සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 03

syrian-war-report-october-3-2019-russia-tested-s-500-elements-in-syria

ඔක්තෝම්බර් මස පළමුවෙනිදා සිරියානු,ඉරාන සහ රුසියානු හමුදා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කලේ යැයි අල්-වටන් පුවත් සේවය ඔක්තෝම්බර් දෙවනිදා වාර්තා කලේය.අභ්‍යාසය සඳහා බර අවි,රොකට් විදින සහ යුද ගුවන් යානා යොදාගෙන තිබේ.පුවත් වාර්තාවට අනුව ඊසාන දිග සිරියාවේ ඇමෙරිකානු සහාය හිමි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදවලට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් පැවැත්වෙන අතරතුර මෙම යුද අභ්‍යාසයත් සිදු කරයි.

යුද අභ්‍යාසය ඇමෙරිකානු ප්‍රොක්සි හමුදාවට අනතුරු ඇඟවීමක් යැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.පසුගිය මාස කිහිපය තුල මූලාශ්‍ර කිහිපයක්ම සඳහන් කලේ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා,යුප්‍රටීස් ගංගාවේ බටහිර ඉවුරේ සිරියානු හමුදාවට ප්‍රහාරයක් එල්ල කරන්නට සැලසුම් කරමින් සිටින බවයි.


 සිරියානු හමුදාව ඔත්තු සැපයීමේ චෝදනා යටතේ දෙදෙනෙකුට මරණ දඩුවම

සිරියානු බුද්ධි අංශ වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදිත වයස් ගත පිරිමින් දෙදෙනෙක්,අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම විසින් සැප්තැම්බර් මස 30 ඝාතනය කරන ලදි.

ත්‍රස්තවාදී කණ්ඩායමේ නිලධාරියෙකුට අනුව ඝාතනය කර තිබෙන්නේ,සටන්කාමීන්ගේ ස්ථාන සම්බන්ධ ඛණ්ඩාංක සිරියානු බුද්ධි අංශවලට සැපයූයේ යැ‍යි චෝදනා එල්ල වූ බඩර් රාජබ් සලම් සහ මොහොමඩ් හුසෙන් යන දෙදෙනාය.

photo Badr Rajab Sallum on the left side, and Mohamad Hussein on the right.
වම්පස:බඩර් රාජබ් සලම් ,දකුණුපස: මොහොමඩ් හුසෙන්

බඩර් රාජබ් සලම්, සිරියානු අරාබි හමුදා සෙබලුන් පස්දෙනෙකුගේ පියෙක් වන අතර ඔහුගේ එක් පුත්‍රයෙක් ඩීර් එසෝර් හිදී මරණයට පත් වූයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග සටනකදීය.මොහොමඩ් හුසෙන් යනු විදුහල්පතිවරයෙකි.දෙදෙනාම දකුණු ඉඩ්ලිබ් හි නගරයේ පදිංචිකරුවන් වූහ.

තම පාලනය අභියෝග කල සිය ගණනක් සිවිල් වැසියන් අත් අඩංගුවට ගන්නට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම පසුගිය වසරේදී ක්‍රියා කලේය.ඉන් වැඩි පිරිසක් පසුව ඝාතනය කල අතර ඊට විපක්ෂ ක්‍රියාකාරියෙක්ද ඇතුලත්ය.
රුසියාව එස්-500 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය සිරියාවේදී සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ඩෙයිලි ඉස්වෙස්ටියා පුවත්පත වාර්තා කර තිබුණේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ මූලාශ්‍ර උපුටා දක්වමින්ය.නමුත් ඔක්තෝම්බර් තුන්වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල ප්‍රකාශයක සඳහන් වූයේ එම පුවත අසත්‍යයක් බවත් එස්-500 මිසයිල පද්ධතිය සිරියාව වැනි ප්‍රදේශයකට අත්හදා බැලීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්ය.කෙසේවෙතත් එස්-500 මිසයිල පද්ධතිය මහා පරිමාණයෙන් නිෂ්පාදනයට පිවිසෙනු ඇත්තේ 2020 වර්ෂයේ දෙවන භාගයේදීය.

සිවිල් වැසියන් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය හැර යෑම වැළැක්වීමට හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් දිගින් දිගටම උත්සාහ කරමින් සිටිති.එලෙස රජයේ පාලන ප්‍රදේශ වෙත එන ජනයාගේ පහසුව පිණිස සිරියානු අරාබි හමුදාව අබු අල්-ඩූර් කොරිඩෝරය විවෘත කර තිබේ.කෙසේවෙතත්,ත්‍රස්තවාදීන් තමන්ගේ පාර්ශ්වයෙන් කොරිඩෝරය, බිම්බෝම්බ්,හමුදා මුරපොළ සහ පස් බැමි යොදාගෙන අවහිර කර ඇත.තවද කොරිඩෝරයට කාලතුවක්කු ප්‍රහාරද එල්ල කරති.
 සිරියානු අරාබි හමුදාව ඔක්තෝම්බර් මස 3දා දකුණු ඉඩ්ලිබ් හි කැ ෆ් ර් නබල් නගරයේ සටන්කාමීන්ගේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කලේය.විපක්ෂ ක්‍රියාකාරීන්ට අනුව ප්‍රහාරය සඳහා ප්‍රබල රොකට් අවි භාවිතා කරන ලදි.බොහෝවිට හමුදාව  BM-27 උරගන් හෝ BM-30 ස්මෙර්ච් වැනි දැවැන්ත රොකට් විදින ප්‍රහාරය සඳහා භාවිතා කරන්නට ඇත.



රොකට් ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට හානියක් සිදු වූයේ යැයි වාර්තා නොවේ.සටන් විරාමය කඩ කිරීමට ප්‍රතිචාර වශයෙන් හමුදාව මෙම් ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි සිතිය හැකිය. කැෆ්ර් නබල් නගරය දැනට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ පාලනය යටතේ තිබේ.

තුර්කි පාලනය යටතේ ඇති අෆ්රින් ප්‍රදේශයට උතුරින් තිබෙන කුර්දි මහජන ආරක්ෂක ඒකකවල ස්ථාන වෙත තුර්කි හමුදාව ඔක්තෝම්බර් 2දා රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කලේය.තුර්කියට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව එම ප්‍රහාරවල ඉලක්ක වූයේ මෙනාග් ගුවන් හමුදා කඳවුර සහ ටෙල් රිෆාට් නගරයයි.

තුර්කි ජනපති රෙසෙප් එර්ඩොගන්ට අනුව එක්සත් ජනපදය සමග එකඟ වූ "ආරක්ෂිත කලාපය" ගිවිසුම ක්‍රියාවට නැංවීමේ කාර්යයේ ප්‍රගතිය සම්බන්ධව තම රට තෘප්තිමත් නැත.එනිසා අන්කාරා රජය තම අභිමතය පරිදි ක්‍රියා කල යුතුය.මේ හරහා උතුරු සිරියාව තවත් ව්‍යාකූල තත්ත්වයක් කරා ගමන් කරනු ඇත.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 03 සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 03 Reviewed by HarshaLulzSec on October 04, 2019 Rating: 5

No comments:

Powered by Blogger.