රුසියා-තුර්කි ආරක්ෂිත කලාපය සිරියානු අර්බුදයේ ගමන් මාර්ගය හැඩ ගස්වන අයුරු

how-russian-turkish-safe-zone-deal-shapes-course-of-syrian-conflict

ඊසානදිග සිරියාවේ යුදමය අර්බුදය ආරම්භ වූයේ ඇමෙරිකානු හමුදා ඉවත්ව යන අතරතුර කුර්දි සටන්කාමීන්ට එරෙහිව තුර්කි හමුදා ආක්‍රමණය දියත් කිරීමත් සමගයි.

ඔක්තෝම්බර් 23දා තුර්කිය සහ රුසියාව ඊසානදිග සිරියාවේ ආරක්ෂිත කලාප ගිවිසුම ක්‍රියාවට නැංවීම ආරම්භ කලහ.මෙම ගිවිසුම ඊට පෙරදිනයේ තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩොගන් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටීන් විසින් ඇති කර ගත් එකකි.රුසියානු හමුදා පොලිස් හේවා ඒකක තුර්කි-සිරියා දේශසීමාවේ කොබානි නගරයේ රඳවා සිටියි.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව,සිරියානු හමුදාව නැගෙනහිර යුප්‍රටීස් ප්‍රදේශයේ තුර්කි-සිරියා දේශසීමාවේ නිරීක්ෂණ මුර පොල 15ක් පිහිටුවනු ඇත.ඊළඟ පියවර වන්නේ කුර්දි සටන්කාමීන් කණ්ඩායම් සහ ඔවුන්ගේ බර අවි,එකඟ වූ ආරක්ෂිත කලාපයෙන් ඉවත් කර ගැනීම සහ තුර්කි-රුසියා ඒකාබද්ධ මුර සංචාර ආරම්භ කිරීමයි.

ඒ අතරතුර,තුර්කි ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනය කලේ සිය ප්‍රධාන අරමුණ සාක්ෂාත් කර ගත් නිසා පීස් ස්ප්‍රින්ග් මෙහෙයුම ඊසානදිග සිරියාවේ තවත් ගැඹුරට ව්‍යාප්ති කිරීම අවශ්‍ය නොවන බවයි.තුර්කි මූලාශ්‍ර පවසන පරිදි කුර්දි සටන්කාමීන් සමහරක් ප්‍රදේශයේ රැඳී සිටින මුත් ඔවුන් මහා පරිමාන යුදමය ක්‍රියාමාර්ග අපේක්ෂා නොකරයි.සිරියානු ජාතික හමුදාව නම් තුර්කි ප්‍රොක්සි හමුදාවේ සාමාජිකයෝ ඔවුන් අල්ලා ගත් ටෙල් අබ්යාඩ් සහ රාස් අල්-අයින් නගර අතර ප්‍රදේශයේ රැඳී සිටිති.

සිරියාව ස්ථාවරත්වයට පැමිණීමේදී මෙම තුර්කි-රුසියා එකඟතාවය ධනාත්මක ක්‍රියාමාර්ගයක් යැයි ඉරාන විදේශ අමාත්‍යාංශය විස්තර කලේය.අර්බුදය සමථයකට පත් කිරිම සඳහා ගන්නා දේශපාලනික ක්‍රියාමාර්ගවලට ඉරානය සෑමවිටම සහයෝගය ලබා දෙන්නේ යැයිද අමාත්‍යාංශය පැවසීය.

හමුදා ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අධියරය එක්සත් ජනපදය විසින් අවසන් කරමින් සිටියි.එහි ප්‍රතිඵලය වශයෙන් ඇති වූ වාතාවරණය සම්බන්ධවද එරට තෘප්තිමත්භාවයක් පෙන්වයි.ඔක්තෝම්බර් මස 23ද මාධ්‍ය සාකච්ඡාවකදී,ඊසානදිග සිරියාවේ වාතාවරණය සමථයකට පත්  කිරීමේ ගෞරවය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් භාර ගත්තේය.සටන් විරාමය ප්‍රශංසාවට භාජනය කල ඔහු,කුර්දි සටන්කාමීන්ට එරෙහිව තුර්කිය ආරම්භ කල යුද මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් එරට මත පැනවූ සම්බාධක ඉවත් කිරීමට ක්‍රියා කරන්නේ යැ‍යිද පැවසුවේය.සිරියාවේ තෙල් සම්පත ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල ඇමෙරිකානු සෙබලුන් සුළු පිරිසක් රදවා තබන බවට පලවන වාර්තා ට්‍රම්ප් විසින් තහවුරු කලේය.

