නැවතත් ඊශ්‍රායල-සිරියා ගැටුමක්

israel-intercepts-4-missiles-over-golan-heights-strikes-damascus

ඊශ්‍රායලය සහ සිරියාව අතර ගැටුමක් නැවත උත්සන්න විය.නොවැම්බර් මස 19දා සිරියානු රජයේ මාධ්‍ය නිවේදනය කල පරිදි සිරියාවේ ඩැමැස්කස් අගනුවර ගුවන් තොටුපොලේ පිපිරීම් කිහිපයක් සිදුව තිබේ.මේවා ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයක් නිසා සිදුවූයේ යැ‍යි මුලදී සැක කෙරිණි.

අවම වශයෙන් ඊශ්‍රායලය මිසයිල පහක් වත් දකුණු ඩැමැස්කස් හි ඉලක්ක වෙත එල්ල කලේ යැ‍යි ඊශ්‍රායලයට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.ඉන් මිසයිල දෙකක් අතරමගදී බිම හෙළා ඇත.


ඊට සමගාමීව සිරියාවෙන් එල්ල වූ රොකට් හතරක් ගෝලාන් උස්බිම්වලට ඉහළ අහසේදී අයන් ඩෝම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියෙන් බිම හෙළු බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා සඳහන් කලේය.එම ප්‍රහාරවලින් හානි සිදුවූ බවක් වාර්තා නොවේ.

ඊශ්‍රායලය එල්ල කල මිසයිල ප්‍රහාර හේතුවෙන් ඩැමැස්කස් නගරයේ සිවිල් වැසියන් දෙදෙනෙක් මියගොස්,තවත් පිරිසක් තුවාල ලැබු බව සානා පුවත් සේවය නොවැම්බර්  20දා වාර්තා කලේය.


ඊශ්‍රාලය ගුවන් ප්‍රහාරවලින් අත් වූ හානි




සිවිල් වැසියන්ට අමතරව සිරියානු අරාබි ගුවන් ආරක්ෂක බලකාහි සාමාජිකයෝ සිව්දෙනෙක් වත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගොස් තිබේ.තවත් පිරිසක් තුවාල ලැබූහ.

සිරියාවේ සිටින ඉරාන කුඩ්ස් බලකා සහ සිරියානු අරාබි හමුදාව ඉලක්ක කරගෙන මහා පරිමාණ ප්‍රහාර දියත් කලේ යැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නොවැම්බර් 20දා නිවේදනය කලේය.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක් වූ සිරියානු ගුවන් ආරක්ෂක බතරොයි විනාශ කලේ යැ‍යි ඊශ්‍රායලය පැවසීය.ඊශ්‍රායල පාලනය යටතේ තිබෙන ගෝලාන් උස්බිම් සහ මාර්ජොයුන් නගරය ආසන්නයේ ලෙබනන ගුවන් කලාපයේ සිට ඊශ්‍රායල යුද ගුවන් යානා එල්ල කල ප්‍රහාරවල ඉලක්ක වූයේ සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතීන් යැ‍යි සිරියානු රජයේ මාධ්‍ය තහවුරු කලේය.


ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්ක වී තිබුණේ ඩැමැස්කස් නගරයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටා ඇති සිරියානු අරාබි හමුදාවේ 4 වන සේනාංකයේ කඳවුරකි.ඊශ්‍රායලයේ ඉමේජ් සැට් ඉන්ටර්නැෂනල් සමාගම ප්‍රහාරයට පෙර සහ පසු කඳවුර දිස්වන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් නොවැම්බර් මස 21දා නිකුත් කර තිබිණි.එහි දැක්වෙන පරිදි ගුවන් ප්‍රහාර හේතුවෙන් විශාල ගොඩනැගිලි දෙකක් මුළුමනින්ම විනාශ වී ඇත.


ගුවන් ප්‍රහාරවල ඉලක්ක වූ ඉරාන හමුදා රැඳී සිටි ගොඩනැගිලිවල චන්ද්‍රිකා ඡායාරූපද  ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් සමාගම නිකුත් කර තිබිණි.මෙහි වීදුරු නිවස යනුවෙන් හඳුන්වා තිබෙන්නේ ඩැමැස්කස් ගුවන්තොටුපොලේ තිබෙන ගොඩනැගිල්ලකි.ඊශ්‍රායලය පවසන පරිදි සිරියාවේ සිටින ඉරානීය ඉස්ලාම් විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ ප්‍රධානතම මූලස්ථානයක් වන්නේද මෙයයි.

වීදුරු නිවස නම් ගොඩනැගිල්ලේ ඉහළ දකුණුපස කොටසට පමණ හානි සිදුවී ඇති බව පෙනේ.



බටහිර ඩැමැස්කස් හි ගුවන් හමුදා කඳවුරේ පිහිටි ඉරානීය හමුදා රැඳී සිටින ස්ථානයක්ද ඊශ්‍රායලයේ ඉලක්කයක් විය.කලින් ඉලක්කයට වඩා මෙයට බරපතල හානියක් සිදුව තිබේ.






source:southfront.org


නැවතත් ඊශ්‍රායල-සිරියා ගැටුමක් නැවතත් ඊශ්‍රායල-සිරියා ගැටුමක් Reviewed by HarshaLulzSec on November 24, 2019 Rating: 5

No comments:

Powered by Blogger.