සටන්කාමීන්ගේ අවි ගබඩාවලට සිරියානු හමුදාවෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාර

syrian-army-uses-tactical-ballistic-missiles-to-target-militants-weapon-depots-war-report

තුර්කි දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති කාන් නම් නගරය අසල හයාට් ටරිර් අල්-ෂාම් සටන්කාමීන්ගේ අවි ගබඩාවකට නොවැම්බර් මස 20දා පස්වරුවේ සිරියානු අරාබි හමුදාව OTR-21 ටොච්කා මිසයිලයක් යොදාගෙන ප්‍රහාරයක් එල්ල කලේය.සුපුරුදු පරිදි සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර වහාම පැවසුවේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට පමණක් හානි සිදුවූ බවයි.සරණාගත කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් කාන්තාවන් ලමුන් ඇතුලුව සිවිල් වැසියන් 16 දෙනෙක් මිය ගියේ යැ‍යි මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය වාර්තා කලේය.රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසන පරිදි ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වූ අවි ගබඩාව ආසන්නයේ සරණාගත කඳවුර පිහිටා තිබේ.

උතුරු ඉඩ්ලිබ් හි බොහොමයක් ප්‍රදේශ මෙන්ම,කාන් නගරයත් පාලනය කරන්නේ හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායම්ය.ඉඩ්ලිබ් පළාතේ සිවිල් ජනාවාස සහිත ප්‍රදේශවල අවි ගබඩා කිරීම සම්බන්ධව මෙම ත්‍රස්තවාදී සංවිධානය සහ මිත්‍ර කණ්ඩායම් ප්‍රසිද්ධය.පසුගිය කාලයේ ඔවුන් සිය අවි ගබඩා තුර්කි දේශසීමා ආසන්නයට රැගෙන ගියේ ඒවා ගුවන් ප්‍රහාරවලින් සහ සිරියානු හමුදාවේ ඉදිරි ගමන හමුවේ ආරක්ෂා කර ගැනීමටයි.

සටන්කාමී කණ්ඩායම් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීම,ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නොසලකා හරිමින් සිටියි.

ආර්ඩ් අල්-සුර්සූර් ප්‍රදේශයට එල්ල වූ සිරියානු අරාබි හමුදාවේ ප්‍රහාරයක් ව්‍යර්ථ කලේ යැයි හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම නොවැම්බර් 21දා පැවසීය.සටන්කාමීන් පැවසූ පරිදි සිරියානු සෙබලුන් රැසක් එහිදී මියගොස් තිබේ.නමුත් රජයට පක්ෂපාතී මූලාශ්‍ර එම වාර්තා ප්‍රතික්ෂේප කරති.

රුසියානු හමුදා පොලිසිය ඊසානදිග සිරියාවේ සිය මුර සංචාරක ප්‍රදේශය පුළුල් කල අතර ඇමෙරිකානු හමුදා අතහැර දැමූ සරින් හමුදා කඳවුර සිය හමුදාවල වාසස්ථානයක් බවට පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කලේය.එම කඳවුරේ ගුවන් යානා ධාවන පථය මේවන විටත් ගුවන් මුර සංචාර සඳහා භාවිතා කරන රුසියානු හෙලිකොප්ටර් යානා සඳහා භාවිතා කෙරේ.

නොවැම්බර් මස 20දා සිරියාවේ ඉරාන හමුදා ඉලක්ක වෙත එල්ල කල ප්‍රහාරවල ප්‍රතිඵල දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඊශ්‍රායල ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් සමාගම විසින් නිකුත් කරන ලදි.සිරියානු හමුදාවේ 4 වන සේනාංකය රඳවා සිටින මෙසා ගුවන් හමුදා කඳවුරට සහ ඩැමැස්කස් අන්තර්ජාතික ගුවන් තොටුපොලේ වීදුරු නිවහන නම් ගොඩනැගිල්ලට(ඉරාන බුද්ධි අංශ මූලස්ථානයක් යැ‍යි සැක කෙරේ)ප්‍රහාරයෙන් හානි සිදුව තිබෙන බව ඡායාරූපවලින් පෙනේ.
දකුණු ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන්ට සිරියානු සහ රුසියානු ගුවන් ප්‍රහාර

නොවැම්බර් මස 21දා දකුණු ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත සිරියානු සහ රුසියානු ගුවන් හමුදාවන්හි යුද ගුවන් යානා සහ ප්‍රහාර හෙලිකොප්ටර් යානාවලින් ගුවන් ප්‍රහාර 40කට වැඩි ගණනක් එල්ල කරන ලදි.




උතුරු අල්-හසාකා හි ටෙල් ටම්ර් අවට සිරියානු හමුදාව ස්ථානගත වේ

නොවැම්බර් මස 21දා උතුරු අල්-හසාකා හි ටෙල් ටම්ර් අවට අලුත් ස්ථාන කිහිපයක සිරියානු අරාබි හමුදාවේ ඒකක ස්ථානගත කරන ලදි.එදින වයඹදිග ටෙල් ටමර් හි සිරියානු හමුදාව යටතේ තිබෙන ස්ථාන වෙත තුර්කි හමුදාව සහ එහි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කල අතර එහිදී සෙබලුන් පස් දෙනෙක් මරණයට පත් වූහ.








source:southfront.org


සටන්කාමීන්ගේ අවි ගබඩාවලට සිරියානු හමුදාවෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාර සටන්කාමීන්ගේ අවි ගබඩාවලට සිරියානු හමුදාවෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාර Reviewed by HarshaLulzSec on November 26, 2019 Rating: 5

No comments:

Powered by Blogger.