දෙවන ලෝක යුද්ධය:ජපානයේ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරවලින් ගිලී ගිය පළමු ඇමෙරිකානු නෞකාව

researchers-locate-first-us-ship-destroyed-by-kamikazes-during-wwii

මීට වසර 75කට පෙර ඇමෙරිකාව සහ ජපානය අතර ඇති වූ සටනේදී ගිලී ගිය ඇමෙරිකානු නෞකාවක සුන්බුන් පසුගිය මැයි මාසයේදී මුහුදු පත්ලෙන් සොයා ගැනීමට පර්යේෂකයෝ කණ්ඩායමක් සමත් වූහ.කෙසේවෙතත් එහි ඡායාරූප ප්‍රසිද්ධ කෙරුණේ ඔක්තෝම්බර් මාසයේදීය.

ශාන්ත ලෝ නෞකාවේ සුන්බුන් මුහුදු පත්ලේ තිබෙන අයුරු

remains of the USS St. Lo

දෙවන ලෝක යුද්ධයේදී ජපාන මරාගෙන මැරෙන ගුවන් යානාවල ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ පළමු ඇමෙරිකානු නෞකාව සහ ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන්නේ පැසිෆික් සාගර පත්ලෙන් හමූවූ යූ එස් එස් ශාන්ත ලෝ නම් නෞකාවයි.


නෞකාවේ සුන්බුන් වල ප්‍රධාන කොටස හමු වී තිබෙන්නේ මින්ඩනාවෝ ආගාධයේ මීටර් 4,736ක් ගැඹුරින්ය.


remains of the USS St. Lo

remains of the USS St. Lo

remains of the USS St. Lo

remains of the USS St. Lo

remains of the USS St. Lo

ශාන්ත ලෝ නෞකාව පිලිපීනය ආසන්නයේදී "කැමකාසි" හෙවත් මරාගෙන මැරෙන ගුවන් යානයක ප්‍රහාරයකට ලක් වූයේ 1944 වර්ෂයේදීය.මෙම ස්වයං ඝාතක ප්‍රහාරය නිසා නෞකාවේ ටෝර්පිඩෝ සහ බෝම්බ පිපිරී යෑමෙන් එහි සිටි 143ක් මරුමුවට පත් වූහ.අවසානයේ නෞකාව ගැඹුරු සාගරයේ ගිලී ගියේය.

USS St. Lo
ශාන්ත ලෝ නෞකාව

USS St. Lo
නෞකාව ප්‍රහාරයට ලක් වීමෙන් පසුව ගිනි ගන්නා අයුරු

USS St. Lo
ස්වයං ඝාතක ජපාන ගුවන් යානයක් නෞකාවේ ගැටීමෙන් ඇති වූ පිපිරීම්

ලෙයිට් බොක්කේ සටනේදී ශාන්ත ලෝ නෞකාවට ප්‍රහාරය එල්ල වන අයුරු.නෞකාව ගිලී යන්නේ 1944 ඔක්තෝම්බර් 25දාය.





source:sputniknews.com


දෙවන ලෝක යුද්ධය:ජපානයේ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරවලින් ගිලී ගිය පළමු ඇමෙරිකානු නෞකාව දෙවන ලෝක යුද්ධය:ජපානයේ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරවලින් ගිලී ගිය පළමු ඇමෙරිකානු නෞකාව Reviewed by HarshaLulzSec on November 02, 2019 Rating: 5

No comments:

Powered by Blogger.