නෝර්වේ රාජ්‍යයේ ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා පළමු මෙහෙයුමට සූදානම්

norway-claims-to-achieve-new-capabilities-as-f-35-declared-operational

2025 වර්ෂය වර්ෂය වනවිට එෆ්-35 ජෙට් යානා 52ක හිමිකාරීත්වය දරන නෝර්වේ රාජ්‍යය යුරෝපය තුල,ඇමෙරිකානු ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානාවලට හිමිකම් කියන ප්‍රධාන රාජ්‍යයක් වේ.

අවසන් පියවර වශයෙන් වසර දෙකක අත්හදා බැලීමේ අධියරයකින් පසුව නෝර්වේ රාජ්‍යයට අයත් එෆ්-35 යානා අයිර්ලන්තයේ සිට රිජ්හි ගුවන් හමුදා කඳවුර දක්වා පැමිණි අතර දැන් ඒවා සිය පළමු මෙහෙයුමට සූදානම්ය.මෙම පියවර සම්පූර්ණ කිරීමත් සමග ආරම්භ ක්‍රියාන්විත හැකියාව අත්පත් කරගත් තුන්වන යුරෝපා ජාතිය බවට පත් විය.මීට පෙර එම හැකියාව ලබාගෙන තිබුණේ ඉතාලිය සහ එක්සත් රාජධානියයි.

නෝර්වේ සන්නද්ධ හමුදා එෆ්-35 යානා ක්‍රියාන්විත මෙහෙයුම්වල යෙදවීමේ හැකියාව අත් කරගන්නට සැලසුම් කර තිබුණේ 2011 වර්ෂයේ වුවද ඔවුන් එම ඉලක්කයට ලගා වන්නේ 2019 වසරේ අවසාන භාගයේදීය.


මෙතැන් පටන් නෝර්වේ රාජ්‍යයේ මුහුදු සීමාව  සහ අවට ප්‍රදේශවල සිදුවීම් වලට එෆ්-35 යානා යොදාගෙන ප්‍රතිචාර දක්වන්නට ගුවන් හමුදාවට අවස්ථාව උදාවේ.

මුල්ම එෆ්-35 ෆයිටර් ජෙට් යානා තුන නෝර්වේ රාජ්‍යයට ගොඩබස්සවන්නේ 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේදීය.එනම් මීට වසර දෙකකට පෙරය.ඒ අතරතුර කාලයේදී නෝර්වේ ගුවන් හමුදාව මෙම ගුවන් යානය එරට විශේෂිත තත්ත්වයන් යටතේ හසුරවන්නේ කෙසේද යන්න පරීක්ෂාවට ලක් කලේය.ශීත කාලයේ මෙහෙයුම් මෙන්ම නාවික,යුද සහ විශේෂ බලකා සමගද සහයෝගයෙන් යුතුව පරීක්ෂාවන් සිදු කරන ලදි.


නෝර්වේ එෆ්-35 ෆයිටර් ජෙට් යානයක්

Norway has declared Initial Operational Capability (IOC) with the F-35

Norway has declared Initial Operational Capability (IOC) with the F-35

රිජ් කඳවුරට රැගෙන ඒම හුදෙක් තාවකාලිකය.පසුව එම යානා නැවතත් අයර්ලන්තය බලා යනු ඇත.නෝර්වේ රාජ්‍යය සතු එෆ්-35 යානා 22න් 15ක්ම අයර්ලන්තයේ සිට මෙහෙයුම් සිදු කරාවි.අනෙක් යානා හත අධ්‍යයනය කටයුතු සඳහා එක්සත් ජනපදයේ ලූක් ගුවන් හමුදා කඳවුරේ රදවා තැබෙනු ඇත.

එෆ්-35 යානය සන්නද්ධ හමුදාවල අනෙක් කොටස් වලට මූලික සහායකයෙක් ලෙස භාවිතා කරයි.මෙම ෆයිටර් ජෙට් යානා අනෙක් ශාඛා සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ට අවශ්‍ය කාලය සම්බන්ධ තීරණාත්මක තොරතුරු සහ ඈත ස්ථාන සම්බන්ධව දළ විශ්ලේෂණයක් සපයයි.2022 වර්ෂය වෙද්දී නේටෝ සංවිධානයේ ක්ෂණික ප්‍රතිචාර සෝදිසිය නම් මෙහෙයුමේ එෆ්-16 යානයේ ස්ථානයට එෆ්-35 යානා ආදේශ කෙරේවි.

Norway has declared Initial Operational Capability (IOC) with the F-35

Norway has declared Initial Operational Capability (IOC) with the F-35

නෝර්වේ රාජ්‍යය එක් යානයකට නෝර්ක් බිලියන 1.375 බැගින් ගෙවා එෆ්-35 යානා 52ක් ඇනවුම් කර තිබේ.එම මුදල දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 149කි.මේවා හි සේවා කාලය තුල දැරිය යුතු වියදම සම්බන්ධව එරට තුල විවාද පවතියි.

  • ගුවන් පැයක් සඳහා එෆ්-35 යානයකට ඇමෙරිකානු ඩොලර් 13,000 පමණ මුදලක් වැය වේ.
  • ගුවන් නියමුවෙකුට යානය සම්බන්ධ සම්පූර්ණ පුහුණුවක් සැපයීමට ඇ.ඩො.මිලියන 7ක් වැය වේ.

නෝර්වේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි සිය එෆ්-35 බල ඇණිය පූර්ණ මෙහෙයුම් හැකියාව අත්පත් කර ගන්නේ 2025 වර්ෂයේදීය.ඒ අතරතුර නියමුවන්ගේ  සහ යානා නවතා තැබීමට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්වල අඩුපාඩුව මෙන්ම මෙහෙයුම් වියදම ඉහළ යෑම ආදී අපහසුතාවලට මුහුණදීමට එරටට සිදුවේ.




 source:sputniknews.com

නෝර්වේ රාජ්‍යයේ ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා පළමු මෙහෙයුමට සූදානම් නෝර්වේ රාජ්‍යයේ ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා පළමු මෙහෙයුමට සූදානම් Reviewed by HarshaLulzSec on November 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.