සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 30

syrian-war-report-september-30-2019-syrian-army-prepares-to-resume-idlib-advance

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ අන්තවාදී සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් නැවත ආරම්භ කරන්නට සිරියානු අරාබි හමුදාව සහ මිත්‍රයෝ සූදානම් වෙමින් සිටින බව රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසති.

සැප්තැම්බර් මාසයේ අවසන් දින කිහිපයේදී සිරියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා,උතුරු ලටාකියා සහ වයඹදිග හමා හි හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම්වල ස්ථාන වෙත ගුවන් ප්‍රහාර ගණනාවක් එල්ල කලහ.වැඩිම ප්‍රහාර ගණනක් එල්ල වී තිබෙන්නේ කබානි නගරය ආසන්නයට සහ අල්-ගාබ් තැනිතලාවටය.

ඒ අතරතුර,ප්‍රදේශයෙන් සිවිල් වැසියන් ඉවත්ව යෑම වැළැක්වීම සඳහා ඉඩ්ලිබ් සටන්කාමී කණ්ඩායම් ක්‍රියා කරමින් සිටිති.සිවිල් ජනාවාස අතරේ තිබෙන සිය ස්ථානවල ආරක්ෂාව සඳහා ඉදිරි ආරක්ෂක වළල්ල ආසන්නයේ සීටින සිවිල් වැසියන් ප්‍රයෝජනවත් මෙවලමක් වන ඔවුන් දනියි.සිරියානු හමුදාව විවෘත කල අබු අල්-ඩුහුර් මානුෂීය කොරිඩෝරයට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම දිගින් දිගටම කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේ සැප්තැම්බර් මාසයේ ආරම්භයේ පටන්ය.

රජයේ පාලන ප්‍රදේශයට පළා එන්නට උත්සාහ කල සිවිල් වැසියන් පස්දෙනෙක් මරා දමන්නට අන්තවාදීන් ක්‍රියා කර ඇතැයි ඇලපෝ ආණ්ඩුකාර  හුසෙන් ඩයබ් වාර්තාකරුවන්ට පැවසීය.

 සිරියාවෙන් පැමිණි ඩ්‍රෝන් යානයක් තුර්කි හමුදාව බිම හෙළයි

තුර්කි ගුවන් අවකාශය උල්ලංඝනය කල සිරියාවෙන් පැමිණි ඩ්‍රෝන් යානය වෙඩි තබා බිම හෙළුවේ යැ‍යි තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සැප්තැම්බර් 29දා පස්වරුවේ නිවේදනය කලේය.එම නිවේදනයට අනුව බිම හෙළීමට පෙර ඩ්‍රෝන් යානය හය වතාවක් තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය කර තිබේ.ඩ්‍රෝන් යානය පැමිණ තිබෙන්නේ සිරියාවේ ඇලපෝ හි උතුරු කොටසේ,යුප්‍රටීස් ෂීල්ඩ් මෙහෙයුම යටතේ අත්පත් කර ගත් තුර්කි පාලන ප්‍රදේශයේ සිටයි.යානය බිම හෙළීමට එෆ්-16 ෆයිටර් ජෙට් යානා දෙකක් භාවිතා කල බව අමාත්‍යාංශය පැවසීය.


 අරාර් අල්-ෂාම් සටන්කාමීන් දෙදෙනෙක් උතුරු ඇලපෝ හිදී ඝාතනය කෙරේ

තුර්කි පාලනයට නතු උතුරු ඇලපෝ ප්‍රදේශයේදී සැප්තැම්බර් 28දා,අරාර් අල්-ෂාම් සටන්කාමී කණ්ඩායමේ සටන්කාමීන් දෙදෙනෙක් ඝාතනය කරන ලදි.තුර්කියට පක්ෂපාතී විපක්ෂ නාලිකාවකට අනුව එය සිදුව තිබෙන්නේ අල්-බාබ් නගරය ආසන්නයේදීය.ඔවුන් දෙදෙනා,මෝටර් සයිකලයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූහ.


යුප්‍රටීස් ෂීල්ඩ් මෙහෙයුම යටතේ අල්ලා ගත් මෙම ප්‍රදේශය ජාතික සිරියානු හමුදාව යටතේ තිබුණත්,එහි අරාර් අල්-ෂාම් කණ්ඩායමද සක්‍රීයය.පසුගියදා තුර්කි ප්‍රොක්සි හමුදා අෆ්රින් හි දේපල කොල්ලකෑම නිසා බරපතල ගැටුම්ද ඇති විය.


පසුගිය වසර දෙක තුල සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගෙන පැමිණි ඩ්‍රෝන් යානා 100කට වැඩි ගණනක් ගුවන් ආරක්ෂක පද්ධති සහ ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධති යොදාගෙන බිම හෙළු බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සැප්තැම්බර් 27දා නිවේදනය කලේය.මෙම ඩ්‍රෝන් යානාවලින් වැඩි කොටසක් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සිටින සටන්කාමී කණ්ඩායම් විසින් දියත් කල ඒවාය.

සැප්තැම්බර් 26දා,හඳුනා නොගත් ගුවන් යානයකින් ඉරාකය සමග දේශසීමාවේ පිහිටි අල්-බුකමල් නම් සිරියානු නගරයට නැගෙනහිරින් තිබෙන ඉරාන ප්‍රොක්සි හමුදා කඳවුරක් වෙත ප්‍රහාර මාලාවක් එල්ල කලේය.සැප්තැම්බර් මාසයේදී මෙම ප්‍රදේශයට එල්ල වූ තුන්වන ප්‍රහාරය මෙයයි.මෙම ප්‍රහාර නිතරම බැර වන්නේ ඊශ්‍රායලයටයි.කෙසේවෙතත්,ටෙල් අවිව් රජයේ මෙම ක්‍රියා මාර්ග ඔස්සේ දේශසීමා ප්‍රදේශයේ ඉරානීය හමුදාවේ පැවැත්ම අවසන් කරන්නට හැකියාවක් ලැබී නැත.

ඊට අමතරව,ඩීර් එසෝර්-බැග්ඩෑඩ් මහා මාර්ගයේ ඵිටි අල්-බුකමල් දේශසීමා පැන්නුම නුදුරේදීම විවෘත කරන බව ඉරාක රජය නිවේදනය කලේය.

ISIS IED attack in syria
විනාශ වූ පික්-අප් ට්‍රක් රථය

සැප්තැම්බර් 27දා හෝම්ස් පළාතේ අල්-සුක්නා නගරය ආසන්නයේදී,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අටවා තිබූ මර උගුලකට සිරියානු හමුදාවේ වාහනයක් අහුවීමෙන් සෙබලුන් දෙදෙනෙක් මරණයට පත් වූහ.ඊට පෙර පැල්මයිරා ප්‍රදේශයේදී ලීවා අල්-කුඩ්ස් නම් රජයට පක්ෂපාතී සටන්කරුවන් කණ්ඩායමේ පික් අප් ට්‍රක් රථයක් ඉලක්ක කරගෙන මීට සමාන ප්‍රහාරයක් එල්ල විය.අල්-බුකමල් පැන්නුම විවෘත කිරීමෙන් පසුව,ඩැමැස්කස් සහ ඉරාන ප්‍රොක්සි හමුදාවල ප්‍රධාන අරමුණ වනු ඇත්තේ කාන්තාරයේ ඉතිරිව තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් විනාශ කිරීමයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 30 සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 30 Reviewed by HarshaLulzSec on October 02, 2019 Rating: 5

No comments:

Powered by Blogger.