එක්සත් ජනපදය සිරියානු තෙල් නිධි කොල්ල කයි


යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ පිහිටි සිරියානු තෙල් නිධි ආශ්‍රිත වාතාවරණය සම්බන්ධව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ඔක්තෝම්බර් 26දා නිල ප්‍රකාශයක් සිදු කලේය.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තෙල් නිධිවලට පිවිසීම වැළැක්වීම සඳහා ඇමෙරිකානු හමුදා කණ්ඩායමක් නැගෙනහිර සිරියාවේ රඳවා තබන බවට පෙන්ටගනයේ ප්‍රධානියා සිදු කල ප්‍රකාශය සම්බන්ධව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අදහස් දැක්වීය.

සිරියානු අරාබි ජනරජයේ පිහිටා ඇති සියලුම හයිඩ්‍රෝකාබන් සංචිත සහ අනෙකුත් ඛනිජ සම්පත් සැබැවින්ම අයත් වන්නේ සිරියානු අරාබි ජනරජයට විනා,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට හෝ එම ත්‍රස්තවාදීන්ගෙන් තෙල් නිධි රකිනවා කියන ඇමෙරිකානු ආරක්ෂකයන්ට නොවේ.

SYRIAN OIL AND GAS INFRASTRUCTURE MAP
සිරියාවේ තෙල් සහ ස්වාභාවික වායු නිධි යටිතල ව්‍යුහය

ජාත්‍යන්තර නීතියට අනුව හෝ අඩුම තරමේ ඇමෙරිකානු නීතියට අනුව හෝ සිරියාවේ හයිඩ්‍රෝකාබන් සංචිත සිරියාවෙන් හෝ එහි ජනතාවගෙන් ආරක්ෂා කිරීමට ඇමෙරිකානු සෙබලුන්ට කිසිදු නීත්‍යානුකූල හැකියාවක් නොමැත.

ඒ නිසා,වොෂින්ටනය දැන් කරමින් සිටින්නේ නැගෙනහිර සිරියාවේ තෙල් නිධි අල්ලා ගැනීම සහ හමුදා යොදවා ඒවා පාලනය කිරීමයි.සරලව කිවහොත් ජාත්‍යන්තර මට්ටමේ මංකොල්ලයකි.

නිදහසේ පරමාදර්ශය සහ ප්‍රති-ත්‍රස්තවාදය යන සටන්පාඨ පිටුපස සැඟවී එක්සත් ජනපදය සිරියාව තුල මෙම නීතිවිරෝධී කටයුත්තේ නිරත වේ.

ප්‍රදර්ශනය කර ඇති රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ අභ්‍යාවකාශ බුද්ධි තොරතුරු අංශයේ ඡායාරූපවලට අනුව,යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර සිරියානු තෙල් නිධි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පරාජයට පෙර සහ පසු තත්ත්වයන් දැක්වෙන අතර,ඒවා ඇමෙරිකානු හමුදාවේ ආරක්ෂාව යටතේ පවතියි.එම ආරක්ෂාව යටතේ පවා තෙල් නිධිවලින් තෙල් නිශ්කර්ශනය කරගෙන විශාල වශයෙන් තෙල් ට්‍රක් රථ මගින් සිරියාවෙන් පිටතට යැවුනේ පිරිපහදු කටයුතු සඳහාය.

ඊට සමගාමීව,සිරියාවට පෙට්‍රෝලියම් නිෂ්පාදන සැපයීම සඳහා වොෂින්ටනය සම්බාධක පැනවූ බව නිල වශයෙන් නිවේදනය කලද,ඒවා ඇමෙරිකානු සමාගම්වලට බලපෑවේ නැත.

ඇමෙරිකානු හමුදාවේ සහ ඇමෙරිකානු කුලී හමුදා කණ්ඩායම්වල ආරක්ෂාව යටතේ නැගෙනහිර සිරියාවේ තෙල් නිධිවලින් පිටත් වන තෙල් ට්‍රක් රථ අනෙකුත් රටවලට යැවේ.එවැනි රථ පෙළකට ප්‍රහාරයක් එල්ල වුවහොත්,ඒවා සුරැකීමට වීශේෂ මෙහෙයුම් බලකා සහ ඇමෙරිකානු ගුවන් හමුදාව වහා මැදිහත් වේ.

සියලු ඇමෙරිකානු සම්බාධක මග හැරීම සඳහා තෙල් නිෂ්පාදනය සිදු කෙරෙන්නේ ප්‍රමුඛ බටහිර සමාගම් සපයන උපකරණ යොදාගෙනය.

තෙල් සිරියාවෙන් පිට කිරීමේ කොන්ත්‍රාත්තුව ක්‍රියාවට නංවන්නේ ඇමෙරිකානු පාලනය යටතේ තිබෙන සෙඩ්කාබ් නම් සමාගමයි.මෙම සමාගම නිර්මාණය කෙරෙන්නේ නැගෙනහිර සිරියාවේ ස්වයංපාලන රජය යටතේය.සිරියානු තෙල් ජාවාරම හරහා ලැබෙන ආදායම ඊට සම්බන්ධ සමාගම් වල තැරැව් ගාස්තුව සහිතව ඇමෙරිකානු කුලී හමුදා සෙබලුන්ට සහ ඇමෙරිකානු ඔත්තු සේවාවන්ට ලැබේ.

සිරියානු තෙල් ජාවාරම හරහා ලබා ගන්නා තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 38කි.මේ හරහා උපයා ගන්නා මාසික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ඉක්මවා යයි.

ඇමෙරිකානු රජයේ පාලනයකින් සහ බදු වලින් තොරව දිගටම සිදුවන එවැනි මූල්‍යමය ප්‍රවාහයක් ලබා දෙන තෙල් ළිං,සැඟවුන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල මිත්‍යාව හේතුවක් ලෙස දක්වමින් සඳහටම මුර කිරීමට සහ ආරක්ෂා කිරීමට පෙන්ටගනය සහ එරට නායකත්වය සූදානම් වේවි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල සිරියාවේ තෙල් සහ ගෑස් නිධි සහ පිරිපහදු පහසුකම් පෙන්වන සිතියම

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූප

u-s-is-looting-syrian-oil-fields-to-fund-mercenaries-and-intelligence-operations

u-s-is-looting-syrian-oil-fields-to-fund-mercenaries-and-intelligence-operations

u-s-is-looting-syrian-oil-fields-to-fund-mercenaries-and-intelligence-operations

u-s-is-looting-syrian-oil-fields-to-fund-mercenaries-and-intelligence-operations




source:southfront.org


එක්සත් ජනපදය සිරියානු තෙල් නිධි කොල්ල කයි එක්සත් ජනපදය සිරියානු තෙල් නිධි කොල්ල කයි Reviewed by HarshaLulzSec on October 31, 2019 Rating: 5

No comments:

Powered by Blogger.