දේශීයව නිෂ්පාදනය කල සංග්‍රාමික ලේසර් අවියක් තුර්කිය අත්හදා බලයි

turkey-successfully-tests-its-indigenous-combat-laser-video

තුර්කිය දේශීයව නිෂ්පාදනය කල ARMOL නමින් හඳුන්වන ගොඩබිම් සංග්‍රාමික ලේසර් අවිය සාර්ථකව අත්හදා බැලූ බව එරට කර්මාන්ත සහ තාක්ෂණික අමාත්‍ය මුස්ටාෆා වරන්ක් විසින් ට්විටර් වෙබ් අඩවියේ පළ කල වීඩියෝවකින් නිවේදනය කලේය.

ඔහු පවසන පරිදි ලේසර් අවියේ අත්හදා බැලීම් සාර්ථක වී තිබේ.තවද එය තුර්කි ආරක්ෂක හමුදාවල සේවය සඳහා සුදුසුකම් ලබා ඇත.

ලේසර් අවිය යොදාගෙන ලෝහ තහඩුවක් පසාරු කිරීම,පුපුරණද්‍රව්‍ය ආරෝපකයක් විනාශ කිරීම සහ කුඩා ඩ්‍රෝන් යානයක් බිම හෙළීම ආදී ක්‍රියාකාරකම් සිදු කල බව අමාත්‍යවරයා සටහන් කර තිබිණි.


ARMOL ලේසර් අවිය සංවර්ධනය කලේ TUBTAK තොරතුරු විද්‍යා සහ තොරතුරු ආරක්ෂක පර්යේෂණ මධ්‍යස්ථානය විසිනි.කිලෝ වොට් 1.25ක ශක්තියක් උත්පාදනය කල හැකි මෙම අවියට මීටර් 500ක් දුරින් තිබෙන මිලි මීටර් තුනක් ඝනකම ලෝහ තහඩුවකට හානි කිරීමට හැකියාව තිබෙන බව සඳහන් වේ.




2018 ජූලි මාසයේදී අධ්‍යනයන් ආරම්භ කල කිලෝ ග්‍රෑම් 400ක් බර මෙම ලේසර් පද්ධතිය ගුවන් යානයක සවි කිරීමට සැලසුම් කර ඇත.

TUBTAK ආයතනය කිලෝ වොට් 20ක ලේසර් තුවක්කුවක් ඇතුලුව තවත් ලේසර් අවි සංවර්ධනය කරමින් සිටියි.

සංග්‍රාමික වාතාවරණයක් යටතේ තුර්කිය පළමුවරට ලේසර් අවියක් භාවිතා කලේ සැප්තැම්බර් මාසයේ මුලදී බවට වාර්තා පළවිය.

එම වාර්තාවලට අනුව,ජෙනරල් හෆ්ටර් ගේ ලිබියානු ජාතික හමුදාව වෙනුවෙන් ඔත්තු බැලීමෙහි නියැලී සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු චීන වින්ග් ලූන්ග් ඩ්‍රෝන් II යානයක් බිම හෙළීමට තුර්කි ලේසර් අවියක් භාවිතා කරන ලදි.

Chinese Wing Loong II UAV shot down in Libya (
ලිබියාවේදී බිම හෙළු චීන වින්ග් ලූන්ග් ඩ්‍රෝන් II සංග්‍රාමික ඩ්‍රෝන් යානය

මෙම නවතම අවි විශේෂ පුහුණුවකින් තොරව සෙබලුන්ට භාවිතා කල හැකි බවත්,එහිදී වියදම් වන්නේ ලේසර් කඳම්භය උත්පාදනයට යොදාගන්න ජනක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ඉන්ධන පමණි.ලේසර් තාක්ෂණයේ ප්‍රමුඛයන් වන එක්සත් ජනපදය සහ රුසියාවට පෙර තුර්කිය ලේසර් අවි සංග්‍රාමික තත්ත්වය යටතේ භාවිතා කිරීම සහ සාර්ථක ඵල නෙලා ගැනීම සැලකිය යුතු ප්‍රවෘත්තියකි.

සංග්‍රාමික ලේසර් අවි පද්ධති දැනටමත් එක්සත් ජනපදය,රුසියාව ඇතුලු රටවල හමුදා විසින් අත්හදා බලමින් සිටිති.

2019 වර්ෂය අවසානයේදී සේවයට එක් වීමට නියමිත රුසියානු පෙරෙස්වෙට් නම් ලේසර් අවි පද්ධතිය 21වන සියවස පුරාවට රුසියානු හමුදාවේ සහ නාවික හමුදාවේ සටන් කිරීමේ හැකියාව තීරණාත්මක ලෙසින් හැඩගස්වාවි යැ‍යි ජනපති පුටීන් පැවසීය.

Russian combat laser Peresvet
රුසියානු පෙරෙස්වෙට් නම් ලේසර් අවි පද්ධතිය

XN-1 LaWS නම් ලේසර් තුවක්කුව එක්සත් ජනපද නාවික හමුදාව යූ එස්  එස්  පොන්ස් නම් යුද නෞකාවේ දී අත්හදා බලන ලද්දේ 2014 දෙසැම්බර් මාසයේදීය.


2019 වර්ෂයේ මුල් කාර්තුවේ අබු ඩාබි හි පැවති IDEX 2019 ප්‍රදර්ශනයට චීනය ලේසර් අවි පද්ධතියක් එක් කර තිබිණි.





source:southfront.org


දේශීයව නිෂ්පාදනය කල සංග්‍රාමික ලේසර් අවියක් තුර්කිය අත්හදා බලයි දේශීයව නිෂ්පාදනය කල සංග්‍රාමික ලේසර් අවියක් තුර්කිය අත්හදා බලයි Reviewed by HarshaLulzSec on October 04, 2019 Rating: 5

No comments:

Powered by Blogger.