මේ වෙද්දී සිරියාවේ සිදුවන දෑ දෙස බැලීමේදී පෙනී යන්නේ එක්සත් ජනපදය,රුසියාව සහ තුර්කිය ඇතුලු අර්බුදයට මැදිහත්වී සිටින සියලු පාර්ශ්වයන් ඊසානදිග සිරියාව සම්බන්ධ එකඟතාවය පිළිගන්නා බවත්,දේශපාලනික නිරාකරණයක් සඳහා ගමන් කරමින් සිටිති.මෙම සිදුවීම්වලින් ලොකුම පහර වැදුනේ බෙදුම්වාදී අදහස් දරන ඊසානදිග සිරියාවේ කුර්දි දේශපාලන සහ සන්නද්ධ කණ්ඩායම්වලටය.අවසන් ප්‍රතිඵලය හමුවේ අසතුටට පත් එකම පාර්ශ්වය වන්නේ ඊශ්‍රායලයයි.එරට තුර්කියේ ක්‍රියාමාර්ග දැඩිව හෙළා දැකීමටත්,සිරියාව සහ ඉරාකයේ කුර්දි බෙදුම්වාදයට ප්‍රසිද්ධියේ සහාය පළ කිරීමටත් ක්‍රියා කලේ කලාපය පුරා ඉරානීය බලපෑම ව්‍යාප්ත වීමට එරෙහි මෙවලමක් වශයෙන් කුර්දි ප්‍රජාව යොදා ගැනීමේ අරමුණින් යුතුවයි.සිරියාවේ අල්-ටන්ෆ් හි රැඳී සිටින ඇමෙරිකානු හමුදා ට්‍රම්ප් සහ ඔහුගේ ඊශ්‍රායල පාර්ශ්වකරුවන්ට අත්වැසිල්ලකි.

වර්තමාන තත්ත්වයන් හමුවේ,කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට සහ කුර්දි දේශපාලන සහ සන්නද්ධ කණ්ඩායම් සතු එකම විකල්පය වන්නේ නූතන සිරියාවට අනුකලනය වීමයි.ඔවුන් ආරක්ෂිත කලාප ගිවිසුම සම්පුර්ණ කිරීමට ප්‍රතික්ෂේප කලහොත් තුර්කිය හමුදාවට නැවත මෙහෙයුම ආරම්භ කරන්නට රුසියානු සහ සිරියානු හමුදාවේ අවසරය ලබා දෙන්නේ යැ‍යි මොස්කව් රජය කුර්දි පාර්ශ්වයට අනතුරු ඇඟවීමක්ද නිකුත් කරන ලදි.

කුර්දි මහජන ආරක්ෂක ඒකක ප්‍රමුඛ බෙදුම්වාදී කණ්ඩායම් ඩැමැස්කස් රජයට එරෙහිව සිදු කල බෙදුම්වාදී සටන සහ සිරියානු හමුදාව රක්කා සහ හසාකා පළාත්වලින් ඉවත් කර තැබීමට ගත් උත්සාහයක් මේ වෙද්දී අසාර්ථක වී තිබේ.කුර්දි නායකයෝ මෙම ක්‍රියාව දිගටම කරගෙන යෑමට ක්‍රියා කලහොත් මධ්‍යස්ථ විපක්ෂය ඇතුලුව සිරියාවේ බහුතරයක් දෙනා,කුර්දි ප්‍රජාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට වඩා විශාල තර්ජනයක් ලෙස දකිනු ඇත.

ඉදිරි මාසවලදී ඊසානදිග සිරියාවේ වාතාවරණය වඩාත් ස්ථාවර වනු ඇත.කෙසේවෙතත් 2019-2020 ශීත සෘතුවෙන් පසුව කුර්දි මහජන ආරක්ෂක ඒකක සහ කුර්දිස්ථාන කම්කරු පක්ෂයට සම්බන්ධ කණ්ඩායම් උතුරු සිරියාවේ,විශේෂයෙන්ම අෆ් රින් සහ තුර්කියේ ගිනිකොණදිග සහ නැගෙනහිර ඇනටොලියා කලාපවල කුර්දි ප්‍රජාව බහුල කොටස්වල ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරාවි.තුර්කියේ දැවැන්ත නගර වන අන්කාරා,ඉස්තාන්බුල්, ඉස්මියර් සහ ගාසින්ටෙප් ආදියේ කුර්දි ප්‍රහාර දියත් වේවි.ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක වනු ඇත්තේ හමුදාවට සම්බන්ධ පිරිස් සහ පහසුකම්,පොලිසිය සහ අනෙකුත් ආරක්ෂක අංශයන්ය.මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා සාර්ථක වුවත්,සිරියාව සහ කුර්දි සටන්කාමීන් කෙරෙහි ජනපති එර්ඩොගන්ගේ ප්‍රතිපත්තීන් වෙනස් කිරීමට ඒවා සමත් නොවනු ඇත.

