ඩොනල්ඩ් ට්‍රම්ප් හොඳම ඇමෙරිකානු ජනාධිපතිවරයා - බෂාර් අල්-අෂාඩ්

assad-dubs-trump-best-us-president-for-speaking-directly-about-washingtons-goals

තම රටට තෙල් අවශ්‍ය නිසා හමුදා සිරියාවේ රඳවා තැබීමට සැලසුම් කරමින් සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා පැවසුවේය.එක්සත් ජනපදය තෙල් සම්පත සොරා ගැනීම සඳහා රටවල් අවුලවමින්,ආක්‍රමණය කරමින් සිටින්නේ යැයි චෝදනාවක් එල්ල වන්නේ කාලයක පටන්ය.ට්‍රම්ප්ගේ මෙම අවංක තර්ජනයෙන් එම චෝදනාව සැබෑවක් යැයි වොෂින්ටන් රජය විසින්ම පිළිගෙන ඇත.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය අතුගා දැමීමට යැයි කියමින් සිරියානු රජයේ අවසරයකින් තොරව සිරියාවට ඇතුල් වූ ඇමෙරිකානු හමුදාවේ සැබෑ අරමුණ දැන් පැහැදිලිය.මේ වන විටත් එක්සත් ජනපද සිරියාවේ නැගෙනහිර යුප්‍රටීස් ප්‍රදේශයේ තෙල් නිධි ආරක්ෂා කිරීමට ‍යැයි පවසමින් අලුතින් හමුදා කණ්ඩායම් කිහිපයක් එවා තිබේ.බටහිර ලෝකයේ ආඥා හමුවේ රූකඩ ලෙස ක්‍රියා කරන පාලකයින් නැති රාජ්‍යයන් හැසිරවීම සඳහා ඔවුන් භාවිතා කරන්නේ තම යුද ශක්තිය බව සිරියානු අර්බුදයෙන් මනාව පිළිඹිබුවේ.

කෙසේවෙතත්,ට්‍රම්ප් මෙන් අනෙක් රාජ්‍ය නායකයන්ද සිය රටවල විදේශ ප්‍රතිපත්තීන් සහ සැඟවුණු න්‍යාය පත්‍රයෙන් එළිපිට ප්‍රකාශ කිරීමට පටන් ගත හොත් කුමක් සිදුවේද?යටත් විජිත යුගයේදී එළිපිට අනෙක් රටවල සම්පත් කොල්ලකෑ මෙම රාජ්‍යයන් වර්තමානයේ වෙස් මුහුණු පිටුපස සැඟවී සිදු කරන්නේද එවැනිම මංකොල්ලකෑමකි.ඒ සියල්ල ඔවුන් සිදු කරන්නේ 'ප්‍රජාතන්ත්‍රවාදය,ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය,මානව හිමිකම් සුරැකීම' ආදීය මෙවලම් බවට පත් කරගනිමින්ය.


ඒ අතරේ සිරියානු ජනාධිපති බෂාර් අල්-අෂාඩ් පුදුම සහගත ප්‍රකාශය සිදු කලේය.කියන්නට තිබෙන දෙය කෙලින්ම කියන ස්භාවය නිසා,ඇමෙරිකානු ඉතිහාසයේ හොඳම නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් යැයි අල්-අෂාඩ් පැවසුවේ පසුගිය බ්‍රහස්පතින්දා සිරියානු ජාතික රූපවාහිනිය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

"ඔහු හොඳ වන්නේ යහපත් ප්‍රතිපත්තීන් නිසා නොව,ඔහුගේ පාරදෘෂ්‍යභාවය,ඔහු කෙලින්ම කියනවා,'අපිට තෙල් ඕනෑ' ,'අපිට යමෙක් පහ කිරීමට අවශ්‍යයි','අපිට මුදල් වෙනුවට දෙයක් අවශ්‍යයි' මෙවැනි ප්‍රකාශ වලින් ඇමෙරිකානු ප්‍රතිපත්තිය ප්‍රකාශ වේ.අවංක සතුරෙකුට වඩා තවත් දෙයක් තිබේ?" අෂාඩ් පැවසීය.

බෂාර් අල්-අෂාඩ්
ඔහු සියලු ඇමෙරිකානු ජනාධිපතිවරු අපරාධකරුවන් ලෙස හැඳින්වූයේ,සමහරක් නොබෙල් සාම ත්‍යාගය පවා දිනා ගෙන තිබියදීය.වොෂින්ටන් රජයේ නිරන්තර සහාය ලැබූ එකිනෙකට වෙනස් කැරලිකාර කණ්ඩායම් ගණනාවක් සමග අෂාඩ් රජය 2011 වර්ෂයේ පටන් විනාශකාරී සිවිල් යුද්ධයක නිතරව සිටිති.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදින් යටතේ තිබූ භූමියෙන් වැඩි කොටසක බලය මේ වෙද්දී සිරියානු රජය සතුවී අවසන්ය.නමුත් ත්‍රස්ත විරෝධී මෙහෙයුම් එරටේ ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මකය.




source:sputniknews.com,rt.com


ඩොනල්ඩ් ට්‍රම්ප් හොඳම ඇමෙරිකානු ජනාධිපතිවරයා - බෂාර් අල්-අෂාඩ් ඩොනල්ඩ් ට්‍රම්ප් හොඳම ඇමෙරිකානු ජනාධිපතිවරයා - බෂාර් අල්-අෂාඩ් Reviewed by HarshaLulzSec on November 02, 2019 Rating: 5

No comments:

Powered by Blogger.