සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 04

syrian-war-report-october-4-2019-iran-foils-attempt-to-assasinate-commander-of-qods-force

සිරියාවේ ඉඩ්ලිබ් පළාත සමග තුර්කි දේශසීමාව කොන්ක්‍රීට් බාධක,කටු කම්බි සහ අනෙකුත් හමුදා මාදිලියේ ව්‍යුහයන් යොදාගෙන ශක්තිමත් කිරීමට තුර්කිය ක්‍රියා කරමින් සිටියි.අන්කාරා රජයට අනුව,ඉඩ්ලිබ් පවතින්නේ මධ්‍යස්ථ විපක්ෂය අතේය.කෙසේවෙතත්,දේශසීමා ප්‍රදේශයේ මධ්‍යස්ථ විපක්ෂයේ ක්‍රියාකාරීන් සිටින්නේ යම් හේතුවකට විය හැකිය.

පසුගිය මාස කිහිපය තුල,බර අවි ඇතුලුව සැලකිය යුතු තරමේ හමුදාවක් සිරියානු පළාත සමග තුර්කි දේශසීමාවේ තුර්කි පාර්ශ්වයේ දියත් කරන ලදි.ඉන් වැඩි කොටසක් ස්ථානගත කර සිටින්නේ සිරියානු විපක්ෂයේ පාලනය යටතේ තිබෙන දේශසීමා පැන්නුම් ආසන්නයේය.

ඒ අතරතුර,ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ දකුණු කොටසේ වාතාවරණය නැවතත් නරක අතට හැරිණි. ඔක්තෝම්බර් මස 3දා,දකුණුදිග ඉඩ්ලිබ් හි බාර්බු සහ කැ ෆ් ර් නඩුබා නගරය ආසන්නයේ සටන්කාමීන්ගේ ස්ථාන වෙත සිරියානු අරාබි හමුදාව රොකට් ප්‍රහාර එල්ල කලේය.එදිනම,සිරියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා උතුරු ලටාකියාහි කබානි නගරය ආසන්නයේ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ප්‍රහාර දියත් කලහ.

සිරියානු හමුදාව මරාට් හි තුර්කි නිරීක්ෂණ මුරපොල ආසන්නයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කලේ යැ‍යි සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කර තිබිණි.

තුර්කිය,ඉරානය සහ රුසියාව සිදු කල අස්ටානා මාදිලියේ සාකච්ඡා ඵල රහිත කරමින් ඉඩ්ලිබ් සටන්කාමීන් කණ්ඩායම් දිගින් දිගටම උතුරු ලටාකියා සහ දකුණු ඉඩ්ලිබ් හි සිරියානු හමුදාවේ ඉදිරි ආරක්ෂක වළලු වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටිති.මේ හරහා ප්‍රදේශයේ අස්ථාවරත්වය ප්‍රතිචාර දක්වන්නට හමුදාවට සිදුව තිබේ.

 සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ තවදුරටත් මහා පරිමාණ ඉදිකිරීම් සිදු කෙරෙන අයුරු රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.ගුවන් යානා සඳහා අමතර අහස්යාත්‍රාංගන ඉදිකිරීමට දැනට රුසියානුවන් අවධානය යොමු කර ඇත.


ඉරාන ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ කුඩ්ස් බලකායේ ප්‍රධානියා වන ජෙනරල් කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමේ අරමුණින් දියත් කල "ඊශ්‍රායල-අරාබි" කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කල බව එම හමුදාවේ බුද්ධි අංශය නිවේදනය කලේය.එම නිවේදනයට අනුව ඝාතනය සඳහා පැමිණි කණ්ඩායම ජෙනරල් සොලෙයිමානිගේ පියාගේ සොහොන අසලින් නිවස්නයක් මිලදී ගෙන,එහි සිට සොහොන දක්වා උමගක් හාරා කිලෝ ග්‍රෑම් 350-500 පමණ පුපුරණද්‍රව්‍ය එහි තබා තිබිණි.ඔවුන් ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබුණේ සැප්තැම්බර් 8 හෝ 9 යන දිනවලය.ජෙනරල්වරයා එම දින දෙකෙන් එකකදී පියාගේ සොහොන් ගෙය වෙත පැමිණෙනු ඇතැයි විශ්වාස කරන ලද්දේ 9 සහ 10 දින දෙක මුහ්‍රම් ශුද්ධ ඉස්ලාමීය මාසයට අයත් නිසාය.තිදෙනෙකුගෙන් සමන්විත ඝාතක කණ්ඩායම ඉරාන ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඝාතන උත්සාහයට වගකිව යුත්තේ කවර පාර්ශ්වයක්ද යන්න ඉරානය මේ දක්වා ප්‍රකාශ කර නොමැත.කෙසේවෙතත්,බොහෝවිට ටෙහෙරාන් රජය ඊශ්‍රායලයට සහ සෞදි අරාබියට චෝදනා කරාවි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 04 සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 04 Reviewed by HarshaLulzSec on October 05, 2019 Rating: 5

No comments:

Powered by Blogger.