රුසියානු මිසයිල සහ කාලතුවක්කු බලකා ප්‍රතිසංස්කරණය:විශ්ලේෂණය

analysis_russia_reforms_missile_and_artillery_troops

මිසයිල සහ කාලතුවක්කු බලකා හි කාර්ය සාධකතාවය වැඩි කිරීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අත්හදා බැලීමක් දියත් කලේය.අලුත් අවි සැලසුම් කිරීම සහ තිබෙන දෑ නවීකරණය කිරීමට අමතරව,පාබල සේනාංක,රෙජිමේන්තු සහ බ්‍රිගේඩ් වෙනුවෙන් අලුත් කාර්යමණ්ඩල අනුකෘතියක් කෙටුම්පත් කරන ලදි.සෙන්ටර්-2019 අභ්‍යාසයේදී අලුත් කාලතුවක්කු සංකල්පයක් පරීක්ෂාවට ලක් කරන ලදි.

කාලතුවක්කු බලකා ප්‍රතිසංස්කරණය බොහෝවිට බාහිර ලෝකයට විවෘත නොවේ.ආධුනිකයෙකුට නම් මෙම සංවර්ධනයන් අවුල් ජාලයක් ලෙස පෙනෙනු ඇත.උදාහරණයක් වශයෙන්,පාබල හමුදාවන්ට නුදුරු අනාගතයේදී ස්ව-බලයෙන් ක්‍රියාත්මක නවතම 2S35 කොලිට්සියා-එස් වී කාලතුවක්කු අවි ලැබේවි.ඊට සමගාමීව,සීතල යුද්ධයේ බූදලයක් වන දිගු දුර ස්ව-බලයෙන් ක්‍රියාත්මක පියන් 2S7 අවි සහ අධි බර 2S4 ටයුල්පන් මෝටාර් අවි ආරක්ෂක අමාත්‍යාංශය විසින් නැවත ගෙන්වයි.ඒ හැර,1990 දශකයේ මැදභාගයේදී නිෂ්පාදනය නවතා දැමූ ක්‍රස්නොපොල් නියාමක උණ්ඩ නැවත සේවයට එක් විය.

2S35 කොලිට්සියා-එස් වී කාලතුවක්කු අවි
2S35 කොලිට්සියා-එස් වී කාලතුවක්කු අවි පද්ධතිය

2S4 Tyulpan mortar
ටයුල්පන් මෝටාර් අවිය

නුදුරු අනාගතයේදී මිසයිල සහ කාලතුවක්කු බලකා කෙසේවේවිද සහ පැරණි අවි නැවත සේවයේ පිහිටුවන්නේ ඇයිද යන්න විශේෂඥයින් අවබෝධ කර ගැනීම අවශ්‍යය.මේවා හි කාර්යසාධනය තක්සේරු කරන්නේ ඒවාහි හැසිරවීමේදීය.මිසයිල සහ කාලතුවක්කු තථ්‍ය කාලයේදී ඉලක්කයේ තොරතුරු අත් කරගෙන ඒවා විනාශ කිරීම සිදු කල යුතුය.

Pion 2S7
පියන් 2S7 අවිය

මේ වෙද්දී එහි පළමු අධියරය ඉටුකරගෙන තිබේ.කාලතුවක්කු බලකා ඒකක ඩ්‍රෝන් යානා සහ ඉදිරි ආරක්ෂක වළලුවල ඒකකවලින් සෘජු තොරතුරු ලබා ගනියි.අවශ්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබන්නේ ස්ට්‍රෙලෙට්ස් නම් පෙරික්සුම් සහ සන්නිවේදන පද්ධතිය මගින්ය.කාලතුවක්කු සහ මිසයිල බලකා පද්ධතිය සිරියාවේදී සාර්ථකව භාවිතා කලහ.දැන් හමුදාව මුහුණු දී සිටින්නේ වඩාත් අසීරු කාර්යයකටය.

