කලෂ්නිකොව් රයිෆලයක ආතති පරීක්ෂාව

watch-kalashnikov-destroy-ak74-test

අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් වූ ඉල්ලීමට අනුව රුසියාවේ කලෂ්නිකොව් අවි නිෂ්පාදකයෙක් කලෂ්නිකොව් AK-74M රයිෆලයක් යොදාගෙන එහි දරා ගැනීමේ හැකියාව පරීක්ෂාවට ලක් කරන වීඩියෝවක් මුදා හැර තිබිණි.එහිදී ඔහු රයිෆලය සම්පූර්ණයෙන්ම සහ ගිනි ගෙන කැඩී යන තෙක් ස්වයංක්‍රීය ආකාරයෙන් වෙඩි තැබීම සිදු කලේය.

මෙම වීඩියෝපටය How to kill AK-74M? Full auto fire | Destroyers of weapons යන මාතෘකාව යටතේ කලෂ්නිකොව් සමාගමේ යූටියුබ් පිටුවේ පළ කර තිබූ අතර එය රුසියාව තුල විශාල පිරිසක් නැරඹූ විඩියෝවක් බවටද පත් විය.අවිවලට ආදරය කරන පිරිස් අතර රයිෆල්-විනාශ කිරීමේ වීඩියෝ ජනප්‍රිය වුවද අවි නිෂ්පාදකයෙක් සිය අවියක් ගිනි ගෙන උණුවී යන තෙක් පූර්ණ ස්වයංක්‍රීය ආකාරයෙන් වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝවක් ලෝකයා ඉදිරියට ගෙන යෑම කලාතුරකින් සිදුවන දෙයකි.


මේ සඳහා යොදාගෙන තිබුණේ 2014 වර්ෂයේදී නිෂ්පාදනය කල AK-74M රයිෆලයකි.කෙසේවෙතත් කලෂ්නිකොව් සමාගම පවසන පරිදි එම රයිෆලය මෙවැනි පරීක්ෂාව සඳහා කිසිසේත් සූදානම් නැත.

පරීක්ෂාව වෙනුවෙන් මැගසින් 26ක උණ්ඩ 780 සූදානමින් තිබිණි.ඉන් වැඩි ප්‍රමාණයක් රයිෆලයට භාවිතා කල අතර අවසානයේදී රයිෆලයේ ප්ලාස්ටික් කොටස් උෂ්ණත්වය හමුවේ ගිනි ගෙන උණු වී යන්නට විය.ඒ වෙද්දී රයිෆලය පූර්ණ ස්වයංක්‍රීය ආකාරයෙන් උණ්ඩ 587ක් නිකුත් කර තිබුණේය.

AK-74

මෙම ආතති පරීක්ෂාව අවසන් වෙද්දී රයිෆලයේ බැරලය ඇතුලට එබී තිබෙන අයුරු දිස් විය.

කෙසේවෙතත් මෙම ආතති පරීක්ෂාවෙන් එක් දෙයක් තහවුරු විය.එනම් රුසියානු හමුදාවේ අවශ්‍යතාවයක් වන,රයිෆලයකට පූර්ණ ස්වයංක්‍රීය අවස්ථාවේදී උණ්ඩ 180ක් වත් නිකුත් කර නොබිඳි පැවැත්වමට හැකි වීම යන්න AK-74M රයිෆලය විසින් සපුරා ඇති බවයි.දරා ගැනීමේ පරීක්ෂාව ආරම්භ කිරීමට පෙර විශේෂඥයා පවසා තිබුණේ මෙම වෙඩි තැබීමේ සීඝ්‍රතාවය රයිෆලයකට සාමාන්‍යය තත්ත්වයක් යැයි සැලකිය නොහැකි බවයි.




source:rt.com


කලෂ්නිකොව් රයිෆලයක ආතති පරීක්ෂාව කලෂ්නිකොව් රයිෆලයක ආතති පරීක්ෂාව Reviewed by HarshaLulzSec on October 02, 2019 Rating: 5

No comments:

Powered by Blogger.