යේමන යුද්ධය:ආක්‍රමණිකයෝ යේමනයෙන් පසුබසිති

sudan-withdrew-from-yemen

ස්ටෝක් හෝම් එකඟතාවය මත පදනම්ව ඇති කර ගත් සටන් විරාමය පවත්වාගෙන යෑමට සහ ආරක්ෂා කිරීමට අල්-හුඩයිඩා නගරය අභ්‍යන්තරයේ අලුතින් නිරීක්ෂණ මුරපොල පහක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ හමුදා ක්‍රියා කරයි.

මෙම මුර පොල පහ අල්-කමෙරි,අල්-සලේ නිවාස සංකීර්ණයට නැගෙනහිරින්,හුෂ් අල්-බකර්,අල්-මන්සාර් සහ සිටි මැක්ස් යන ප්‍රදේශවල ස්ථාපනය කෙරේ.

මෙම නිරීක්ෂණ මුරපොලවල ඡායාරූප මේදක්වා නිකුත් කර නොමැත.මෙම පුවත්වලින් පසුව අල්-හුඩයිඩා හි සටන් විරාමය වඩාත් ස්ථාවර වී ඇතැයි ප්‍රාදේශීය මූලාශ්‍ර පවසයි.

අල්-හුඩයිඩා හි සටන්විරාමය දින 14ක කාලයක් පවත්වා ගත හොත් අමතර නිරීක්ෂණ මුරපොල අල්-ඩුරයිහිමි,අල්-ජබිලා සහ හියිස් යන ප්‍රදේශවල පිහිටුවනු ඇතැයි සමහර මූලාශ්‍ර පැවසීය.

ස්වීඩන එකඟතාවයෙන් පසුව අන්සාර් අල්ලාහ් හමුදා සටන් විරාමය උල්ලංඝනය කරන බව කියමින් සෞදි සන්ධානය දිගින් දිගටම අල්-හුඩයිඩා නගරයට ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කලේ සටන් විරාමය උල්ලංඝනය කරමින්ය.




එක්සත් අරාබි එමීර් රාජ්‍ය සකාර් දූපතෙන් පසුබැස ගිය අතර එහි පාලනය වෙරළාරක්ෂක බලකා වෙත පවරා තිබේ.මෙම දූපත පිහිටා තිබෙන්නේ හනිෂ් දූපතට උතුරින් සහ අල්-හුඩයිඩා වෙරළේ සිට බටහිර දෙසින්ය.එය වර්ග කිලෝමීටර් 185ක වපසරියක් සහිත දූපතක් මෙන්ම රතු මුහුද පාලනය සඳහා අතිශය වැදගත් ස්ථානයකි.

දූපත පාලනය කිරීම සඳහා හොඳින් සන්නද්ධ 1,500ක පමණ සෙබලුන් පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් පුහුණු කර තිබේ.

වෙරළාරක්ෂක බලකා සෞදි සන්ධානයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අතර ඔවුන් ටරික් සලේ හමුදාවලට අනුබද්ධය.




සුඩාන සෙබලුන් 10,000ක් යේමනයෙන් ඉවත් කර ගන්නේ යැ‍යි සුඩාන සංක්‍රාන්තීය මණ්ඩලයේ ප්‍රධානියා නිවේදනය කලේය.ඔහු තවදුරටත් සඳහන් කල පරිදි ඉවත්ව යන සෙබලුන් ප්‍රතිස්ථාපනය කිරීමට සුඩාන සෙබලුන් යේමනය නොයැවෙනු ඇත.




ඔක්තෝම්බර් මස 30දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා යේමනයේ ඒඩ්න් නගරයෙන් නිල වශයෙන් ඉවත් වූයේ එහි පාලනය සෞදි සහ මන්සූර් හඩිගේ රජයට පවරමින්ය.

ජෙඩ්ඩා සහ අනෙකුත් ප්‍රදේශවල සෞදි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇති කර ගත් එකඟතාවයට අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මන්සූර් හඩිගේ රජයේ එක් කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග එකඟතාවයට දැඩි විරෝධයක් පළ කරයි.නමුත් ඔවුන්ගේ විරෝධය තවමත් සෞදි සහ එමිරේට් රාජ්‍යයන් අතර සබදතාවයට බාධාවක් වී නැත.




source:iswnews.com


යේමන යුද්ධය:ආක්‍රමණිකයෝ යේමනයෙන් පසුබසිති යේමන යුද්ධය:ආක්‍රමණිකයෝ යේමනයෙන් පසුබසිති Reviewed by HarshaLulzSec on November 01, 2019 Rating: 5

No comments:

Powered by Blogger.