශයේ ආරක්ෂිතභාවය අවිනිශ්චිතය.ඒ ආසන්නයේ ගම්මානවලට සටන්කාමීන් කාලතුවක්කු/මෝටාර් ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමට අවශ්‍ය නම් රජයේ හමුදා තවත් මෙහෙයුම හරහා සටන්කාමීන් දකුණු ඉඩ්ලිබ් හි ඇතුලු ප්‍රදේශයට තල්ලු කල යුතුය.

නොවැම්බර් මස 17දා රුසියානු ගුවන් හමුදාව මාර්සීටා සහ මිෂෙර්ෆා ප්‍රදේශවල හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කල කලහ.

නොවැම්බර් මස 15දා කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා බිර් ට්මා සහ සඩාහ් යන ගම්මාන තුර්කියට පක්ෂපාතී සිරියානු ජාතික හමුදාවේ සටන්කාමීන්ගෙන් මුදාගත්හ.නොවැම්බර් 15,16 දිනවල උතුරු ටෙල් ටමිර් හි සටන් පැවතුණි.

නොවැම්බර් මස 17දා,රුසියානු හමුදාවේ රථ පෙළක්   ටෙල් ටමියර් ප්‍රදේශයේ රැඳවීය.වාර්තාවලට අනුව ප්‍රාදේශීය සටන්විරාම එකඟතාවයකට අනුව රුසියානුවන් එම ප්‍රදේශයේ නිරීක්ෂණ මුර පොලක් පිහිටුවාවි.එම එකඟතාවය යටතේම සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා එම නගරයෙන් පසුබැසීමත්,තුර්කි ප්‍රොක්සි හමුදා උතුරු ටෙල් ටමීර් හි ගම්මාන කිහිපයක් අතහැර දැමීමත් සිදුවනු ඇත.

නොවැම්බර් මස 14 සිට 15 දක්වා කාල සීමාවේදී ඊශ්‍රායලය,එක්සත් ජනපදය,ජර්මනිය,ඉතාලිය සහ ග්‍රීසිය බ්ලු ෆ්ලෑග් 2019 නම් යුද අභ්‍යාසයට සහභාගී වූහ.එය පැවැත්වුනේ ඊශ්‍රායලයේ  එයිලාට් ප්‍රදේශයට උතුරින් තිබෙන උව්ඩා  ගුවන් හමුදා කඳවුරේය.ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසන පරිදි එෆ්-35 ජෙට් යානා ඇතුලුව ගුවන් යානා 70ක් සහ දළ වශයෙන් හමුදා සාමාජිකයෝ 1,000ක් ඊට සහභාගී වූහ.

යුද අභ්‍යාසයට සහභාගී වූ ෆයිටර් ජෙට් යානා




යුද අභ්‍යාසය නිල් සහ රතු ලෙස හඳුන්වන මනඃකල්පිත රටවල් දෙකකින් සමන්විතය.එහිදි ෆයිටර් ජෙට් යානා,ඩ්‍රෝන් යානා,ප්‍රවාහන ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා භාවිතා කලහ.නිල් හමුදාව ඊශ්‍රායලය අහස ආරක්ෂා කිරීමත්,රතු හමුදාවේ ගුවන් ශක්තිය සහ ගුවන් ආරක්ෂාව මැඩපැවැත්වීමත් කල යුතුය.

රතු හමුදාව සතු පේට්‍රියට් මිසයිල පද්ධතිවලින් රුසියානු එස්-300 සහ එස්-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතීන් නිරූපණය කලේ යැ‍යි ඊශ්‍රායලයට පක්ෂපාතී මාධ්‍ය සමහරක් සහ යුද විශේෂඥයෝ පැවසීය.යුද අභ්‍යාසයේදී එම පද්ධතීන් සාර්ථක පරාජය කල බවද සඳහන් වේ.

යේමනයේ හවුති ප්‍රහාරවලින් සෞදි තෙල් නිෂ්පාදනයෙන් අඩක්ම ආරක්ෂා කිරීමට යොදවා තිබෙන පේට්‍රියට් මිසයිල පද්ධතිවල සාර්ථකත්වය කෙබඳුද යන්න පසුගිය කාලයේ මනාව ඔප්පු විය.ඒ නිසා මෙම යුද අභ්‍යාසයේ ප්‍රතිඵල සම්බන්ධව විවාද කිරීමට කිසිදු හේතුවක් නොමැත.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 18 සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 18 Reviewed by HarshaLulzSec on November 22, 2019 Rating: 5

No comments:

Powered by Blogger.