සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 08

syrian-war-report-october-8-2019-u-s-green-lights-turkish-incursion-into-northeastern-syria

තුර්කි-සිරියා දේශ සීමා ඔස්සේ උතුරුදිග සිරියාවේ ස්ථානවලින් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම ඔක්තෝම්බර් මස 7දා ආරම්භ විය.ටෙල් අබ්යාඩ්,ටෙල් මුසා,ටෙල් සින්සියර් සහ ටෙල් අර්කම් යන ප්‍රදේශවල ඇමෙරිකානු හමුදාවට අයත් කුඩා ප්‍රමාණයේ කඳවුරු පිහිටුවා තිබිණි.දැන් ඔවුන් ඒවා අතහැර දමා ඇත.

 තුර්කි-සිරියා දේශසීමාව ආසන්නයේ තිබෙන ටෙල් අර්කම්හි ඇමෙරිකානු කඳවුර 
අතහැර දමා ගොස් ඇති අයුරු

US troops have already abandoned their military garrison in Tel Arqam

US troops have already abandoned their military garrison in Tel Arqam

US troops have already abandoned their military garrison in Tel Arqam

කාලයක් තිස්සේ සැලසුම් කල,උතුරුදිග සිරියාව ආක්‍රමණය කිරීමේ මෙහෙයුම නුදුරේදීම තුර්කිය විසින් ආරම්භ කරනු ඇතැයි ධවල මන්දිරය ඔක්තෝම්බර් 6 දා නිකුත් කල ප්‍රකාශයක සඳහන් විය.ඇමෙරිකනු හමුදා මෙහෙයුමට සහාය ලබාදීමක් හෝ මැදිහත් වීමක් සිදු නොකරන බවත් මෙහෙයුම සිදු කරන ප්‍රදේශයේ තම හමුදා තවදුරටත් රැඳී නොසිටින බවත් එම ප්‍රකාශයේ ඇතුලත්ය.


කුර්දි සන්නද්ධ කණ්ඩායම් බහුතරය නියෝජනය කරන ඇමෙරිකානු සහාය හිමි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා එක්සත් ජනපදය චෝදනා කරමින් පැවසුවේ තම වගකීම් ඉටුකිරීමට අසමත් වූ බවත්,කලාපය නැවතත් යුද බිමක් බවට පත් වීමට ඉඩදෙමින් සිටින බවත්ය.කුර්දිස්ථාන කම්කරු පක්ෂයට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධාන වශයෙන්,කුර්දි සන්නද්ධ කණ්ඩායම් හඳුන්වන තුර්කිය,මෙම ප්‍රදේශයේ යුදමය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි නායකත්වය බියෙන් පසුවේ.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව කුර්දි සටන්කාමීන් තුර්කි-සිරියා දේශසීමාවේ රාස් අල්-අයින් සහ අයින් අල්-ඇරබ් යන නගර අතර සිය යුද ශක්තිය ඉහල නැංවීමට ක්‍රියා කරමින් සිටිති.

නමුත් මීට සති කිහිපයකට පෙර ඇමෙරිකාවේ කීමට දේශසීමා ප්‍රදේශයේ යොදා තිබූ ආරක්ෂක විධිවිධාන සියල්ල ඉවත් කිරීමට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ක්‍රියා කලහ.ඉන්පසුව උතුරුදිග සිරියාවේ තුර්කි හමුද මෙහෙයුමක් සඳහා එක්සත් ජනපදය කොළ එළියක් දල්වන ලදි.

syrian-war-report-2019-10-08

ඇමෙරිකානු සෙබලුන් ඉවත්ව යෑමෙන් පසුව ජනපති ට්‍රම්ප් ට්විටර් වෙබ් අඩවිය හරහා තුර්කියට තර්ජනය කරමින් පවසා තිබුණේ "තුර්කිය යම් දෙයක් කල හොත්,තුර්කියේ ආර්ථිකය සහමුලින්ම විනාශ කර දමන බවයි".කෙසේවෙතත් මෙවැනි ට්විටර් උපාය කෞෂල්‍යයක් ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවන්නේ කෙසේදැයි තවමත් දැක ගන්නට ලැබී ඇත.

විය හැකි යුදමය ක්‍රියාමාර්ගය සඳහා ඇලපෝ පළාතේ සිටින තුර්කි ප්‍රොක්සි හමුදාද ඉහළ සූදානමකින් පසුවන්නේ යැ‍යි ප්‍රාදේශීය මූලාශ්‍ර සඳහන් කරයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 08 සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 08 Reviewed by HarshaLulzSec on October 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.