ඒරියා 51 ආසන්නයෙන් අභිරහස් ගුවන් යානයක්

alleged-footage-of-mysterious-aircraft-at-us-top-secret-facility-near-area-51-emerges-online

ටොනාපා අත්හදා බැලීමේ භූමිය පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ටොනාපා නගරයේ සිට සැතපුම් 30ක් ගිනිකොණදිගින්ය.එය දැනට භාවිතා කරන්නේ න්‍යෂ්ඨික අවි වල විශ්වාසනීයත්වය පරීක්ෂා කිරීම,වියලන සහ ප්‍රහාර පද්ධති සංවර්ධනය සහ පර්යේෂණය මෙන්ම න්‍යෂ්ඨික අවි රැගෙන යන පද්ධතීන් පරීක්ෂා කිරීමටයි.

යූටියුබ් වෙබ් අඩවියේ TheArea51Rider යන නමින් හඳුන්වන ගිනුමක් ඔස්සේ පළ කල තිබූ වීඩියෝවක දැක්වෙන පරිදි හෙතෙම නෙවාඩා හි ටොනාපා පුහුණු භූමියේදී හඳුනානොගත් ගුවන් යානයක් දැක තිබේ.මෙම භූමිය සාමාන්‍යය ජනතාව සඳහා තහනම් ප්‍රදේශයකි.


ඔහු පළ කර තිබෙන වීඩියෝවේ සත්‍යභාවය තහවුරු කල නොහැකිය.පෙනෙන හැටියට හෙතෙම තහනම් කලාපය අද්දර සිට අදාල වීඩියෝව පටිගත කර තිබේ.මෙම භූමිය පිහිටා ඇත්තේ කුප්‍රකට සහ අතිශය රහසිගත ඒරියා 51 නම් ප්‍රදේශය ආසන්නයේය.ගුවන් යානා රඳවා තැබීමට යොදාගන්නා ගොඩනැගිල්ලක් තුල ගුවන් යානයක් තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ඔහු වීඩියෝවට ඇතුලත් කර තිබේ.කෙසේවෙතත්,හෙතෙම එම වීඩියෝව හඳුනා ගන්නට අසමත්ය.

මෙම ප්‍රදේශය මුල් කරගෙන පරීක්ෂණාත්මක සහ රහසිගත ගුවන් යානා භාවිතා සම්බන්ධ කටකතා නිර්මාණය වී තිබේ.

කෙසේවෙතත් හඳුනානොගත් පියාසර වස්තූන් දැකීම සහ පාරභෞම තාක්ෂණය(පිටසක්වල ජීවින් සහ තාක්ෂණය)රජය විසින් සඟවාගෙන සිටින ප්‍රදේශයක් වශයෙන් ප්‍රසිද්ධ ඒරියා 51 භූමිය තරම් ටොනාපා අත්හදා බැලීමේ ප්‍රදේශය ප්‍රසිද්ධ නොමැත.




 source:sputniknews.com

ඒරියා 51 ආසන්නයෙන් අභිරහස් ගුවන් යානයක් ඒරියා 51 ආසන්නයෙන් අභිරහස් ගුවන් යානයක් Reviewed by HarshaLulzSec on November 22, 2019 Rating: 5

No comments:

Powered by Blogger.