සිරියාවේ අස්ථාවරත්වයට තුඩු දෙන තවත් ප්‍රදේශයක් වන්නේ අල්කයිඩා සංවිධානයට අනුබද්ධ කණ්ඩායම් සහ තුර්කි ප්‍රොක්සි හමුදා රැඳී සිටින මහා ඉඩ්ලිබ් කලාපයයි.ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයට ත්‍රස්තවාදීන් ඇතුලත් නැති බව ඩැමැස්කස් රජය සහ එහි මිත්‍රයෝ නිතරන්තරයෙන් පවසති.ඒ නිසා එම කලාපයේ සිටින ත්‍රස්තවාදීන් ඉවත් කිරීමේ වගකීම තුර්කියට පැවරේ.එසේ නැත්නම පසුගිය අගෝස්තුවේදී උතුරු හමාහි සිදු කල ආකාරයට සිරියානු හමුදාව පැමිණ එම කාර්යය ඉටු කරනු ඇත.

  • රුසියානු හමුදා පොලිස් හේවා සෙබලුන් 276කට වැඩි පිරිසක් සහ අමතර යුදෝපකරණ 33ක් සිරියාවේ දියත් කරන බව රුසියානු රජයේ පුවත් සේවය ඔක්තෝම්බර් මස 24දා වාර්තා කර තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශ මූලාශ්‍රයක් උපුටා දක්වමින්ය.සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව අමතර සෙබලුන් බොහෝවිට නැගෙනහිර යුප්‍රටීස් හි සිරියා-තුර්කි දේශසීමාව ඔස්සේ යොදවනු ඇත.
  • තුර්කිය සහ රුසියාව සෝචි නගරයේදී එකඟ වූ ගිවිසුමේ කොන්දේසි බලාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඔක්තෝම්බර් 23දා සිදු කෙරිණි.එහිදී රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සහ කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි ප්‍රධානී මස්ලම් අබ්ඩි අතර කතිකාවක් සිදුවිය.කුර්දි සටන්කාමීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් කුර්දි-තුර්කි ගැටලුවට සාමකාමී විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් කුර්දි නායකයා ජනපති පුටීන් හට සිය කෘතඥතාවය ප්‍රකාශ කලේය.තුර්කි දේශසීමාවේ කිලෝ මීටර් 30ක් පළල බිම් තීරුවේ වෙසෙන ජනතාව තම ගම්බිම් හැර යෑමේ අවශ්‍යතාවයක් නොමැති බවත්,රුසියානු සමූහාණ්ඩුවේ හමුදා පොලිසියේ ඒකක සහ සිරියානු දේශසීමා ආරක්ෂකයෝ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවත් අමාත්‍ය ෂොයිගු එහිදී ප්‍රකාශ කලේය.
  • කුර්දි සටන්කාමීන් ඊසානදිග සිරියාවේ තුර්කි දේශසීමාවෙන් පසුබැසීම ආරම්භ කලේ යැයි රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි වර්ෂිනින් ඔක්තෝම්බර් 24දා නිවේදනය කලේය.
  • ඔක්තෝම්බර් මස 24දා පෙරවරුවේ සිරියානු අරාබි හමුදාව සහ රුසියානු ගුවන් හමුදාව උතුරු ලටාකියා හි ත්‍රස්තවාදීන්ගේ ස්ථාන ඉලක්ක කරගෙන මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කලහ.සිරියානු සහ රුසියානු ගුවන් හමුදාවල යුද ගුවන් යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යොදාගෙන උතුරු ලටාකියා හි කොබානි නගරය ඇතුලුව ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කෙරිණි.ඊට අමතරව සිරියානු අරාබි හමුදාව කාලතුවක්කු සහ රොකට් විදින භාවිතා කරමින් ගොඩබිම් ප්‍රහාර දියත් කලේය.
  • රුසියාව සහ ඇමෙරිකාව සමග ඇති කර ගත් ගිවිසුම් උල්ලංඝනය කරමින් තුර්කියේ සහාය හිමි ජාතික සිරියානු හමුදාව නම් ප්‍රොක්සි හමුදා සන්ධානය උතුරු අල්-හසාකා හි කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ඔක්තෝම්බර් 24දා ප්‍රහාරයක් එල්ල කලහ.සානා පුවත් සේවය වාර්තා කල පරිදි දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ඇති විය.
  • ඔක්තෝම්බර් මස 24දා පෙරවරුවේ ඊසානදිග සිරියාවේ ටෙල් අබ්යාඩ් නගරයේ තුර්කි ප්‍රොක්සි හමුදා මූලස්ථානය අසල කාර් බෝම්බයක් පිපිරී ගියේය.ඉලක්ක කල මූලස්ථානය තුර්කි ප්‍රොක්සි හමුදාවක් වන සිරියානු ජාතික හමුදාවේ Glory Corps නම් කණ්ඩායමට අයත් වේ යැයි මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය නම් රාජ්‍ය නොවන සංවිධානය පැවසීය.එම සංවිධානයට අනුව ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලැබූහ.ප්‍රහාරයට වගකිව යුත්තේ කුර්දි සටන්කාමීන් යැ‍යි විපක්ෂ ක්‍රියාකාරීන් පවසති.