Strelets Control equipment and launching module
ස්ට්‍රෙලෙට්ස් නම් පෙරික්සුම් සහ සන්නිවේදන පද්ධතිය

මෙම බලකායන්ට පෙරික්සුම් ප්‍රහාරක බලකා (RUK) හඳුන්වාදෙන්නට පටන් ගත්තේය.ඔවුන් මෙහෙයුම් කරන්නේ පහත පරිදිය.ඩ්‍රෝන් යානා හෝ ස්ට්‍රෙලෙට්ස් පද්ධතිවලින් සන්නද්ධ සෙබලුන් බතරොයියක හෝ බල ඇණියක ඇතුලත්ය.අන්තර් ක්‍රියාව සිදුවන්නේ සෘජුවම ඩ්‍රෝන් යානා හෝ ස්ට්‍රෙලෙට්ස් පද්ධති සහිත කාලතුවක්කු බලකා සෙබලුන් අතරයි.කෙසේවෙතත් දැන් පෙරික්සුම් ප්‍රහාරක බලකා සංකල්පය යල්පැන ගොස් ඇතැයිද,නූතන අවශ්‍යතා සපුරාලන්නේ නැතැයිද හමුදා නායකත්වය විශ්වාස කරයි.එය නූතන යුද්ධ සහ අර්බුදවල ජාල කේන්ද්‍රීය මූලධර්මය මත පදනම්ව නිර්මාණය ක්ල පෙරික්සුම් වෙඩි බලකායක්(ROK) මගින් ප්‍රතිස්ථාපනය කර තිබේ.

ROK හි මෙහෙයුම සරලය.සංග්‍රාම භූමියේ සිටින සියලුම ඒකක ස්වයංක්‍රීය පාලන පද්ධතිවලින් සහ අනාවරණය කර ගත් ඉලක්ක සහිත වාර්තාවලින් සමන්විතය.තොරතුරු ලැබෙන්නේ ඩ්‍රෝන් යානා සහ ඉලෙක්ට්‍රොනික් පෙරික්සුම් හරහාය.එම දත්ත උත්තරීතර ආඥාව වෙත සම්ප්‍රේෂණය කෙරේ.මූලස්ථාන ඒ තොරතුරු භාවිතා කර කාලතුවක්කු ප්‍රහාරක ඒකක වෙත ඉලක්ක සම්බන්ධ දත්ත බෙදා හරියි.එහිදී ඔවුන් සංග්‍රාම භූමියේ උපායමාර්ගික සහ ක්‍රියාන්විත වාතාවරණයේ සිට දැනට තිබෙන කාලතුවක්කු උණ්ඩ ප්‍රමාණය සහ කාලගුණය ආදී අංග ගණනාවක් සැලකිල්ලට ගනියි.ස්ථානගත කර තිබෙන කාලතුවක්කුවලට ඉලක්කයේ ඛණ්ඩාංක සහ එය විනාශ කිරීමට ප්‍රමාණවත් උණ්ඩ ගණන සම්බන්ධව තොරතුරු ලැබේ. මෙහෙයුම සම්පූර්ණ කර ඊළඟ එකට යෑම රඳා පවතින්නේ සෙබලුන් මතයි.

ROK එහි ඵලදායිතාවයේ උපරිමයට පැමිණිය හැක්කේ මිසයිල සහ කාලතුවක්කු ඒකක තනි තොරතුරු අවකාශයකට අනුකලනය කිරීමෙන්ය.මිසයිල සහ කාලතුවක්කු බලකා නූතන ගුවන් විදුලි සහ ස්වයංක්‍රීය පාලන ටර්මිනල් පද්ධතිවලින් සන්නද්ධ කිරීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය 2015 වර්ෂයේ පටන් ක්‍රියා කරමින් සිටියි.

