සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 07

syrian-war-report-october-7-2019-idlib-militants-retreating-to-turkish-border

දකුණු ඉඩ්ලිබ් හි නගරය බැලිසා සහ අග්ර් කඳුමුදුන ආසන්නයේ තිබෙන හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ස්ථාන වෙත ඔක්තෝම්බර් මස 5 දා රුසියානු ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.ප්‍රහාරවලින් අවම වශයෙන් සටන්කාමීන් නවදෙනෙක් මිය ගිය අතර,නොබෝදා වයඹදිග හමා සහ උතුරු ලටාකියා ප්‍රදේශවලට සිරියානු ගුවන් හමුදා සිදු කරන තීව්‍ර ප්‍රහාරවල වර්ධනය නොනවත්වා කරගෙන යෑමක් විය.

ඔක්තෝම්බර් මස 3-6 කාල සීමාව තුල සිරියානු හෙලිකොප්ටර් යානා හයාට් ටරිර් අල්-ෂාම්,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය,අජ්නඩ් අල්-කව්කාස්,හොරස් අල්-ඩින් සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම් රැඳී සිටින ස්ථානවලට ප්‍රහාර 30කට වඩා එල්ල කලහ.ඊට අමතරව සිරියානු හමුදාව රොකට් සහ කාලතුවක්කු පද්ධති යොදාගෙන ජිස්ර් අල්-ෂුගුර් නම් සටන්කාමීන්ගේ බලකොටුවට බටහිර දෙසින් වූ අල්-සයිනාහ් ආසන්නයේ සටන්කාමීන් රැඳී සිටි ස්ථාන වෙත ඔක්තෝම්බර් 6 දා ප්‍රහාර එල්ල කලේය.

ඉඩ්ලිබ් කලාපයේ දකුණු කොටසට එල්ල වන සිරියානු-රුසියානු ප්‍රහාර සහ සිරියානු හමුදාව මුදා ගැනීම හේතුවෙන් කාන් ෂයිකුන් හා අල්-ලටාමිනා නගරවල භූගත යටිතල ව්‍යුහය අහිමි වීම යන හේතු නිසා ඉඩ්ලිබ් සටන්කාමීන්ට වෙනත් මාර්ගය සොයා ගැනීමට සිදුව තිබේ.


අන්තර්ජාලය තුල පළ වී තිබූ වීඩියෝවලට අනුව,හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සිය අවි සංචිතයේ අඩංගු ග්‍රාඩ් රොකට් සහ මෝටාර් උණ්ඩ ආදිය තුර්කි-සිරියා දේශසීමාව දෙසට ගෙන යමින් තිබේ.සටන්කාමීන්ගේ අවි ගබඩා පිහිටා තිබෙන එක් ස්ථානයක් වන්නේ බාබ් අල්-හවා දේශසීමා පැන්නුමයි.තුර්කි හමුදාවේ ස්ථාන ආසන්නයේ දී සිය අවි ගබඩාවලට සුරක්ෂාවක් හිමිවන බව අන්තවාදී සටන්කාමීන්ගේ බලාපොරොත්තුවයි.

සිරියාව සහ රුසියාව බටහිර ඩීර් එසෝර් හි යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර සහ බටහිර ඉවුරු යාකරමින් ස්ථිර පාලමක් ඉදි කරමින් සිටිති.සිරියානු සෙබලුන් රුසියානු ඉන්ජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ සේවය කරයි.ඉදි කිරීම් කටයුතුවල ආරක්ෂාව සඳහා රුසියානු විශේෂ බලකා සෙබලුන් යොදවා තිබේ.ඔක්තෝම්බර් මාසය අවසානයේදී පාලම සම්පූර්ණ කිරීමට නියමිතය.


රුසියාවේ NTV රූපවාහිනී නාලිකාව වාර්තා කල පරිදි,සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නම් ඇමෙරිකානු ප්‍රොක්සි හමුදාව යටතේ තිබෙන යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ ඉතිරිව සිටින ජනයාට ආධාර ලබා දීම සහ මානුෂීය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා මෙම පාලම භාවිතා කරනු ඇත.

ඊසානදිග සිරියාවේ වාතාවරණයත් සමග නැවත වරක් එක්සත් ජනපදය සහ තුර්කිය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇත.එක්සත් ජනපදය සමග ඇති කර ගත් "ආරක්ෂිත කොරිඩෝරය" එකඟතාවය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමය සම්බන්ධව තම රට තෘප්තියට පත් නොවන නිසා,ඊසානදිග සිරියාවේ ත්‍රස්තවාදීන් සමග සටන් කිරීම සඳහා හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් යැ‍යි තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන්  ඔක්තෝම්බර් 5දා නිවේදනය කලේය.

ඇමෙරිකානු සහාය හිමි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි බහුතරය නියෝජනය කරන කුර්දි සටන්කාමීන්, තුර්කියේ දැක්මට අනුව ත්‍රස්තවාදීන් කණ්ඩායමකි.තුර්කි-ඇමෙරිකා "ආරක්ෂිත කොරිඩෝරය" එකඟතාවය නිර්මාණය කරන්නේ තුර්කිය සමග දේශසීමාවේ සිරියානු පාර්ශ්වය පාලනය කරන කුර්දි සටන්කාමීන් ඉවත් කිරීම සඳහාය.කෙසේවෙතත්,පෙනෙන හැටියට වොෂින්ටන් රජයට එම ක්‍රියාදාමය ඉක්මණින් අවසන් කිරීමට උවමනාවක් නොමැත.මෙම හැසිරීම හරහා කලාපයේ අවිනිශ්චිතභාවය තවත් ඉහළ යමින් ඇත.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 07 සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 07 Reviewed by HarshaLulzSec on October 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.