  • උතුරු අල්-හසාකා හි සිරියානු අරාබි හමුදාව ස්ථානගත වී සිටින ප්‍රදේශයට ඔක්තෝම්බර් මස 24දා පස්වරුවේ එල්ල වූ තුර්කි ප්‍රොක්සි හමුදා ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට හමුදාව සමත් වූයේය.ප්‍රහාරය මැඩපැවැත්වීමේදී සිරියානු හමුදා සෙබලුන් කිහිපදෙනෙක් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි රජයට පක්ෂපාතී ක්‍රියාකාරීන් පැවසීය.
  • සිරියානු අර්බුදයට දේශපාලන විසඳුමක් ලැබුණු පසුව තමන් සිරියානු හමුදාවට එක් වීම සඳහා කතිකාවකට සූදානම් යැ‍යි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා පැවසූ බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් රුසියාවේ RIA Novosti පුවත් සේවයට ඔක්තෝම්බර් මස 24දා ප්‍රකාශ කර තිබිණි.
  • ඔක්තෝම්බර් 24දා ඊසානදිග සිරියාවේ අල්-හසාකා හි කුර්දි සටන්කාමීන් සිදු කල ප්‍රහාර මාලාවක ප්‍රතිඵල වශයෙන් තුර්කි හමුදා සෙබලුන් පස්දෙනෙක් තුවාල ලැබුවේ යැ‍යි තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.නිල නිවේදනය සඳහන් පරිදි ඔවුන් තුවාල ලබා තිබෙන්නේ කුර්දි මහජන ආරක්ෂක ඒකක සහ කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ සටන්කරුවන් එල්ල කල ඩ්‍රෝන්,මෝටර් සහ සැහැල්ලු අවි ප්‍රහාර හේතුවෙනි.
  • සිරියාවේ ඊසානදිග කලාපයේ තෙල් නිධි ආශ්‍රිතව අලුතින් සෙබලුන් සහ යුද ටැංකි රැඳවීමට එක්සත් ජනපදය සැලසුම් කරමින් තිබේ යැ‍යි නිවුස්වීක් වෙබ් අඩවිය ඔක්තෝම්බර් මස 24දා වාර්තා කර තිබුණේ පෙන්ටගනයේ බලධාරියෙක් උපුටා දක්වමින්ය.එම වාර්තාවට අනුව එම ප්‍රදේශවලට ඒබ්‍රම්ස් යුද ටැංකි 30ක් යැවීමට නියමිතය.ඊසානදිග සිරියාවේ අල්-රමෙලාන් සහ අල්-ඔමර් ඇතුලු තෙල් නිධිවල පාලනය කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සතුය.ඇමෙරිකානු හමුදා එම තෙල් නිධි ආශ්‍රිතව දියත් කිරීමට සූදානම් වන්නේ ඒවාහි ආරක්ෂාව පිණිස යැයි පෙන්ටගනයේ මූලාශ්‍රය පවසා තිබේ.කුර්දි-ඩැමැස්කස් එකඟතාවයෙන් පසුව තෙල් නිධිවල පාලනය ඒවාහි නියම අයිතිකරු වන සිරියානු රජයට ලැබීම වැළැක්වීම ඇමෙරිකාවේ අරමුණයි.





source:southfront.org


රුසියා-තුර්කි ආරක්ෂිත කලාපය සිරියානු අර්බුදයේ ගමන් මාර්ගය හැඩ ගස්වන අයුරු රුසියා-තුර්කි ආරක්ෂිත කලාපය සිරියානු අර්බුදයේ ගමන් මාර්ගය හැඩ ගස්වන අයුරු Reviewed by HarshaLulzSec on October 30, 2019 Rating: 5

No comments:

Powered by Blogger.