නවතම කොලිට්සියා-එස් වී,මස්ටා-එස් 2S19M2 වැනි මි.මි. 152හි ස්ව-බලයෙන් ක්‍රියාත්මක කාලතුවක්කු අවි සහ ටොර්නාඩෝ-එස් හා උරගන්-එම්1 යන මල්ටි බැරල් රොකට් පද්ධතීන් නිර්මාණය කෙරුණේ තනි තොරතුරු අවකාශයකට අනුකලනය කිරීම සඳහාය.පැරණි ඇකෙසියා 2S1,ගොවොස්ඩිකා 2S3,උරගන් සහ ග්‍රාඩ් ආදී මල්ටි බැරල් රොකට් පද්ධති ඒ සඳහා නවීකරණය කල යුතුය.ඒ සඳහා දැනටමත් කටයුතු සිදු කෙරෙමින් තිබෙන අතර ග්‍රාඩ් රොකට් පද්ධති නවීකරණය කිරීමේ වැඩසටහන 2019 වර්ෂයේදී දියත් කෙරිණි.

Msta-S 2S19M2
මස්ටා-එස් 2S19M2 අවි පද්ධතිය

දකුණුපස:ටොර්නාඩෝ-එස්  වම්පස:උරගන්-එම්1 මල්ටි බැරල් රොකට් පද්ධති

අලුත් අවි පද්ධති මෙන් නොව නවීකරණය කල අවි පද්ධති යම් සීමාවන්ට යටත් වේ.සංග්‍රාමික මෙහෙයුමක් ලැබුණු පසුව කොලිට්සියා,ටොර්නාඩෝ සහ උරගන්-එම්1 අවි පද්ධතීන් සියලුම ගණනය කිරීම් ස්වාධීනව සිදු කරයි.ඒවා සතු පාලන පද්ධතියට කාලතුවක්කු අවිය හෝ රොකට් විදිනය අවශ්‍ය ප්‍රහාරක කෝණයේ පිහිටුවීමේ හැකියාව තිබේ.මෙහෙයුම්කරුවාට තිබෙන්නේ ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය බටනය තද කිරීම පමණි.පැරණි අවිවල මෙවැනි මට්ටමේ ස්වයංක්‍රියාකාරීත්වයක් නොමැත.වෙඩි තැබීමට අවශ්‍ය දත්ත ලැබීමෙන් පසුව අවිය ස්ථානගත කල යුතු කෝණය,උණ්ඩ පාරිභෝජනය ගණනය කිරීම ආදී සියලු දෑ අවිය භාරව සිටින මෙහෙයුම්කරුවන් විසින් සිදු කල යුතුය.

Gvozdika 2S3, Grad
සිරියාවේ ඩාරා පළාතේ ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමට ගොවොස්ඩිකා හොවිත්සරයක් සහ ග්‍රාඩ් මල්ටි බැරල් රොකට් විදිනයක් භාවිතා කල අයුරු
අලුත් කාලතුවක්කු අවි ලබාදීමෙන් පසුව කාලතුවක්කු බලකා ඒකකවල අනුකෘතිය ප්‍රතිශෝධනය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත් විය.යාන්ත්‍රික රයිෆල් සහ යුද ටැංකි සේනාංකයේ කාලතුවක්කු රෙජිමේන්තු ,උරගන් බතරොයි ලබා ගැනීම ආරම්භ කිරීමෙන් පසුව මෙය සුවිශේෂී වී තිබේ.

මෑතක් වනතුරු කාලතුවක්කු බ්‍රිගේඩ්ස් පමණක් මල්ටි බැරල් රොකට් පද්ධතිවලින් සන්නද්ධ විය.නොවරදින ඉලක්කයක් සහිත රොකට් වලින් සන්නද්ධ නවතම උරගන්-එම්1 අවි නුදුරේදීම කාලතුවක්කු බ්‍රිගේඩ්ස් හි මල්ටි බැරල් රොකට් පද්ධතිවල ස්ථානයට ආදේශ වනු ඇත.අවි යාන්ත්‍රික පාබල සහ යුද ටැංකි සේනාංකවල වෙඩි බලය ශක්තිමත් කරාවි.එවැනි එක් මල්ටි බැරල් රොකට් බතරොයියක්  සතුරාට මහත් අපහසුතා ඇති කරන බලයකින් සමන්විතය.

