රුසියාවේ පමණයි:බස් රථයක් ගොඩගන්න ටී-80 යුද ටැංකියක්

only-in-russia-watch-t-80-tank-pull-bus-out-of-ditch-in-amur-region

රුසියාව විවිධ දේශගුණික තත්ත්වයන්,භූවිෂමතාවලින් සපිරුණු රටක් මෙන්ම ඒ නිසාම රට තුල ගමනාගමනයට බාධා එල්ල වන අවස්ථාද නැතුවා නොවේ.පෙනෙන හැටියට එරට තුල සංචාරය කිරීමට වඩාත් හොඳම ක්‍රමය වන්නේ යුද ටැංකියකි.

රුසියාවේ අමූර් පළාතේ මාර්ගයකින් ඉවත ධාවනය වූ බස් රථයක් නැවත මාර්ගය වෙත ගැනීම සඳහා ටී-80 යුද ටැංකියක් සහායට පැමිණි බව නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කයේ මාධ්‍ය සේවා ප්‍රධානී කර්නල් ඇලෙසැන්ඩර් ගොර්ඩීව් පැවසීය.

ඔහුගේ නිල ප්‍රකාශයට අනුව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අගලකට වැටී තිබේ.නමුත් ට්‍රක් රථයකට පවා බස් රථය ඉවතට ඇදගත නොහැකි අයුරින් මාර්ගය ලිස්සන සුළු වීම නිසා ඒ ආසන්නයේ හමුදා විද්‍යාලයක් ටී-80 යුද ටැංකියක් සහ විශේෂිත ඇදගෙන යෑමේ ට්‍රක් රථයක් එතැන එවා ප්‍රශ්නය විසඳීය.


යුද ටැංකියක් වශයෙන් සංග්‍රාම භූමියේදී ටී-80 යුද ටැංකියට අපකීර්තිමත් ඉතිහාසයක් උරුම වී තිබේ.ඒ පළමු චෙච්නියානු යුද්ධයේදීය.




 source:sputniknews.com


රුසියාවේ පමණයි:බස් රථයක් ගොඩගන්න ටී-80 යුද ටැංකියක් රුසියාවේ පමණයි:බස් රථයක් ගොඩගන්න ටී-80 යුද ටැංකියක් Reviewed by HarshaLulzSec on November 25, 2019 Rating: 5

No comments:

Powered by Blogger.