ආරක්ෂක අංශ සමාජ ජාලවලට ගෙනා අලුත්ම ප්‍රවණතාවය

tetris-challenge-viral-military-photos

අන්තර්ජාලය හරහා කලින් කල විවිධාකාරයේ අභියෝගයන්,ප්‍රවණතාවයන් මතු වී එයි.එවැනි ඉසව්වලට ආරක්ෂක අංශ සහභාගී වූ විට එය බොහෝදෙනාගේ අවධානයට ලක් වීම නොවැලැක්විය හැකිය.පසුගිය සමයේ පැතිර ගිය එවැනි ප්‍රවණතාවයක් වන්නේ Tetris Challenge යන නමින් හඳුන්වන පොලිස්,ගිනි නිවන හමුදා මෙන්ම යුද,ගුවන්,නාවික ආදී ආරක්ෂක අංශද පසුව එක් වූ සමාජ ජාල හරහා ඉදිරිපත් කරන අභියෝගයකි.

මෙහිදී සිදු කෙරෙන්නේ ඔවුනොවුන්ගේ දෛනික රාජකාරියේ භාවිතා කෙරෙන උපකරණ සමතලා භූමියක පිළිවෙලකට අසුරා ඉහළට සිට ගත් ඡායාරූපයක් පළ කිරීමයි.

මෙම සංකල්පය ආරම්භ වන්නේ මීට මාසයකට පමණ පෙරදීය.ඒ ස්විස්ටර්ලන්ත රථ වාහන පොලිසියේ නිලධාරීන් පිරිසක් සිය මුර සංචාරක මෝටර් රථය සහ අනෙකුත් උපාංගද ඇතුලුව ලබා ගත් ඡායාරූපයක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල පළ කිරීමත් සමගයි.ඊට ප්‍රතිචාර වශයෙන් ගිනි නිවන හමුදා භටයින්ගේ සිට සමුද්‍රීය මුදා ගැනීමේ කණ්ඩායම් දක්වා තම තමන්ගේ ඡායාරූප එක් කරන ලදි.නමුත් අතිශය සිත්ගන්නා සුළු ඡායාරූප දැක ගන්නට ලැබුණේ හමුදා සෙබලුන් මෙම අභියෝගයට ඉදිරිපත් වීමෙන් පසුවයි.

Zurich traffic police #TetrisChallenge
ස්විස් පොලිස් නිලධාරීන් පළ කල ඡායාරූපය

සිවිල් ඒකක පළ කල අභියෝග පරයා ලමින් හමුදා සාමාජිකයෝ ඉදිරිපත් කල හොඳම ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

1.නෙදර්ලන්ත යුද ටැංකි කාර්ය මණ්ඩලයක් සිය යුද ටැංකිය සහ එහි භාවිතා කරන උණ්ඩ,මිසයිල සහ අනෙකුත්  උපකරණ සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

Dutch army, tank division.#tetrischallenge



2.රාජකීය මලයාසියා නාවික හමුදාව ඔවුන්ගේ සුපර් ලින්ක්ස් හෙලිකොප්ටර් යානයක් සමග ලබා ගත් ඡායාරූපයක්

Royal Malaysian Navy Super Lynx Helicopter


රාජකීය මලයාසියා ගුවන් හමුදාවද ඔවුන්ගේ ෆයිටර් ජෙට් යානයක් සමග ඡායාරූපයකට පෙනී සිටියහ.

 Royal Malaysian Air Force



 3.හංගේරියානු ගුවන් හමුදාව අභියෝගයට ලබා දී තිබූ පිළිතුර

Hungarian Air Force’s answer to the viral challenge



4.එක්සත් ජනපදයේ උතුරු ඩැකෝටා හි ගුවන් හමුදා කඳවුරක් සෙබලුන් පිරිසක් මුර සංචාරක රථයක් සමග ලබා ගත් ඡායාරූපයක්

Air Force base in North Dakota shared a TetrisChallenge



5.ඕස්ට්‍රියානු යුද ටැංකි කාර්ය මණ්ඩලයක් අභියෝගය භාර ගෙන තිබූ අයුරු

Austrian tank division

මෙම ප්‍රවණතාවය සම්බන්ධව සමාජ ජාල පරිශීලකයෝ විවිධ අදහස් දක්වා තිබිණි.සමහරුන් සැක කලෙ, මෙය හමුදා ඒකක රැගෙන උපකරණ නිවැරදිව දැන ගැනීමට නිර්මාණය කල උගුලක් බවයි.නමුත් බොහෝදෙනා මෙම අධි තාක්ෂණික උපකරණ සහ යුදෝපකරණ සිත් ගන්නා සුළු අයුරු සකස් කර තිබෙන ඡායාරූප රසවිදින්නට ඇති.සමහරුන් මෙවැනි ඡායාරූප පෙළක් මීට දැක නොතිබූ බව පවසා තිබිණි.

කෙසේවෙතත් අභියෝගය රුසියානු බළලුන් සහ හොකී කණ්ඩායම් අතරද ජනප්‍රිය වී තිබේ.




source:rt.com


ආරක්ෂක අංශ සමාජ ජාලවලට ගෙනා අලුත්ම ප්‍රවණතාවය ආරක්ෂක අංශ සමාජ ජාලවලට ගෙනා අලුත්ම ප්‍රවණතාවය Reviewed by HarshaLulzSec on October 03, 2019 Rating: 5

No comments:

Powered by Blogger.