කාලතුවක්කු බ්‍රිගේඩ්ස් සතු පැරණි නමුත් නවීකරණය කල මස්ටා-එස් 2S19,කොලිට්සියා-එස් වී සහ 2S19M2 මස්ටා-එස් අවි මගින් ප්‍රතිස්ථාපනය කරාවි.ඒවා සේවයෙන් ඉවත් කලද කාලතුවක්කු බල ඇණි සහ ඒකාබද්ධ අවි බ්‍රිගේඩ්ස් වල රෙජිමේන්තු මෙන්ම යාන්ත්‍රික පාබල හමුදා සහ යුද ටැංකි බ්‍රිගේඩ්ස් හි කාලතුවක්කු බල ඇණි සඳහා අනියුක්ත කරනු ඇත.

ඇදගෙන යන කාලතුවක්කු අවිවල ඉහළ ඵලදායිතාවය සිරියානු සංග්‍රාමික අත්දැකීම මගින් තහවුරු කලේය.D-30 සහ මස්ටා-බී 2A65 හොවිත්සර අවි බතරොයි සහ බල ඇණි කිලෝමීටර් සිය ගණනක් දුර ගෙන යා හැකිය.කෙසේවෙතත්,ට්‍රැක් මත ධාවනය වන අවි එවැනි ජංගමතාවයක් නොපෙන්වයි.මුලදී අපේක්ෂා කලේ ඇදගෙන යන කාලතුවක්කු අවිවල ස්ථානය මෝටර් රියක් මත සවි කල කොලිට්සියා-එස් වී  අවියෙන්(මි.මී. 152 අවියක් සමග 8x8 රථයක්) ප්‍රතිස්ථාපනය කරනු ඇතැයි කියාය.කෙසේවෙතත්,රෝද සහිත කාලතුවක්කු අවිවලට වඩා ඇදගෙන යන හොවිස්තර අවි වැඩි වාසි අත් කර ගන්නා බව සිරියානු යුද්ධ අත්දැකීම් පෙන්වා දුන්හ.ඒ නිසා පාබල හමුදා ඉදිරියටත් ඇදගෙන යා හැකි මස්ටා-බී 2A65 හොවිත්සර සහිත කාලතුවක්කු බ්‍රිගේඩයන් සේවයේ තබා ගනිවි.ඒවා ඇදගෙන යා හැකි කොලිට්සියා-එස් වී  අවි මගින් ප්‍රතිස්ථාපනය කෙරේවිද යන්න අපැහැදිලිය.ආරක්ෂක අමාත්‍යාංශ එවැනි සැලසුම් සම්බන්ධව හඬ අවධි කලද,මේ දක්වා ඇදගෙන යා හැකි කොලිට්සියා අවියක් නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ කර නොමැත.

ඇමෙරිකානු සෙබලුන් D-30 හොවිත්සරයක් සමග කටයුතු කරන අයුරු

Msta-B 2A65 howitzer in syria
සිරියානු අරාබි හමුදාවට රුසියාව ලබා දුන් මස්ටා-බී 2A65 හොවිත්සරයක්

2000 දශකයේ මුල් භාගයේදී විශ්‍රාම ගැන්වූ ඇදගෙන යන මි.මී. 122 D-30 හොවිත්සර අවි සිරියාවේදී දෙවන පණ ලැබුවේය.කාලතුවක්කු අවි වාසර බලකා සමග ඉදිරියටත් භාවිතා කරනු ඇතත්,නුදුරු අනාගතයේදී පාබල හමුදාවල සේවයට පැමිණේවි යැයි මූලාශ්‍ර පවසයි.





source:armyrecognition.com


රුසියානු මිසයිල සහ කාලතුවක්කු බලකා ප්‍රතිසංස්කරණය:විශ්ලේෂණය රුසියානු මිසයිල සහ කාලතුවක්කු බලකා ප්‍රතිසංස්කරණය:විශ්ලේෂණය Reviewed by HarshaLulzSec on October 29, 2019 Rating: 5

No comments:

Powered by Blogger.